(රංජන් කස්තුරි)
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොකිරීම ඇතුළු විශේෂ කරුණු තුනක් සම්මත කර රජයට ඉදිරිපත් කිරීමට ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව ඒකමතික තීන්දුවකට එළැඹී තිබේ.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම නතර කිරීම ,සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව කඩිනමින් විසඳීම සහ පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිත අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම කල් දැමීම යන කරුණු තුන රජයට ඉදිරිපත් කිරීමට එම සංඝ සමුළුවේදී තීන්දු වී තිබේ.
මෙම තීන්දූ අනිද්දා (06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී බාරදීමට ද නියමිතය.මීට අමතරව ජාතික ආගමික වශයෙන් සිංහල බෞද්ධ ජනතාවට ඇති වී තිබෙන අසාධාරණය පිළිබඳව ද එම සංඝ සමුළුවේදී විශේෂ අවධානයක් යොමුකර තිබේ.
රටතුළ ඇතිවෙමින් පවතින ජාතික ආගමික ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී ඇති වී තිබේ.පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සම්බන්ධව ද එහිදි අවධානය යොමුව තිබේ.
මහනුවර අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද අනුස්මරණ ශාලාවේදී අද (04) පැවති එම සංඝ සමුළුවට මහා සංඝයා වහන්සේලා 75 නමක් පමණ සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම වසයෙන් ලංකාව අවසන් වෙන්නට පෙර මේවගේ පියවරක් ගෙනීම ගැන මල්වතු අස්ගිරු දෙපර්ස්වට ඉස්ටුටිවන්ත වෙමු.
රට ජාතිය වෙනුවෙන් නැඟී සිටි ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි
බෞද්ධ ආගම ඇති කිසිම රටක් ලොව දියුණුවී නොමැත. මෙය තමා සත්‍යය...
ජපානය , චීනය , තායිවානය , තායිවානය කොරියාව බෞද්ධ රටවල් සහ සංවර්ධිත රටවල්
ජපානය , චීනය , තායිවානය , තායිලන්තය, කොරියාව සංවර්ධිත දියුණු බෞද්ධ රටවල්ය
ඔබ වහන්සේලාට දීර්ග ආයුෂ ලැබේව
මහනාහිමිවරුන්ගේ උවමනාවට අනුව නම් පාලකයෝ රට කරන්නේ මොකටද කෝටි ගණන් වියදම් කරලා ජන්ද තියන්නේ? දැන් මහජනතාවගේ කැමැත්ත අනුව නෙමේද ප්රජාතන්ත්රවාදී රටක් පාලනය වෙන්නේ, පනත් සහ නීති කෙටුම්පත් ගෙනෙන්නේ ජාතිය ආගම අනුව නොවේ රටේ සියලු ජනතාවගේ යහපත සදහා , අඩුම ගන්නේ අතුරුදන් කිරීම වැළක්වීමේ පනතටත් මහානායක හිමිවරු විරුද්දයි. මේවා පිටුපස තියන හස්තය කාගේද කියල නුවනින් බලන අයට තේරෙනවා.
අතිගරු ජනාධිපතිතුමනි, කලින් හිටපු කෙනා වගේ මේ යෝජනා කුණු කූඩයට නොදමා මේ ගැන කරුණාවෙන් සලකා බලන්න.
තල්දුවේ සෝමාරාම හිමිත් මාපිටිගම බුද්ධරක්ඛිත හිමිත් හිටියානම් මේ හිමි වරු සමග මේ සටනට එකතුවී රට බේරා ගැනීමට කටයුතු කරන්නට තිබ්බ.
ජන්ද තියල රට පාලනය කරල තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ. හැමදාම රට ආපස්සට. දැන්වත් බොරු පොෂ් ප්රජාතන්ත්රවාදය නැතිව දැන්වත් හාමුදුරුවරු කියන එක අහමු.
දියුණුයි කියන රටවලට මොකද අද වෙන්නේ. යුරෝපය පුරාම බෝම්බ පුපුරනවා. තව අවුරුදු කීපයකින් යුරෝපයම ඉස්ලාම් වෙනවා. අපිට එහෙම නොවෙන්න තමයි හාමුදුරුවරු මෙච්චර දේවල් කරන්නේ...
බුදු දහම අදහන මිනිසුන් බුදු දහම හැරදා වෙන ආගම් වල අය විවාහ කරගැනීම නිසා අද විශාල වශයෙන් බුදු දහම අදහන ප්‍රතිශතය ලංකාවේ පහත යමින් පවතී. බුදු දහමේ දරුවන් පිට ආගම් වලට යා නොදී රැක ගැනීමට දෙමාපියන්, සංඝරත්නය සහ රජය බුදු දහම රැකගැනීමට නීති සම්පාදනය කිරීමට සහ එහි ඇති වැදගත්කම දරුවන්ට අනිවාර්යෙන් කියා දීමේ කාලය එළඹ ඇත. නංගියේ, මල්ලියේ ඔබ බුදු දහම පාවා දී වෙන ආගමක අයෙක් සරණ පාවා ගැනීමට පෙර ලක්ෂ වාරයක් සිතන්න. ඔබ ආදරය කරන කෙනාගෙන් විමසා බලන්න ඔහුගේ හෝ ඈගේ ආගම හැර දමා බුදු දහමට පැමිණීමට කැමතිද කියා. 10 දෙනෙක්ගෙන් විමසුවොත් 9 දෙනෙක් පවසාවි ආදරයට වඩා ආගම වැදගත් බව දෙමාපියන් සහ තමන්ගේ ආගමේ පූජකවරු තමන්ට වෙන ආගමකට යන්නට නොදෙන බව... එසේනම් ඔබ කුමන හේතුව නිසාවත් බුදු දහම පාවාදී එසේ යා යුතුද? මඳක් සිතන්න. ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ට බුදුදහම රැකගැනීමට අද පාරට බැසීමට සිදුවී ඇත. හෙට බුදුදහම වෙනුවට වෙනත් ආගමක් මූලික ස්ථානය ලබා ගැනීමට ව්‍යවස්ථාවක් ඉදිරිපත් වී සම්මත වනු ඇත. බුදුදහම හැරදා තමනුත් තමන්ගේ දරුවනුත් ඉදිරි පරම්පරා සියල්ලත් අන්‍ය ආගමික වීමට පෙර ඔබ ගන්නා තීරණය ගැන බුද්ධියෙන් සිතන්න.