සිතුම් චතුරංග
වවුනියාව අග්බෝපුර මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් බිමට ඇතුළු නොවන ලෙස වවුනියාව අතිරේක මහෙස්ත්‍රාත් ෆස්ලම් තවුසිම් මහත්මිය පාර්ශ්වයන් තුනකට වාරණ නියෝගයක් නිකුත් කළාය. වවුනියාව අඩවි වන නිලධාරීන්ට, රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරීන්ට සහ ප්‍රදේශයේ තේක්කදැව කැපීම් කළ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු වෙත මෙම තහනම් නියෝගය නිකුත් කර තිබිණ.
අග්බෝපුර මෙගලතික යුගයේ සුමේරියන් සොහොන් විනාශ කිරීම සම්බන්ධයෙන් වවුනියාව නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා වෙත ලැබුණු පැමිණිළි මත වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි.
පසුගිය අප්‍රේල් මස 19 වැනි දින මෙගලතික යුගයේ පෞරාණික සුමේරියන් සොහොන් පිහිටියේ අක්කර 42 ක භූමි ප්‍රදේශයේ තේක්ක දැව කැපීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව වන සංරක්ෂණ නිලධාරීන් සහ දැව සංස්ථා නිලධාරීන් අවසර ලබා දී තිබිණි.
සිට වවුනියාව වන සංරක්ෂණ නිලධාරීන් විසින් පුරාවිද්‍යා නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව දැව සංස්ථාවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ලිඛිතව තේක්ක දැව කැපීම ස`දහා පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු වෙත ලබාදී ඇති බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd