අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගම හා කිරිවන්දල අසල දී ලොරියක් ගැටීමෙන් කැලණිවැල දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය.
නමුත් මේ වනවිට එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලන අධිකාරිය පවසයි.
අනතුර හේතුවෙන් ලොරි රථ රියදුරා තුවාල ලබා රෝහල් ගතකරනු ලැබ සිටී.
පුවක්පිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස මෙම ලොරිය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු හප්පනව වගේ කෝච්චියෙත් හැප්පුවද?
ලංකාවේ බොහෝදෙනෙක් වාහන පදවන්නේ නිසි කල්පනාවකින් නොවීම මෙවැනි අනතුරුවලට මුල්ම හේතුවයි.. මේ ගොල්ලෝ වාහනයේ පදවන ගමන් නොයෙකුත් සිහින මවමින් සිටින කොටසක්... කාට කියන්නද?
අනුන්ගේ වැරදි වලින් පාඩමක් ඉගෙන නොගන්නා ප්‍රතිශතයත්, හරියට යමක් කරන්න ඉගෙන නොගන්නා ප්‍රතිශතයත් ලංකාවේ බොහොම ඉහළයි.