IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම

(මනෝප්‍රිය ගුණසේකර)

කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නඩුවේ සෙසු විත්තිකරුවක් දෙදෙනා නිදොස් කොට නිදහස් කළේය.

චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා වීරසාමී අලගේස්වර විශ්වනාදන් හා තුවාන් අසීස් රාමනාදන් නමැති විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා මොහොමඩ් නජීම් හා කොලින් වීරන් නමැති විත්තිකරුවන්  සියළු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කළේය.

2022 අගෝසතු 05 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පිටකොටුව ගෑස්පහ හන්දිය ප්‍රදේශයේදී අයුතු ජනරාශියක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් සිග්ගයියා නඩේශන් නැමැත්තා කපාකොටා ඝාතනය කළ බවට විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.

කොණ්ඩා කපන ස්ථානයකදී ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසුව විත්තිකරුවන් විසින් නඩේශන් නැමැත්තා පිහහි වලින් කපාකොටා ඝාතනය කර ඇතැයි නඩු විභගයේදී කරුණු අනාවරණය විය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ විශ්ව විජේසූරිය මහතා පෙනී සිටියේය.



අදහස් (0)

පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site