(නිමන්ති රණසිංහ / ඡායාරූප - ගයාන් අමරසේකර)
මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කිරීමට වරදකරු වූ පේන්ට් බාස් නොහොත් ඒ.ජෝර්ජ් ට කොළඹ මහාධිකරණය අද(5) මරණ දඬුවම නියම කළේය.
මෙල් ගුණසේකර මහත්මියගේ නිවසට අයුතු ලෙස ඇතුළුවීම, ඇගේ ජංගම දුරකථනය කොල්ල කෑම සහ ඇය ඝාතනය යන චෝදනා තුනට ඇගේ නිවස වර්ණ ගැන්වීම සඳහා පැමිණි ඇන්තනි ජෝර්ජ් නමැති පින්තාරුකරුවකුට එරෙහිව නඩු පවරා තිබූ අතර අධිකරණය විසින් ඔහු චෝදනා තුනටම වැරදිකරු කරනු ලැබීය.
දීර්ඝ කාලයක් පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීන්දුව
අද සිට ඔබට...කෑම බීම, ඉදුම් හිටුම්, ඇදුම් පැළදුම්, මහ ජනතාවගේ බදු මුදල් වලින්, ලක් රජයේ අනුග්‍රහයෙන් ලැබෙන බව කණගාටුවෙන් වුවද දන්වා සිටිමු.
මේ මෙල් ගුණසේකරගේ තාත්ත මම දන්නා කෙනෙක්. ලංකාවේ ඉන්න කාලේ මගේ income tax practice එකක් තිබුනා. ගුණසේකර මහත්මයා මගේ client කෙනෙක්. ඒ කාලේ පුංචි ළමයි. අපි කතා කර කර ඉන්න කොට පුතයි දුවයි මේසේ ලඟට එනවා, සමහර දාට. පුතා නම් ටිකක් කට කාරයි, ඒත් මේ ළමය අහිංසක පාටයි. 2014 මරණේ ආරංචි වුනත්, ලංකාවට එන්න බැරි වුනා. දෙමවු පියන්ට කොච්චර දුක ඇතිද කියල අපි ගෙදර කතා වුනා. දුව මැරුව, මේ මිනීමරුවට මරණ දඬුවම දීපු එකට වුනත්, ගුණසේකර මහත්මයා සතුටු නැතුව ඇති. එච්චරටම හිත හොඳ කෙනෙක්, කාටවත් කරදයක් නැති.
මෙල් ගුණසේකර මෙනවිය east London විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් පවා ලැබූ දක්ෂ ඉංග්‍රීසි මාධ්‍ය, මාධ්‍ය වේදිනියක්. එවැනි රටක් වටිනා කාන්තාවක් ඝාතනය කල පසු මේ සිත් පිත් නැති පුද්ගලයා ලොබ බැඳ රැගෙන ගියේ කුමක්ද? යම් දිනක දිරායන මෙල් මෙනවියට අයත් මොබයිල් ෆෝන් එකක්. 77 පසු බිහිවූ අපේ රටේ විවුර්ත ආර්ථිකය නිර්මාණය කල භෞතික දේවල් වලට ගිජු නරුම රකුසන්ගේ තරම තේරුම් ගැනීමට හොඳම උදාහරණයක් මේක. මොහුට දිය යුත්තේ සෞදියේ දඬුවම්.
දැන් ඉතින් රජයේ බෝඩිමට ගිහිල්ලා හොඳට කකා බිබී ඉඳියි. රටේ සල්ලිවලින්, අළුගෝසුවෙක් නැත්තම් සෞදි රටෙන් හරි ගෙන්නලා නීතිය අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න.
තීරණය ඇතත් අත්සන යොදා ක්‍රියාත්මක කරන්න කෙනෙක් නැති රටක්නේ ලංකාව.....