(ෂේන් සෙනෙවිරත්න)
පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු බන්ධනාගාරයේ කාමරයක් තුළ තිබූ ටියුබ්ලයිටයක් බිඳ ගිල දැමීම හේතුවෙන්ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එම රැඳවියා විසින් සිදු කරන ලද සොරකම් කිහිපයක් හේතුවෙන් ඊට වරදකරු වී 2022 වසරේදී පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව තිබේ .
උදරයේ දැවිල්ල සහ වේදනාව හේතුවෙන් එම රැඳවියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ උදරයේ ස්කෑන්පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
එම රැඳවියා පොලිසියට පවසා ඇත්තේ තමන් ළඟ ජංගම දුරකථනයක්ති බේදැයි ප්‍රශ්න කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුව කාමරයකට රැගෙන ගොස් පහර දුන් අවස්ථාවේදී එම කාමරයේ තිබූ ටියුබ්ල යිට් එකක් ගලවා කඩා එය සපා ගිල දැමූ බවයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd