(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නානුඔය කහ ඉරක් මතදී පාසැල් සිසුවියක ටිපර් රථයකට යටවි මිය යාමෙන් අනතුරුව නගරයේ සිදුවූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 41 දෙනකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නුවරඑළිය මහේස්ත්රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා අද (04) නියෝග කළේය.
ඉකුත් 15 වැනි දා නානුඔය නගරයේ කහ ඉරක් මත දී ටිපර් ලොරියකට යටවී නානුඔය ජේම්ස් පීරිස් විදුහලේ ප්රාථමික අංශයේ ඉගෙනුම ලැබු දැරියක් මියගියාය. ඉන්පසු පිරිසක් ටිපර් රථය ගිනිතැබු අතර ඔවුන් පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා නුවරඑළිය හැටන් මාර්ගය අවහිර කරමින් නානුඔය නගරයේ උද්ඝෝෂණයක නරත වූයේ මෘතදේහය ඈ මියගිය තැනම තබාගනිමිනි.
රිය අනතුරට පසු ඇති වු කලහකාරි තත්වයට සම්බන්ධ යැයි සැකපිට 6 දෙනකු මීට පෙර රිමාන්ඩ් කෙරිණි.අද අධිකරණයේ පෙනී සිටින ලෙස තවත් 35 දෙනකුට නොතිසී නිකුත් කර තිබූ අතර එලෙස අධිකරණයේ පෙනි සිටි 35 දෙනා හා මීට පෙර රිමාන්ඩ් කරනු ලැබ සිටි හය දෙනා මෙලෙස රිමාන්ඩ් කරනු ලැබූහ.
නානුඔය දි ගිනිතැබු ලොරියේ කොටස් කිහිපයක් රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට නුවරඑළිය අපරාධ පරීක්ෂක අංශය කළ ඉල්ලීමට මහේස්ත්රාත්වරයා අවසර ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනතුරක දී නිවෙරදි ක්රමවේදය අනුගමනය නොකළ පොලිසියේ එත්තැන් ට මොකුත් වෙන්නේ නෙද්ද නඩුත් හමුදුවන් ගේ, බඩුත් හාමුදුරුවන් ගේ.
නීතියත් ටිපර් කාරයන්ගේ පැත්තට
ඉතාමත් හොඳ තීරණයක් අධිකරණය මගින් ලබාදී තිබෙනවා. දැරියගේ මරණය රියදුරාගේ වරද විය හැකියි. එයට රියදුරාට දඬුවම් කිරීමේ බලය ඇත්තේ අධිකරණයටයි. සෑම රිය අනතුරකම සම්පූර්ණ වරද රියදුරාගේම නොවෙයි. නමුත් කිසිවක් සොයා නොබලා ජනතාව හැසිරෙන ආකාරය නින්දිතයි.
ටිපර්එක ගිනි තැබීම නිසා, ඉදිරියට මේ සම්බන්ධව කරන පරීක්ෂණ අඩපණ වෙනවා. පාරවල් වහගෙන ජනතාවට කරදර කරන මිනිසුන් සිරගත කළ යුතුය.
සුදු ඉර මතදී පදිකයාගේ වරදින් අනතුරක් විය හැක. අපේ රටේ ඉහළ සිට පහළ දක්වා සැමට සිතන්න මොලයක් නොතිබීම තමයි මෙයට හේතුව....