(අංජුල මහික වීරරත්න)
ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-5-2 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර ව්‍යාපෘති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමීම සඳහා 2019-12-18 දින අනුමැතිය සඳහා ලබාදී තිබේ.
උපදේශක සේවා ආයතන විසින් සකස් කරනු ලැබ ඇති ඇස්තමේන්තු ගත පිරිවැය අදාල ණය මුදලට වඩා වැඩිවීම හේතුවෙන් ව්‍යාපෘතියෙහි කටයුතු අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි රජය පවසයි.
එබැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ එම ව්‍යාපෘතිය නිම කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දීය රජය සමඟ තවදුරටත් සාකච්ඡා කරනු ලැබ ඇතැයි ද රජය සඳහන් කරයි.
ඒ අනුව ව්‍යාපෘතියෙහි වැදගත්කම සැලකිල්ලට ගෙන එහි සමස්ත ඇත්තමේන්තු ගත පිරිවැය මූල්‍ය ප්‍රදානයක් වශයෙන් ලබා දීමට ඉන්දීය රජය එකඟතාවය පළ කර තිබේ.
එකී මූල්‍ය ප්‍රදාන බාර ගැනීමටත් ඒ සඳහා වන අදාළ ගිවිසුම් වලට එළඹීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය අරන් හදලා ඕකත් කාටහරි දෙන්නද හදන්නේ? අන්තිමට ණය ගෙවන්න වෙන්නේ රටේ අනාගත පරපුරට.
ඊටපස්සේ ලංකාවේ අහිංසක ධීවරයන්ගේ ජීවන වෘත්තීයට බඩේපහර ගහන්න ලෙහෙසි වේවිද?
ඊටපස්සේ ඒකත් දෙමු අදානිට