ශ්‍රාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණය දින නියමයක් නැතිව කල්දමයි දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය මගින් අද (6) දිවයින පුරා මධ්‍යස්ථාන 13කදී පැවැත්වීමට නියමිතව තිබූ ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණය දින නියමයකින් තොරව කල් දමා තිබේ. 06 April 2017
රට කළඹන්න හැදූ දෙදෙනෙක් අම්බලන්තොටදී අත්අඩංගුවට අම්බලන්තොට නගරයේ ජාතිවාදී හැඟීම් ඇති කරවන පෝස්ටර් අලවමින් සිටි බව කියන මහසෝන් බලකායේ යැයි කියාගන්නා දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. 06 April 2017
කාන්තාවගේ මාලය කැඩු කොස්තාපල් රිමාන්ඩ් කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල්වරයකු කුරුඳුවත්තේ දී කාන්තාවකගේ රන් මාලයක් කඩා පොලිසියටම පැමිණ ඇති බවත් කාන්තාවගේ පැමිණිල්ල මත ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි. 06 April 2017
නාමල් පෙරේරාට පහර දුන් 6 දෙනා 12 දා දක්වා රිමාන්ඩ් ජුනි 30 වැනි දා නාරහේන්පිට දී මාධ්‍යවේදී නාමල් ධමයන්ත පෙරේරාට පහර දීම සම්බන්ධයෙන් හමුදා මේජර් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනා අප්‍රේල් 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා නියෝග කළේය. 06 April 2017
ෆුල් ෆේස් හෙල්මට් තහනම ගැන කතා කරන්න ජනපති නියෝජිතයා හමුවීම අද ෆුල්ෆේස් හෙල්මට් තහනම් නොකරන ලෙස ඉල්ලමින් පසුගිය මාර්තු 5 වැනිදා සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පැවැත්වු උද්ඝෝෂණයේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව දෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර ලැබී ඇතැයි එම සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පවසයි. 06 April 2017
වෛද්‍ය වර්ජනය අත්හිටුවන ලෙස හෘද රෝගියකුගෙන් අධිකරණයට පෙත්සමක් හෙට (07) පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය තහනම් කරමින් වාරණ නියෝගයක් දෙන්නැයි ඉල්ලමින් හෘද රෝගියකු අද (06) කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කළේය. 06 April 2017
බාධා කිරීම් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 55 කට සීමාවෙයි කල් තැබීමේ යෝජනාවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් මතුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද (6) විනාඩි 55කට සීමාවිය. 06 April 2017
වත්කම් හෙළි නොකළාට දුමින්දට දඩය රු 3000 යි 2011 – 2013 වසරවල වත්කම් බැරකම් හෙළි නොකළැයි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (6) නියෝග කළාය. 06 April 2017
සෞදි අරාබියේ පොදු සමා කාලය තුළ නැගෙනහිර පළාතේ ජංගම සේවා සෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින 90ක පොදු සමාකාලය වෙනුවෙන් එරට නැගෙනහිර පළාතේ වෙසෙන අනවසර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රියාද් තානාපති කාර්යාලය පවසයි. 06 April 2017
වැලිසර නාවික රෝහලේ හිටපු අධ්යක්ෂ රිමාන්ඩ් කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකුට පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන වැලිසර නාවික හමුදා රෝහලේ හිටපු අධ්යක්ෂ ලුතිනන් කමාන්ඩර් අනිල් ධම්මික අප්‍රේල් 18 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා අද (6) නියෝග කළේය. 06 April 2017
