‘අපේ රටේ බුද්ධාගමට හිමි තැන පහළට දාන්න හදනවා නම් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ‘ යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළුතර ආසනයෙහි ආපදාවට පත් විහාරස්ථානවලට සහන බෙදා දීමේ වැඩසටහන් මාලාවකට එක්වෙමින් පැවසීය.
“අද වෙනකම් ව්‍යවස්ථාවේ කොළයක්වත් එළියට ඇවිත් නෑ. ව්‍යවස්ථාව ගැන කතා කරන අය කොළයක්වත් දැකල තියෙනවද දන්නේ නෑ. හුඟක් විපක්ෂයේ ඉන්න අය කැමැතියි මාධ්‍යකට ගිහිල්ලා ගිනිකූරක් පත්තු කරන්න. එතකොට ඒගොල්ලන්ගේ පින්තූරෙත් යනවා පිටු භාගයක. එහෙමනේ දේශපාලනය කරන්න කැමති අය කරන්නේ. මම කියන්නේ තුට්ටු දෙකේ මේ දේශපානය අපේ රටෙන් ඉවත් විය යුතුයි” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය.
යෝජිත ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට හිමිතැන අහිමි කෙරෙන බවට මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ කී ඇමැතිවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අඩු කරනවා කියලා කිසිම තැනක සාකච්ඡා කර නැති බවයි.
‘අද ආණ්ඩුවේ සිටින සියලූම නායකයෝ මේ ව්‍යාවස්ථා සංශෝධනය ගැන සංවේදීව සිටිනවා. මේ ආණ්ඩුවේ ඉන්න මුස්ලිම්, ද්‍රවිඩ නායකයෝ කවදාවත් කියන්නේ නෑ බුද්ධාගමට තියෙන මූලිකත්වය අඩු කරන්න කියලා. ඒක තමයි රටටම අවශ්‍ය වෙන්නේ. මේ රට සුද්දන්ගෙන් බේරා ගන්න කොට සිංහල බෞද්ධ නායකයෝ විතරක් නෙමෙයි සිටියේ. එතත දෙමළ අයත් හිටියා. මුස්ලිම් අයත් හිටියා. කතෝලික අයත් හිටියා. හින්දු අයත් හිටියා. මේ සියලූම ආගමිකයන් එකතුවෙලා අත්වැල බැඳගෙන තමයි ජයග‍්‍රහණය ලබාගත්තේ‘‘ යැයි ද ඇමැතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා හිතනවාද බුද්ධාගමට හිමිතැන පහළ දැමීම ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කරයි කියලා....
ඔබතුමා දැකපු නැති කොලේ බහුතරයක් දන්නවා. ඕකට තමා කියන්නේ "කන්න ඕනේ වුණාම කබර ගොයත් තලගොයා වෙනවා" කියලා.
අන්න නියම මිනිස්සු... කිව්වොත් කිව්වා..
ඔබතුමා මොලේ පාවිච්චිකරලා කටයුතු කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා.
නියම ආනන්දීයයෙක්. ආනන්දීයයෙක් හැටියට ඔබතුමාට ගරුකරනවා.!!!
ජනතා නියෝජිතයෙක් වශයෙන් යමක් ප්‍රකාශ කරනවිට, සැලකිලිමත් විය යුතුයි. කරුණාකර රට තුල අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන්න.
හුඟක් ප්‍රශ්න තියෙන්නේ... අර කියන්නේ මොනවද කරන්නේ මොනවද? කියලා හරියට දන්නැතිව කියවන එක විතරයි.