(රංජන් කස්තුරි)
සයිටම් ගැටළුව විසඳීම සඳහා මැදිහත් වන්නැයි තම සංගමය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් කාදිනල්වරයා රය පිළිගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.
එම සංගමයේ නියෝජිතයින් පිරිසක් අද (04) කොළඹ අගරදගුරු නිල නිවසට ගොස් අගරදගුරුවරයා හමු වී සාකච්ඡාවක් කළ අතර එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.
“අපි පෙරේදා අස්ගිරි මහනායක හිමියන් හමු වී සාකච්ඡා කළා.සයිටම් ගැටළුව පිළිබඳ අපි නාහිමියන්ට කරුණු ඉදිරිපත් කළා.කිසියම් රෝගියකු පරීක්ෂා කරන වෛද්‍යවරයකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සුපරික්ෂාවක් තිබිය යුතුයි.එසේ නැතිව අධ්‍යාපනය සඳහා රෝගීන් පරීක්ෂා කරන්නේනම් රෝගී අයිතිවාසිකම් කඩවිය හැකියි.“
“ ඩෙංගු තදින් පැතිර යමින් තිබෙන නිසා වර්ජනය නතර කරන ලෙස කාදිනල්වරයා අපගෙන් ඉල්ලුවා.මේ සියලු කාරණා සලකා බලා වර්ජනය සතියකින් කල් දැමීමට අපි තීන්දු කළා.ඒ වගේම ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා කාදිනල්වරයා ගේ සහ කතෝලික සභාවේ සහාය ලබාදීමටත් එකඟ වුණා.“යැයි පාදෙණිය මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු එතුමා කියන දේවල්වත් අහයිද කියලා.
සිංහල බෞද්ධයින්ගේ රටේ වෙසෙන ගරු, කාදිනල් තුමාගේ ඒ ඉල්ලීම මත දොස්තරලා වැඩ වර්ජනය අත හැරලා... දෙවියන්ට, යකුන්ව මෙල්ල කල හැකි බව මට දැන් අවබෝධ උනා.
අස්ගිරි මහනායක හිමියන් යන් ගෙන් සහය වෙන්න මැදිහත් වෙන්න කියා ඉල්ලුවේ නැතෙයි
බලදාරීන්ට නෙත් ඇරේවා ,,,කන් ඇසේවා ,,ගරු චම්පික රණවක මැතිතුමා කියන පරිදි සෛටෙම් සිසුන්ටත් සධාරනයක් කර සෛටෙම් වසා 12000 අධික රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ටත් සදාරණය ඉටුවේවා ,,,කවුරුත් අපේ රටේ දරුවෝ...කූට ව්‍යාපාරික අරමුණු වලින් මිදී නීතිය රජවේවා ,,,,
අසරණ රෝගීන් ගැන සිතා දොස්තර වර්ජන නවත්වන්න කියල ඉල්ලපු ඔබ වහන්සේට බොහෝම පින්.
දැන්නම් ජනතාවට වර්ජන තිත්ත වෙලා. මේ වෙලාවේ වර්ජනය කලාම අනිවාර්යයෙන්ම රටේ ජනතාවගේ කේන්තිය ඉහවහ ගිහින් වෛද්‍ය වරුන්ට ජනතාවගෙන් ගුටි කන්න වෙන බව දැනගන කාදිනල් තුමාගේ ඉල්ලීමට පිටින් යන්න බැරි නිසා වර්ජනය නැවැත්තුව කියන්නයි දැන් හදන්නේ. එතකොට කවද්ද ඔය වර්ජනය කරන්නේ?
අන්තරේ අතහැරල ආගම් පස්සෙ යනවද ?
අපේ මහානායක හාමුදුරුවන්ටත් අනෙකුත් හාමුදුරුවන්ටත් අසරණ ඩෙංගු රෝගී ජනතාව නොපෙනුනාට කතෝලික අගරදගුරු තුමාට ඒ වෙනුවෙන් පිහිටට ආවට ස්තුති කරනවා. අපේ හාමුදුරුවන්ට ඇහුන්කන් නොදෙන වෛද්‍ය වරු කතෝලික අගරදගුරු තුමාට එහුන්කම් දුන්න වර්ජනය නතර කලාලු. ඔන්න අපේ බෞද්ධකමට අද තියෙන තැන.
මොකද අයියලා ටික කතරගම දේවාලෙට භාර වෙලා සීනිගම දේවාලෙට ගිහින් පොල් ගහල පලක් නොවෙයි කියල හිතලද කාදිනල් තුමාගේ ලෝගුවට භාරයක් වෙන්න යන්නේ? බලාගෙන කටිටිය රටේ ඉන්න මෝඩයෝ ටික රවට්ටුවට දෙවියන් රවට්ටවන්න ගොහින් දෙවියොත් කෝප වෙයි.
අගරදගුරු තුමා නම් මේ මරාලෙට කර ගහන එකක් නැහැ. අපිට නම් ඉතින් මේ වගේ කුහකයින්ගෙන් බෙහෙත් බීලා සුව වෙනවට වඩා මැරෙන එක හොඳයි. මෙතනදීත් මේ මාෆියා කාරයෝ කවුරුවත් කියන දේ අහල වර්ජනේ නැවැත්තුවේ නැහැ. ඉන්දියන් දොස්තර භීතිකාව දැනිලා උන ගන්න ඇති? දන්නවනේ රාජිත මහත්තයාගේ තරම? ගොඩක් දොස්තරලට බඩේ අමාරුව හැදිලා කියල තමයි අපිට ආරංචිය..
එකම විබාගේ පාස් කරලා එකම පළපුරුද්ද තියන හැමෝටම එකම විදියට සලකන්න ඕන කියන එක කව්රුවත් අමුතුවෙන් කියන්න ඕන නැහැ. සයිටම් ළමයිත් අනිත් ළමයි වගේම දක්ෂ ළමයි. ඒ ගොල්ලන්ටත් පුළුවන් දොස්තරලවෙලා රටට සේවයක් කරන්න.
සයිටම් අහෝසි කරන්න කියල කොහොමද කාර්දිනල් තුමා කියන්නේ?