පුගොඩ රට බීමහලක් කොල්ලකා ලක්ෂ 2ක් අරන් පනී පුගොඩ කුරුස කණුව හන්දියේ පිහිටි රටබීම අලෙවි හලකට බදාදා (5) රාත්‍රියේ රිවෝල්වරයක් අතැතිව මුහුණු ආවරණය කරගත් හතර දෙනෙකු එහි සේවකයින් බියගන්වා ලාච්චුවක තිබු රුපියල් 210,000ක මුදලක් කොල්ලකාගෙන ගොස් ඇතැයි පුගොඩ පොලිසිය කියයි. 06 April 2017
කටාර් රාජ්‍යයේ තහනම වැරදියි - සෞඛ්‍ය ලේකම් සංචාරකයන්ට වාරණයක් දැමීමට තරම් ඒ (එච්1එන්1 ) රෝගය බරපතල ලෙස වර්ධනය වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජනය කරන කිසිදු රටකට තවත් සාමාජික රටකට එවැනි තහනමක් පැනැවීමට නොහැකි යැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි. 05 April 2017
ජනාධිපති බලතල තවදුරටත් ඕනෑ යයි මහ නාහිමිවරු ජනපතිට ලියති උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද ලිඛිතව දන්වා තිබේ. 05 April 2017
මන්නාරම රක්ෂිත ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසුව පසුගිය කාලයේ වැඩි කතාබහකට ලක්වූ විල්පත්තුව උතුරේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වන රක්ෂිත 11න් වැඩි ප්‍රමාණයක් වන රක්ෂිත ලෙස ගැසට් කර ඇත්තේ යුද්ධයෙන් පසු බව අනාවරණය වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් නිල වාර්තා අනුව ඒ බව අනාවරණය වී තිබේ. 05 April 2017
මේ වසරේ ඩෙංගු මරණ තුන් ගුණයකින් ඉහළයයි මේ වසරේ පළමු මාස තුන ඇතුළත ඩෙංගු මරණ වාර්තාවීම ගිය වසරට සාපේක්ෂව තුන් ගුණයකින් ද, ඩෙංගු රෝගීන් ප්‍රමාණය දෙගුණයකින් ද වැඩිවී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රිලා සමරවීර මහත්මිය පැවසුවාය. 05 April 2017
මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් කරනවා - අගමැති හම්බන්තොට මාගම්පුර වරාය හවුල් ව්‍යාපාරයක් බවට පත්කර සංවර්ධනය කිරීම හැර එය චීන සමාගමකට විකිණීමට කටයුතු නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 April 2017
බැංකු කාඩ්පත සොරකම් කළ කත අත්අඩංගුවට වෙනත් අයෙකුට අයත් බැංකු කාඩ් පතක් සොරකම් කොට රුපියල් 4,39000ක් අවස්ථා පහලොවකදි (ඒටිඑම්) හරහා බැංකු ශාඛා පහකදි ලබාගත් කාන්තාවක් (54) මීගමුව පොලීසියේ අපරාධ අංශය විසින් අද(5) අත්අඩංගුවට ගනු ලැබීය. 05 April 2017
ඉන්දීය ධිවර යාත්‍රා නිදහස් කිරීම උතුරේ ධීවරයන්ගේ කැමැත්ත අනුව ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් උතුරේ ධීවරයන්ගේ අදහසට පිටින් කිසිවක් නොකරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 05 April 2017
නාඩු හාල් කිලෝ 17,000ක් රාජසන්තක කරයි පාරිභෝගිකයන්ට නොවිකුණා සඟවා තබාගත් නාඩු සහල් කිලෝ 17,150ක් රාජසන්තක කරන ලෙස නියෝග කළ මලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා එම සහල් තොගය සඟවාගෙන සිටි වෙළෙද ආයතනයට රුපියල් 12,000ක දඩ නියම කළේය. 05 April 2017
මාලබේ තිබුණ අස්ථි කොටස් තාජුඩීන්ගේ නොවන බව තහවුරු වෙයි මාලබේ සයිටම් ආයතනයේ තිබී රහස් පොලිසිය භාරයට ගෙන ඞී එන් ඒ පරීක්ෂණය සදහා යොමුකළ, ඝාතනයට ලක්වූ බව කියන රගර් කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුඞීන්ට අයත් යැයි සැක කෙරෙන අස්ථි කොටස් සහ කලවා කොටස් අතර තාජූඩීන්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට තහවුරු වී ඇතැයි රහස් පොලිසීය අද(05) අධිකරණයට දැනුම් දුන්නේය. 05 April 2017
