(රංජන් කස්තුරි)
දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දැඩි අප්‍රසාදය පළ කළ බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
එම කාර්යාලය මසකට රුපියල් මිලියන ගණනක් වියදම් කළද මෙතෙක් අල්ලපු හොරෙක් නැතැයි ද එම කාර්යාලය වසා දමනවාද නැද්ද යන්න ලබන කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීන්දු කරන බවද කොළඹ රජයේ ප්‍රවෘථ්ති දෙපාර්තමේන්තුමේන්තුවේ අද (5) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.
මහා පරිමාණ වංචා දුෂණ සෙවීමට මෙම කාර්යාලය ආරම්භ කළද මෙතෙක් සිදුව ඇති දෙයක් නැතැයි ද වැඩිපුර ශ්‍රිලනිප ඇමැතිවරුන් සම්බන්ධයෙන් සොයා බැලීම් කරන බවට එම කාර්යාලයට චෝදනා එල්ලවී තිබෙන බවද එහිදී රාජිත සේනාරත්න ඇමැති සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඇමැතිවරයාත් 11 වතාවක්ම ඔය කියන තැනට යන එක මග ඇරියාලු. ඉතින් වෙන කවුරුත් යාවිද?
ආයෙත් ඡන්දෙට එයිනේ, එදාට දෙන්නම් දූෂණේට උත්තරයක්, දැන් ඔහොම යමුකෝ....
"ඕක හැදුවේ "අලි බබා සහ හොරු හතලිහ" අල්ල්ලලා කුඩු කරන්න දැන් ඔවුන් එක නොකර අලුත් හොරු අල්ලන්න උත්සහ කරන එක මුලික සැලැස්මට පරස්නේ ඔවු අගසවු ඇමතිට එකෙන් ලෙඩේ වැටෙනකොට ලොක්කට කේන්ති ගිහින් වගේ
ගෙදර ඉන්න හොරු අල්ලන්න එපා අපිට විරුද්ද හොරු අල්ලපියව්
ඒකත් මෙහෙයවන්නේ අතනින්මද දන්නේ නෑ.