ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය.

ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වන විට 91 හැවිරිදි වියේ පසුවිය.

මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ප්‍රසිද්ධියක් ඉසිලීය.

ඒ මහතා 1933 වසරේ ඔක්තෝබර් මස 6 වැනිදා අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේදී උපත ලැබීය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහූ පැවසූහ.

(යොහාන් භාසුර)