ෆවුසිට එරෙහි චෝදනා සම්බන්ධ ප්රතිවිරෝධතා නියෝගය මැයි 3 දා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලද රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ජිප් රථයක් නිතී විරෝධී ලෙසින් භාවිතා කර රජයට පාඩු කළැයි අල්ලස් චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතා සම්බන්ධ නඩුවේ චෝදනා සම්බන්ධ ප්රතිවිරෝධතා නියෝගය ලබන මැයි 3 වැනිදා නිකුත් කරනු ලබන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අද (05) තීරණය කළේය. 05 April 2017
තොරතුරු පනත සමග ගැටෙන පනත් 110ක් තොරතුරු දැන ගැනීමේ පනත හා ගැටෙන පනත් 110ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා පැවසීය. 05 April 2017
උතුරේ ධීවරයෝ අමරවීරම ඉල්ලති ඉදිරියේදී කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා වශයෙන් තබාගැනීමට උතුරේ ධීවරයන් සෑම සහයෝගයක්ම දෙන බව උතුරේ ධීවර නියෝජිතයෝ අද (05) ප්‍රකාශ කළහ. 05 April 2017
ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මැඩපවත්වන ඖෂධය හිඟයක් රට පුරා මේ දිනවල පැතිර යන ඒඑච්වන්ඒවන් ඉන්ෆුලවන්සා වෛරසය ආසාදිත රෝගීන්ට දෙන ටැමිෆ්ලු ඖෂධයේ දැඩි හිඟයක් ඇතැයි රෝහල් ආරංචි පවසයි. 05 April 2017
පොලොන්නරුවේ වකුගඩු මාරයාට මසකට 100 ක් බිලි පොළොන්නරුවේ වකුගඩු රෝගින් සංඛ්‍යාව 5578ක් වී ඇති බවත් පසුගිය දෙසැම්බර් 31 වන විට වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 5377 ක් වූ බවත් ඉන් පෙනි යන්නේ මසකට සිය දෙනෙකු ඊට ගොදුරුවන බවත් යැයි පොළොන්නරුව මහ රෝහලේ වකුගඩු රෝග නිවාරණ අංශයේ වෛද්‍ය මලින් මෙත්තසුරිය මහතා පවසයි. 05 April 2017
සමෘද්ධි සහනාධාරය කැපුණු පවුලක් බැංකුවේ වහලය මත නැගී උපවාසයක ජනාධිපතිවරයාගේ නියමය පරිදි කළ පරීක්ෂණයකින් සමෘද්ධි සහනාධාරය දීම සුදුසු බවට නිර්දේශ වුවද එය නොදුන්නැයි විරෝධය පළකරමින් තරුණ පවුලක් අද (05) වලව සමෘද්ධි බැංකු ගොඩනැගිල්ලක වහලය මත නැගී උපවාසයක් ඇරඹීය. 05 April 2017
රාජ්‍ය සේවයේ පුරප්පාඩුවලට උපාධිධාරීන් රාජ්‍ය සේවයේ දැනට පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් උපාධිධාරීන් බඳවා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 05 April 2017
ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් ජාතිකයන්ට අවවාද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටාර් ජාතිකයින්ට සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත. 05 April 2017
ගෝනාවලදී බසයක් ප්‍රපාතයකට පෙරළී 53 ක් තුවාල ලබති නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප්‍රදේශයේදි අඩි තුන්සියක ප්‍රපාතයකට පෙරළී තුවාල ලැබූ 53 දෙනකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්යක්ෂික වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පවසයි. 05 April 2017
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එස්. පියසේන දිවියෙන් සමුගනී ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඇස්.පියසේන මහතා අද (5) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 05 April 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026