( තිළිණි ද සිල්වා)
ජාත්‍යන්තර වශයෙන් ඉහළ අයෝජනයන් සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව සෞදි රජ පවුලේ සාමාජිකයකු වන අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවසීය.
එම ආයෝජන අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ එරටට පැමිණෙන්නැයි ද සෞද් කුමරු සිරිසේන මහතාට ආරාධනා කළේය.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සෞද් කුමරු අද (04) ජනාධිපති කාර්යාලයේදී සිරිසේන මහතා හමුවිය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ගැන සිය ප්‍රසාදය පළ කළ සෞද් කුමරු මෙරට වෙළඳ සහ සංචාරක ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා පිළිබඳ ප්රමුඛ අවධානයක් යොමු කරන බවට පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකාවේ සෞම්‍ය දේශගුණය ,හරිත පරිසරය , සුන්දර වෙරළ තීරය සහ ඓතිහාසික නටඹුන් සාංචාරක ආකර්ශණය දිනා ගෙන ඇති බැවින් ලංකාව සංචාරක ක්ෂේත්රය සඳහා බොහෝ ඉඩකඩ පවතින රටක් බව සෞදි කුමරු පැවසීය.
සෞදි අරාබිය අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහාය අගය කරන බව ද සිරිසේන මහතා කීවේය.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් ලක්ෂ හතරක් පමණ සෞදි අරාබියේ සේවය කරන බවත් ඔවුන් මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැත්ත පළාතේ වද්දගන්න එපා ,අවදානමට පෙර ,සුදානම ,කියනවනේ
එහෙ යන්න ඕනේ නැහැ ලංකාවත් දැන් නිර්නාමිකව අරාබි කොලනියක්!
ගියාට කමක් නැහැ නමුත් කටාර් අර්භුධයට සම්බන්ධ වෙන්න එපා , ඔය සවුදි අරාබියේ ඉන්නේ මහා මෙලෙච්ච මිනිස්සු , අපේ ශ්‍රමිකයන්ට දෙන වැද අප්‍රමාණය , බුදු පිළිමයක් දැක්කොත් පිස්සු වටෙනාවය ,
සෞදි රජපවුලේ සාමාජිකයා එක්ක ඇවිත් ඉන්න කාන්තාවන් දිහා බලන්න. එකට අපේ ඉන්න අන්තවාදී මුස්ලිම් කට්ටිය තමන්ගේ පවුලේ අයට දෙන කරදර ඇදුම් අදින්න කියල
අර රිසානා බේරලා දෙන්න කියල ජනපති ඉල්ලීමක් කළා.. ඒත් ගාණකටවත් ගත්තද ? අපේ ශ්‍රමිකයන්ට සලකන්නේ නැහැ හරියට.. බුදුපිළිමයක් ළඟ තිබුණොත් කස පහර දීල හිරේ දමනවා. ඔය ගොල්ලන්ට ඕනේ දෙයක් කරගන්න කියල අපි පැත්තකට වෙලා ඉඳිමු. අපි දෙපැත්තම බැලන්ස් කරගෙන ඉමු.