(කාංචන කුමාර ආරියදාස)
මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිති .
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (5) මොරගහකන්ද ජලාශයේ නැරඹූම් ස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මෙම ඉල්ලීම කළේය.
වහාම රජය මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් ගොවීන් පාරට බහින දිනය ඉතා ළඟ බවත් පැවසිය .
දැනට පොළොන්නරුව ,අනුරාධපුර ,මාතලේ ,හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විශාල ජල හිඟයක් පවතින බවත් එහි වගා කළ ගොවිබිම් ජලය නොමැතිව විනාශ වෙමින් පවතිද්දී කන්ද උඩරටින් ලැබෙන ජලය අලුතින් ඉදිකරනු ලැබූ මොරගහකන්ද ජලාශයේ රඳවා විදුලි බලය නිෂ්පාදනයක් අත්හදා බලන්නට යාම වැරදි බවත් මේ ජලාශය ඉදිකිරීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති බව කිවේය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ අපි පොඩ්ඩක් ඉවසලා ඉමු.. එකතු කළ ජලය එකවර නිදහස් කිරීමෙන් ගොවිතැන් සාර්ථක කරගන්න පුළුවන් තමයි. නමුත් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කරන ලද මුදල් ඵලදායීව යෙදවීමට නම් ජලවිදුලිය නිෂ්පාදනය කිරීම සුදුසුය.
මේක පුදුම කතාවක්නේ... ආණ්ඩුවේ පදේට නටන්න ඕනේ කියලද කියන්නේ? ජලාශයේ කටයුතු ආරම්භ කරනකල් බලා ඉන්න බෑ. මේ සේරම දේශපාලන වුවමනාවල් ඉෂ්ට කරගන්න හදන කූට වැඩ...
ඔකේ ජලය නිදහස් කරාවී කවද හරි වැස්ස වහල ඕක ඉතිරෙන්න කිට්ටු කරලා , එතකොට දේශපාලකයන්ට පුළුවන්නේ මාධ්‍ය සංදර්ශනයක් තියල ගංවතුර ආධාර බෙදන්න , දැන් වතුර දුන්නොත් ගොවියෝ වගාකරාවී එතකොට නියන් ආධාර බෙදන්නත් බැහැ ,
මොරගහකන්ද ජලාශය හැදුවේ පොළොන්නරුවට යන අබන් ගග හරස් කරලා ඉතින් වතුර යවන්නේ නැතිවුනාම කොහොමද පහල ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ .. විදුලිය ප්‍රශ්නේ හරි , එ්ත් ජීවත් වෙන්න වතුර යවන්න ඕනනේ.