
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා ගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 602 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000ක්) පමණක් වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය කිලෝ 86 ක් ඉන්දීය මුහුදු සීමාවට පැමිණි සැක සහිත පාකිස්තාන බෝට්ටුවක තිබී අත් අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන ඒකකය සහ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඉන්දීය වෙරළාරක්ෂකයන් සමත් වී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
බෝට්ටුව සමඟ පකිස්තාන ජාතිකයන් 14 දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙම මත් ද්‍රව්‍ය තොගය පාකිස්තාන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හජී අස්ලාම්ට අයත් බවට තොරතුරු ලැබුණු බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.අස්ලාම් ඉන්දියාව හරහා මත් ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පැවැසුවේය.
එලෙස ඉන්දීය මුහුදු සීමාවට ගෙන මත් ද්‍රව්‍ය තොගය ඉන්දීය බෝට්ටුවකට පටවා තමිල්නාඩුවට රැගෙන යාමට සැලැසුම් කර තිබී ඇති බවත් පසුව එම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ සිටින මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට බාර දීමට සැලසුම් කර ඇති බවත් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.ජාවාරම්කරුවන් පකිස්තාන බෝට්ටුව අලී ලෙස හඳුන්වා ඇති බවත් එම මත්ද්‍රව්‍ය පැටවීමට නියමිතව තිබූ ඉන්දීය බෝට්ටුව හේඩර් ලෙස හඳුන්වා ඇති බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පැවැසුවේය.
එම මත් ද්‍රව්‍ය කිලෝ 86 පැකට් 78 කට අසුරා තිබී ඇති බවත් එම මත් ද්‍රව්‍ය තොගය අයිස් ලෙස හඳුන්වන මත් ද්‍රව්‍ය වර්ගයට අයත් බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට ගේන්න හැදූ මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් අල්ලයි
wedage Monday, 29 April 2024 04:13 PM
පින්තූර දාන එක හොඳයි...!