IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී ජනපති කිරීම මා කළ ලොකු වරදක්

(ආරියරත්න රණබාහු)

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත්මන් විනාශයට වග යුතු පුද්ගලයින් දෙදෙනෙකු ඇතැයි කී ඇය ඔවුන් දෙදෙනාම තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ බව කීවාය කෙසේ වෙතත් නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයා වැඩබලන සභාපති ධූරය දරන ලංකා නිදහස් පක්ෂය නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි කී ඇය තමා එහි තනතුරක් බාර නොගන්නා නමුත් පක්ෂය ආරක්ෂා කරගෙන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බව කිවාය.

හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ අද උදෑසන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදීය



අදහස් (24)

මෛත්‍රී ජනපති කිරීම මා කළ ලොකු වරදක්

sudda Monday, 29 April 2024 03:16 PM

ඔයා කරපු කොයි දෙයද හරි කියන්න පුළුවන්? වරක් කිවා මහින්ද ජනපති කරවීම ඔබ කළ වරදක් කියලා . ඒ වගේම වරක් කියනවා 2001 පත්වූ එජාප රජය විසිරවිම වරදක් කියලා . ඒවා වරදවල් නම් ඉන් රටට සිදුවූ පාඩුවට ඔබ වග කියනවද ? ඔබේ කාලේ කරපු කෙන් ගෙඩියක් නැහැ . බැද්දගානේ සංජිව කියන පාතාලය පීඑස්ඩී එකේ සාජන් කෙනෙක් කලේ අපිද ? එනිසා පින්සිද්ද වෙයි දැන්වත් පැත්තකට වෙලා ඉන්නවද ?

:       7       117

Lakmal Monday, 29 April 2024 03:17 PM

අනේ නිකන් යන්න ... ඔයා කරපු තරම ඇති මේකේ

:       5       81

පිටරටවැසියා Monday, 29 April 2024 03:31 PM

රටේම ජනතාව විස්කි මැඩම්ව ජනපතිනිය කරපු එක තමයි, ලොකුම ගොං කම ...රට අයාලේ ගිය තවත් වසර 11 ක් ...

:       7       97

dupulMonday, 29 April 2024 03:48 PM

එක තමයි මිනිස්සුන්ට කරපු ලොකුම වරදක් තමයි මෙය

:       1       14

wimansha ranasinghe Monday, 29 April 2024 03:38 PM

වෙන්න ඕනේ සේරම දැන් වෙලා ඉවර උනාට පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ

:       3       62

එස් ඩබ්ලිව් ආර් ඩී Monday, 29 April 2024 03:42 PM

1944 අගෝස්තු හෝ ඊට ආසන්න දින වල බණ්ඩාරනායක උන්නැහේ ආරක්ෂා වුණා නම් මේ මොකුත් ප්‍රශ්න නෑනෙ...

:       5       60

Midwife Monday, 29 April 2024 11:51 PM

ඒ දවස්වල ප්‍රීති කොපු තිබුනේ නැහැනේ.ඒ නිසයි ඔය අනවශ්‍ය කාලකන්නි බෝවුනේ.

:       0       0

Buddika Monday, 29 April 2024 04:07 PM

කටට වැටක් නැති නිසා මේවා එළියට එනවා. කවුද මහින්දව නම් කළේ? ඔයාම නේද? ඔයා මොනවාද රටට කළේ? ඔයාගේ තාත්තා මොකක්ද කළේ? සිංහල රාජ්‍ය භාෂාව කිරීම නේද? ඒ නිසාම අද ලන්කාවේ මිනිස්සු ඉංග්‍රීසි ඉස්සරහ කොරවෙනවා. පස්සට යනවා. මේ රට කෑවේ දේශපාලකයින්...

:       8       51

lankaputha Monday, 29 April 2024 04:10 PM

බලාගෙන ගියාම මෙයානේ ඔක්කොම කරලා තියෙන්නේ... එතකොට ඡන්දෙ තිබ්බේ අපරාදේ...!

:       3       43

Bunny Preena Monday, 29 April 2024 04:12 PM

ගිය අකුරට නාඬන්නේ... තියෙන අකුර රැකගන්නේ...!

:       4       20

මහසෙන් Monday, 29 April 2024 04:13 PM

හීනමානය, උද්දච්ච, වලව් ඌෂ්ණය තියෙන තවත් කෙනෙක් මේ. හිතන්නේ තවම.... මේ රටේ ඉන්නේ වහල්ලු කියලා. එතකොට ඔයාව 1994 ගෙනාපු එකද හරි?

:       3       43

බණ්ඩාMonday, 29 April 2024 05:16 PM

ඔව්, ඒක තමයි හරි. ඇයි වැරැදිද? ඒ දේ එදා කළ‍ේ ඇයි කියලා දන්නවාද​? ඵදා ජවිපෙයි, යූ. ඇන්. පී යයි මිනිස්සු මරමින් කරපු විනාසේ ඌෂ්නේ වත් දැනිලා තියෙනවාද​? එහෙම නම් ඔහොම කියන්නේ නෑ ඔහේ. ඒ ගැන වාදයක් ඕනේද​?

