
(ආරියරත්න රණබාහු)
2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත්මන් විනාශයට වග යුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇතැයි කී ඇය ඔවුන් දෙදෙනාම තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ බව කීවාය කෙසේ වෙතත් නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා වැඩබලන සභාපති ධූරය දරන ලංකා නිදහස් පක්ෂය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කී ඇය තමා එහි තනතුරක් බාර නොගන්නා නමුත් පක්ෂය ආරක්ෂා කරගෙන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බව කිවාය.
හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ අද උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කරපු කොයි දෙයද හරි කියන්න පුළුවන්? වරක් කිවා මහින්ද ජනපති කරවීම ඔබ කළ වරදක් කියලා . ඒ වගේම වරක් කියනවා 2001 පත්වූ එජාප රජය විසිරවිම වරදක් කියලා . ඒවා වරදවල් නම් ඉන් රටට සිදුවූ පාඩුවට ඔබ වග කියනවද ? ඔබේ කාලේ කරපු කෙන් ගෙඩියක් නැහැ . බැද්දගානේ සංජිව කියන පාතාලය පීඑස්ඩී එකේ සාජන් කෙනෙක් කලේ අපිද ? එනිසා පින්සිද්ද වෙයි දැන්වත් පැත්තකට වෙලා ඉන්නවද ?
අනේ නිකන් යන්න ... ඔයා කරපු තරම ඇති මේකේ
රටේම ජනතාව විස්කි මැඩම්ව ජනපතිනිය කරපු එක තමයි, ලොකුම ගොං කම ...රට අයාලේ ගිය තවත් වසර 11 ක් ...
වෙන්න ඕනේ සේරම දැන් වෙලා ඉවර උනාට පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ
1944 අගෝස්තු හෝ ඊට ආසන්න දින වල බණ්ඩාරනායක උන්නැහේ ආරක්ෂා වුණා නම් මේ මොකුත් ප්‍රශ්න නෑනෙ...
කටට වැටක් නැති නිසා මේවා එළියට එනවා. කවුද මහින්දව නම් කළේ? ඔයාම නේද? ඔයා මොනවාද රටට කළේ? ඔයාගේ තාත්තා මොකක්ද කළේ? සිංහල රාජ්‍ය භාෂාව කිරීම නේද? ඒ නිසාම අද ලන්කාවේ මිනිස්සු ඉංග්‍රීසි ඉස්සරහ කොරවෙනවා. පස්සට යනවා. මේ රට කෑවේ දේශපාලකයින්...
බලාගෙන ගියාම මෙයානේ ඔක්කොම කරලා තියෙන්නේ... එතකොට ඡන්දෙ තිබ්බේ අපරාදේ...!
ගිය අකුරට නාඬන්නේ... තියෙන අකුර රැකගන්නේ...!
හීනමානය, උද්දච්ච, වලව් ඌෂ්ණය තියෙන තවත් කෙනෙක් මේ. හිතන්නේ තවම.... මේ රටේ ඉන්නේ වහල්ලු කියලා. එතකොට ඔයාව 1994 ගෙනාපු එකද හරි?
ඔයා දේශපාලන බලය තියාගන කරපු සේරම වැරදි තමා. රටට යහපත් කිසි දෙයක් කලේ නැහැ. එදා කොටි ත්‍රස්ටහ්යන්ට සුනාමි අන්තර් පාලනය මන්ඩලයක් දෙන්න උත්සාහ කළා. ජනතා විමුක්ති පෙරමුණ නිසා බේරුනා. එදා බලයේ ඉඳිද්දී හමුදා නිලධාරීන්ගේ උපදෙස් නොතකා අසාර්ථක ජය සිකුරු මෙහයුමක් කරලා විනාශයක් කළා. එදා 1994 දී පොරුන්දු පරිදි විධායක ජනාධිපති දුරය අහෝසි කළා නම්, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය සහ රනිල් බලයට එන්නත් නැහැ, රට මෙතරම් විනාශයට යන්නෙත් නැහැ.
