බෑනා වවන්න ගෙනා බීජ අල දුටු නැන්දම්මාට හොදි රහ දැනිලා
තම බෑනණ්ඩිය විසින් ගෙවත්තේ වගා කිරීම පිණිස වැඩි මුදලක් ගෙවා රැගෙන ආ බීජ අර්තාපල් තොගයක් තම්බා හොද්දක් පිළියෙල කර ආහාරයට ගත් බව කියන නැන්දම්මා කෙනෙකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ සේවකයෙකි. විවේක පාඩු අවස්ථාවලදී සිය ගෙවත්තේ විවිධ බෝග වගා කරනු ලැබුවේ විනෝදාංශයක් සේම නිවසේ ආර්ථීකයට ශක්තියක් වශයෙනි..
තක්කාලි, බටු, මිරිස්, බෝංචි, ගෝවා ආදී එළවළු වර්ග මෙන්ම ගොටුකොළ මුකුණුවැන්න, කංකුං ආදී විවිධ පළා වර්ග ද ඔහුගේ ගෙවත්තේ අඩුවක් නොවිණි.
පසු