මනෝප්‍රිය ගුණසේකර
අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඟා තිබු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (30) නියම කළේය.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට හිටපු ක්‍රිඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ නඩු පවරා තිබුණත් ඉදිරිපත් වූ සාක්කි විමසීමේදී චෝදනාවට පාදකවූ රුපියල් මිලියන 27ක මුදල විත්තිකරු නීති විරෝධී සාපරාධී පරිහරණයකින් හෝ අල්ලසක් වශයෙන් හෝ ලබාගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව විත්තිකරු නිදහස් කරමින් සඳහන් කළේය.
2012 ඔක්තෝබර් 30 වැනිදාත් 2013 අප්‍රේල් 20 වැනිදාත් අතර කාලයේ අමාත්‍ය ධුරයක කටයුතු කරමින් සිටියදී අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැය කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ හා මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකාර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මහින්දානන්ද වරදක් කරලම නැතිද .එම දේපල අයිති කාටද ?
මේකා දැන් ලෝකෙටම කිය කිය යයි , මම තරම් උපාසක අප්පු කෙනෙක් මුලු දේශපාලනයෙම නැ කියල. මේ නඩු තීන්ඩුවම පත්තරේ දාන්න කතෘ තුමා
නීතියෙන් බේරෙයි, නමුත් කර්මය ඔබ සොයා එනු ඇත. එතෙක් කා බී නටා තක්කඩිකම්, අමනකම් කරකර ඉන්න...!
කෝකෙන් බේරුණත්, කර්මයෙන් බේරෙන්න බෑ. ඕවා පඩිසන් දෙන්නේ මහ අමුතු විදිවලට... ඔය හොරාකාපු ඒවගෙන් ගෙවල් එහෙම හදලා නම්, සමහර විට ආත්ම දහස් ගාණක් හරියට හිසට වහලක් නැතිව දුක් විඳ විඳ ඉන්න වෙන්නේ...!
මූ මොන ආසනේ එකාද? ආයේ නම් ජීවිතේට මූට ඡන්දේ දෙන්න එපා
ජඩ දේශපාලන රැකවරණය තිබෙන තාක් මොවුන් නිදහස්..
ලංකාවට සුබම සුබ අනාගතයක්
ඊළග ආණ්ඩුව ආවාම අලුත් නිතිපතිවරයෙක් යටාත් අපි ඔය නඩු අලුතින්ම අහමු මහින්ද මහත්තයෝ
ජනපති එක්ක මංගල්‍යය සාර්ථකව කරගෙන යනවා වගේ
නියම තීන්දුව ස්වබාදහමින් හම්බවෙයි
ජනතාව මේක තමයි තීන්දුව කියලා කලින් දැනගෙන සිටියා. දැන් සති දෙකකට කලින් විමල් නිදොස් කොට නිදහස් කෙරුවා. මේක හරියට Highlights Matches වගේ... ජනතාව කලින් දන්නවා මෙහෙම වේවි කියලා. ඉදිරියේදී තවත් එන්න නියමිතයි...!
ඒ වුනාට ගූ නැව ගෙන්වද්දී කෝටි ගානක් කොමිස් ගහපු නඩුවෙන් මේකා යනවා කුඩුවට,බෝගම්බර හිරගෙදර වැසිකිලි පාටියට.ලෝකයේ එකම දේශපාලුවා අසුචි අදින්න කොන්ත්‍රාත් එකක් ගහපු
නමුත් ජනතා අධිකරණයෙන් මහින්දානන්දට බේරෙන්න බැහැ. රනිල්ට පින් සිද්ද වෙන්න නිදහස් වුණා.