(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන්) 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන  කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පැමිණිලිකරු විසින් බලා බලාගන්නා කොල්ලුපිටියේ නිවසට පැමිණි කාන්තාවක ඇතුළු සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා එහි තිබූ රුපියල් එක්කෝටි විසි දහසක මුදලක් සහ ඩොලර් 3500ක් රැගෙන ගොස් තිබුණි.

පැමිණිලිකරුට විරුද්ධව ක්‍රියාමාර්ග නොගෙන උදව් කිරීම සඳහා බව පවසා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.