(යොහාන් භාසුර)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එම ප්‍රදේශයෙන් පරීක්ෂාකාරීව ගමන්කළ යුතු බව පොලිසිය පවසයි.

එම ප්‍රදේශයේ විටින් විට මුහුදු රළ ගොඩගැලීම හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන් සැළකිලිමත්ව රිය ධාවනය කළයුතු බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.