:       14       5

Hafeel Monday, 29 April 2024 04:34 PM

ඔයා දේශපාලන බලය තියාගන කරපු සේරම වැරදි තමා. රටට යහපත් කිසි දෙයක් කලේ නැහැ. එදා කොටි ත්‍රස්ටහ්යන්ට සුනාමි අන්තර් පාලනය මන්ඩලයක් දෙන්න උත්සාහ කළා. ජනතා විමුක්ති පෙරමුණ නිසා බේරුනා. එදා බලයේ ඉඳිද්දී හමුදා නිලධාරීන්ගේ උපදෙස් නොතකා අසාර්ථක ජය සිකුරු මෙහයුමක් කරලා විනාශයක් කළා. එදා 1994 දී පොරුන්දු පරිදි විධායක ජනාධිපති දුරය අහෝසි කළා නම්, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය සහ රනිල් බලයට එන්නත් නැහැ, රට මෙතරම් විනාශයට යන්නෙත් නැහැ.

:       4       42

priyanga Monday, 29 April 2024 04:45 PM

ඔයා පත් කල එක අපි කල ලොකු වරදක්.

:       2       41

බණ්ඩා Monday, 29 April 2024 05:15 PM

ඔව්, ඒක තමයි හරි. ඇයි වැරදිද? ඒ දේ එදා කළේ ඇයි කියලා දන්නවාද​? ඵදා ජවිපෙයි, යූ.ඇන්.පී යයි මිනිස්සු මරමින් කරපු විනාසේ ඌෂ්නේ වත් දැනිලා තියෙනවාද​? එහෙම නම් ඔහොම කියන්නේ නෑ ඔහේ. ඒ ගැන වාදයක් ඕනේද​?

:       14       3

Sanura Monday, 29 April 2024 05:20 PM

ඔයා පත්කළ එක අපි කළ ලොකු වරදක්...!

:       2       35

ගමේ එකාලා Monday, 29 April 2024 06:00 PM

ඔබතුමිය විතරක් නෙවෙයි ,මහ උන්දෑලා පවා රටට කෙරුවේ ලොකු වරදක් කියලා ඉතිහාසේ දන්න අය කියාවී.

:       4       11

Aravinda Monarawila Monday, 29 April 2024 06:13 PM

ඔයාව ජනපති කරලා අපිත් ලොකු වරදක් කරගත්තේ

:       2       21

විජිත් Monday, 29 April 2024 11:47 PM

මෛත්‍රීපාල සිරිසේන පමණක් නොවෙයි ඔබව ජනාධිපතිනිය ලෙස පත්කර ගැනීමත් මේ රටේ මිනිසුන් කල විශාල වරදක්.ඔබට චවුර රැජින කියන්නේ ඇයි ? බොරු නොවෙයි නේද ? කැතයි ! ලැජ්ජයි !! හිරිකිතයි !!!

:       0       1

ෂෙල්ටන් Tuesday, 30 April 2024 05:36 AM

ඔබතුමී හරි කියලා එක දෙයක්වත් කලාද?තමන්ගේ මනුස්සයා මරපු ජේවීපී කාරයෝ පූට්ටු කරගෙන උන්ට රට කන්න දුන්නා.රටේ ආර්ථිකය ගොඩදමන්න කටයුතු කල රනිල් රජය එලවලා දැම්මා.ඇමති වරුන් සතුටු කරන්න එයාලට රුචි විදියට යකා නටන්න දුන්නා.ඔබතුමියගේ අම්මා වගේ රටේ ආර්ථිකය වනසන්න පියවරවල් ඉතා සාර්ථක ලෙස අරගත්තා.

:       0       1

චතුරි Tuesday, 30 April 2024 05:39 AM

මුන් සේරමලව ජනාදිපති කරපු එක ජනතාව කේරුවෙ ලොකු මෝඩකමක් එකෙකුට මොලයක් නැහැ. හිගා කකා චන්දෙ අර්න් හොදට සැප ගත්තු එක කෙරුවෙ මහ පාරට තාර දැම්මා මිසක් ඒකත් ගැලවිලා යනවා වැස්සට. මහ එකයි එකියි ගොන් රෑනයි මාරුවෙන් මාරුවට ඇවිත් සැප ගන්නවා

:       0       1

කුමාර Tuesday, 30 April 2024 06:37 AM

ඔයා ජනපති කරපු එකට ජනතාව සතුටින් ඉන්නවා කියලද හිතන්නෙ. දැන් ඔය කාල්ල්ව රිංගව ගන්නනේ දඟලන්නෙ

:       0       1

අපකීර්ති වර්ණකුලසූරිය Tuesday, 30 April 2024 07:13 AM

සිරිමාවොයි බන්ඩාරණයක උන්නැහේ එකුතු වෙලා 44 අග භාගයේ තමා ලොකුම වැරැද්ද කරේ !

:       0       1

D.J.R Embilipitiya Tuesday, 30 April 2024 08:58 AM

ඇයි මැඩම් 2005 ජනාධිපතිවරණය වෙලාවෙ තමන්ගෙ මල්ලි පැත්තකට දමල මයින්ද මහත්තෙයා පක්ෂයේ නායකයා කරල පක්ෂය විනාශ කලේ අපිද .ඊළඟට ඔහේගෙ මල්ලි සිත්වේදනාවෙන් අකාලයේ මියගියේ මැඩම්ගෙ වැරදි නිසා නොවෙයිද .ඔබතුමිය වික්ටර් අයිවන්ගෙ පොත කියෙව්වෙ නැතෙයි කවුරු මොනවා කිව්වත් බල ලොබිත්වයෙන් ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂය පිහිටුවීම හා පක්ෂයේ අභිප්‍රායන් ක්‍රියාත්මක වීමෙන් රටේ විනාශයට හේතුවක් වුනා කියලා තවත් අවුරුදු පනහකට පස්සෙ ජනතාව කියාවි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 173 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2062 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site