( ෂේන් සෙනෙවිරත්න )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ .
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් මල්වතු මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පක්ෂයේ සැබෑ අයිතිකරුවන් කවුද යන ප්‍රශ්නය නිරාකරණය කරගත යුතුව තිබෙන්නේ අධිකරණය මගින් පමණක් බවයි .
පක්ෂ ව්‍යවස්ථාවක් තිබෙන බැවින් අධිකරණය මගින් ඉදිරියේදී සාධාරණ තීන්දුවක් ලබාදෙනු ඇතැයි ද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය .
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ වෙනම දේශපාලන පක්ෂයක් සමග ගමන් කළ යුතු යැයි සිතන පිරිසක් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙන බවයි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයන් 116 දෙනෙකු ඒකමතිකව වැඩ බලන සභාපති ලෙස තමන්ම තෝරාගත් බව අවධාරණය කළ අමාත්‍යවරයා ඒකපාර්ශවීය ලෙස ගොස් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වාරණ නියෝගයක් ලබාදී තිබෙන බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවද පැවසීය .
සැඟවුණු න්‍යාය පත්‍ර හා යටි අරමුණු තිබෙන කණ්ඩායමක් විසින් විවිධ සැලසුම් සකස් කරමින් තිබෙන බව අවධාරණය කළ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගනු ලබන්නේ බහුතර කැමැත්ත මත පමණක් කියයිද පැවසීය .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්‍යන්ත මිත්‍රපාල, සරත් ඒකනායක, සජින් ද වාස් ගුණවර්ධන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට නම් කිසි ප්‍රශ්නයක් නෑ. මිනිස්සුන්ට ඕවා ගාණක්වත් නෑ...!
අනේ අපේ හාමුදුරුවනේ ජනතාවට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ,ඕක තිබුනත් එකයි ,ඕක කෙලවෙලා ගියත් එකයි .ඔය පක්ෂේ දැන් රටට වැඩක් නැහැ ,ඕකත් අන්තිමට රනිල් සරණ යන පක්ෂයක්
දැනට සිටින පැරැණිතම සාමාජිකයින්ට පක්ෂයේ අයිතිය තියෙනවා නම් හොඳයි... සාමාජිකත්වයේ ජ්‍යේෂ්ඨත්වය මත මෙතෙක් පක්ෂයෙන් බැහැරව නොගිය අයගෙන් අයිතිය තීරණය කළොත් පක්ෂය වෙනුවෙන් කොට ඇදපු අලින්ටම පෙරහැරේ යන්න පුළුවන් වෙනවා. ඒක සාධාරණයි...!
තනතුරු ගන්න කලින් උන් වහන්සේලා ඉන්නවාද නැද්ද? උපදේශයක් ගත යුතුද? නැද්ද කියලා හොයලා බලන්නේ නැහැ.. කෙලවුණාම පලතුරු වට්ටි අරන් දුවනවා දේවාලේ යනවා වගේ
මේ විජේදාස අනුන්ට ඇඟිල්ල දිගු කරන්නට කලින්, ඔහු දැනගත යුතුයි.. දැන් ඔහු කොහේද, මොන පක්ෂයේද ඉන්නේ කියලා. ඡන්දය ඉල්ලුවේ පොහොට්ටුවෙන්, දැන් නියෝජනය රනිල් පාර්ශවය, ජනාධිපතිවරණයට තරග කරන්න ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. මෙයා කියන පරිදි "වෙනම දේශපාලන පක්ෂයක් සමග ගමන් කළ යුතු යැයි සිතන පිරිසක් අධිකරණයට ගොස් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා" කියලා. ඔහුත් ගමන් කරන්නේ හරියටද?
මේ රටේ තියන ලොකුම ප්‍රශ්නය තේරුම් ගත් ඔබ වහන්සේට අපේ ප්‍රණාමය
දැන් ඔය නායක හාමුදුරැවො කියල මහ ලොකුවට හිතාගන ඉන්න ඔබ වහන්සේල ඉන්නේ දේශපාලනය කරන්නද බුදු දහම රකින්නද කියන්න ඉස්සරලා ඔය පක්ෂ අපට තිබුනත් එකයි නැතත් එකයි මොනුනු්ද ඔිකෙ ඉන්නෙ රට හදන එවුන් ද හොරා කන්න ආපු උන්. සියලු සැප පහසුකම් සහිතව ඔතනට වෙලා ඉන්නව එහෙමද බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ගමි නියමි ගමි වලට ගිහින් මහජනයාගෙ හිතසුව පිනිස ධර්මය දේශනා කරන්න කියල ඔබ වහන්සේලා ඈත ගමිවල තියන පන්සල් වලට ගිහින් බන කියන්න එතකොට මිනිස්සු එනව නැතුව මෙි රටෙි හොරා කන එවුන්ට උපදෙස් දෙන එකද