ඔයා පත් කල එක අපි කල ලොකු වරදක්.
ඔව්, ඒක තමයි හරි. ඇයි වැරදිද? ඒ දේ එදා කළේ ඇයි කියලා දන්නවාද? ඵදා ජවිපෙයි, යූ.ඇන්.පී යයි මිනිස්සු මරමින් කරපු විනාසේ ඌෂ්නේ වත් දැනිලා තියෙනවාද? එහෙම නම් ඔහොම කියන්නේ නෑ ඔහේ. ඒ ගැන වාදයක් ඕනේද?
ඔයා පත්කළ එක අපි කළ ලොකු වරදක්...!
ඔබතුමිය විතරක් නෙවෙයි ,මහ උන්දෑලා පවා රටට කෙරුවේ ලොකු වරදක් කියලා ඉතිහාසේ දන්න අය කියාවී.
ඔයාව ජනපති කරලා අපිත් ලොකු වරදක් කරගත්තේ
මෛත්‍රීපාල සිරිසේන පමණක් නොවෙයි ඔබව ජනාධිපතිනිය ලෙස පත්කර ගැනීමත් මේ රටේ මිනිසුන් කල විශාල වරදක්.ඔබට චවුර රැජින කියන්නේ ඇයි ? බොරු නොවෙයි නේද ? කැතයි ! ලැජ්ජයි !! හිරිකිතයි !!!
ඔබතුමී හරි කියලා එක දෙයක්වත් කලාද?තමන්ගේ මනුස්සයා මරපු ජේවීපී කාරයෝ පූට්ටු කරගෙන උන්ට රට කන්න දුන්නා.රටේ ආර්ථිකය ගොඩදමන්න කටයුතු කල රනිල් රජය එලවලා දැම්මා.ඇමති වරුන් සතුටු කරන්න එයාලට රුචි විදියට යකා නටන්න දුන්නා.ඔබතුමියගේ අම්මා වගේ රටේ ආර්ථිකය වනසන්න පියවරවල් ඉතා සාර්ථක ලෙස අරගත්තා.
මුන් සේරමලව ජනාදිපති කරපු එක ජනතාව කේරුවෙ ලොකු මෝඩකමක් එකෙකුට මොලයක් නැහැ. හිගා කකා චන්දෙ අර්න් හොදට සැප ගත්තු එක කෙරුවෙ මහ පාරට තාර දැම්මා මිසක් ඒකත් ගැලවිලා යනවා වැස්සට. මහ එකයි එකියි ගොන් රෑනයි මාරුවෙන් මාරුවට ඇවිත් සැප ගන්නවා
ඔයා ජනපති කරපු එකට ජනතාව සතුටින් ඉන්නවා කියලද හිතන්නෙ. දැන් ඔය කාල්ල්ව රිංගව ගන්නනේ දඟලන්නෙ
සිරිමාවොයි බන්ඩාරණයක උන්නැහේ එකුතු වෙලා 44 අග භාගයේ තමා ලොකුම වැරැද්ද කරේ !
ඇයි මැඩම් 2005 ජනාධිපතිවරණය වෙලාවෙ තමන්ගෙ මල්ලි පැත්තකට දමල මයින්ද මහත්තෙයා පක්ෂයේ නායකයා කරල පක්ෂය විනාශ කලේ අපිද .ඊළඟට ඔහේගෙ මල්ලි සිත්වේදනාවෙන් අකාලයේ මියගියේ මැඩම්ගෙ වැරදි නිසා නොවෙයිද .ඔබතුමිය වික්ටර් අයිවන්ගෙ පොත කියෙව්වෙ නැතෙයි කවුරු මොනවා කිව්වත් බල ලොබිත්වයෙන් ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂය පිහිටුවීම හා පක්ෂයේ අභිප්‍රායන් ක්‍රියාත්මක වීමෙන් රටේ විනාශයට හේතුවක් වුනා කියලා තවත් අවුරුදු පනහකට පස්සෙ ජනතාව කියාවි