
(අංජුල මහික වීරරත්න)
සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව ද පාර්ශවකරුවෙකු වන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මගින් ළමයෙකු සතු සිවිල් දේශපාලන ආර්ථික සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අවධාරණය කර ඇතැයි රජය පවසයි.
දෙමාපියන්ගේ, නීත්‍යානුකූල භාරකරුවන්ගේ හෝ වෙනත් තැනැත්තකුගේ රැකවරණයේ සිටිනළමයෙකු ලිංගික අපයෝජනය ඇතුළුව සියලුම ආකාරයේ ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම, තුවාල සිදුකිරීම හෝ අපයෝජනයට ලක් කිරීම, නොසලකා හැරීම හෝ අයුතු ලෙස සැලකීම හෝ සූරා කෑමට ලක් කිරීම ආදියෙන් ආරක්ෂා කිරීම සඳහා යෝග්‍ය සියලුම නීතිමය පරිපාලනමය හා අධ්‍යාපනික ක්‍රියාමාර්ග රාජ්‍ය පාර්ශ්වකරුවන් විසින් ගත යුතු බව ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 19(1) ව්‍යවස්ථාව මගින් පෙන්වා දී තිබෙන බව රජය පවසයි.
සියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විටිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයක් ලං වෙන කොට තමයි මුන්ට හැමදේම මතක් වෙන්නේ