IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහජන ආරක්ෂක අමාත්‍යංශයේ චෝදනාවට නීතීඥ සංගමයෙන් පිළිතුරක්

(ගයාන් සූරියආරච්චි)

උද්දච්ච ප්‍රකාශ නිකුත් කිරීම වැදගත් නොවන බවත් වැදගත් වනුයේ නීතියට අවනතවීම බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේ සියයට 99ක්ම අධිකරණ කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරනුයේත් නීතීඥයන් බවත් ඒ නිසා මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවකු වෙනුවෙන් ඕනෑම මුදලක් අයකර ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරුන්ට හැකියාව තිබෙන බවත් කෞෂල්‍ය නවරත්න මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ මත්ද්‍රව්‍ය හා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන්වලින් මුදල් උපයන නීතීඥයන් පිළිබදව මහජන ආරක්ෂ අමාත්‍යාංශය මගින් හෙළිකරන බවට මාධ්‍ය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ විමසීමකදීය.



අදහස් (7)

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ චෝදනාවට නීතීඥ සංගමයෙන් පිළිතුරක්

මහසෙන් Monday, 29 April 2024 04:16 PM

ඔව් පෙනීඉන්න පුළුවන්. ඩොක්ටලාට ඕනෑම ගානක් ප්‍රයිවට් චැනල් වලට නියම කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දෙගොල්ලන්ම ඉන්නේ නීතියට උඩින්නේ නේද?

:       1       36

Hafeel Monday, 29 April 2024 04:23 PM

මේ පොලිස් ඇමැති එදා කොටි ත්‍රස්තවාදීන්ට මුදල් දෙන්න කපුකම් කළ නඩුවටත් සහ රාඩා ආයතන හරහා උතුරේ නිවාස ඉදිරි කරනවයි කියපු වංචා නඩුවල වෙනුවෙනුත් ඉදිරිපත් වුනෙත් නීතීඥයින් තමයි. එදා ඕවා හරි නම්, අද කොහොමද වැරැදි වෙන්නේ...? මේ ජනාධිපති පත් කළ ඇමැති මණ්ඩලයත්, මහ කොමසාරිස්ලත්, පොලිස්පතිත් කිසිසේත්ම සුදුසු නැහැ.

:       20       13

අබිලින් Monday, 29 April 2024 04:36 PM

ඔවුන්ට ඕනෑම මුදලක් අයකර මත්ද්‍රව්‍ය ජාවාරමුන් වෙනුවෙන් පෙනීසිටීමට කිසිම ගැටලුවක් නැහැ .ඒක එතුමන්ලාගේ අයිතියක් කියන්න පුළුවන් .ඒත් ඉතින් ඔවුන්ගේ එම ක්‍රියාවන් නිසා රටට වෙන්න පුළුවන් මොකක්ද කියලා නම් හිතාගන්න හරිම අමාරුයි

:       2       42

Perera Tuesday, 30 April 2024 12:29 AM

කුඩු නඩුවක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට නීතියෙන් තහනම්ද ?

:       0       0

niro Tuesday, 30 April 2024 08:18 AM

මුදල් වලට අසුචි කන්නත් හැකි බව ඔය කළු කෝට් කාරයෝ අරගල සමයේදි මෙන්ම කුඩ්ඩන් වෙනුවෙන් ඉන්න එකට කියන්න පුලුවන් මුදල් කියන්නේ හැමදේම නෙවෙයි. දවසක ඔයාලගේ දරුවෝ බිරිද සැමියා අම්මා තාත්තා ඒ දේවල් වලට ඇබ්බැහි උනාම තේරෙයි........ඔය කියන කළු කෝට් කාරයන්ගේ බිරින්දැවරුන්ගේ වැඩ ගැන දන්න නිසා කියන්නේ . ඔයාලා ආත්ම ගෞරුත්වයක් නැති ලංකාවේ ඉන්න නපුංසකම වෘත්තිය වේදියෝ අඩු වැඩි වශයෙන් වෛද්‍යවරු සහ 95% වෛද්‍යවරු ඇතුලත්

:       0       4

Kasun Tuesday, 30 April 2024 10:40 AM

මෙයාලා තමයි ලංකාවේ විනාශයට වග කියන්න ඕනි පළමුවෙන්ම .තමන්ට ඕනි විදිහට නීති හදාගෙන .හැමෝම පිළිපදින්න කියලා කියනවා .කිසිම ආදායමක් ගැන කියන්නේ නෑ .ඉන්කම් ටැක්ස් ගෙවන්නේ නෑ .නඩුවකට අය කළහැකි උපරිම ගානක් නේ .නඩුවක් ඉවරවෙන්න ඕනි කාලසීමාවක් නැහැ .කයිය නම් ගහනවා

:       0       5

Marisipala Tuesday, 30 April 2024 10:59 AM

හිටපු මැතිවරණ කොමිසමේ සභාපති හා විපක්ෂයේ නායක ඇතුළු බොහෝ පිරිසක් මැතිවරණ පවත්වන්න කියනවා ඇත්තටම ආණ්ඩුව රටේ දුරාචාරය හොරකම් මැරකම් වංචා දූෂණ නැවැත්වීමට කටයුතු කිරීමට විරුද්ධව කවුරු හෝ ආණ්ඩුවට බලපෑම් කරමින් එනවා නම් ඇත්තටම ජනතා මුදල් නාස්ති කර මැතිවරණ පැවැත්වීම කරන්නෙ මොකටද කියලා මගේ මෝඩ හිතට හිතෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site