කුනුහරුපෙට තිත තියන්න කොල්ලන්ගෙන් අපුරු පාඩමක්
මත්පැන් භාවිත කර, අසැබි වදන් කියමින්, අඩ නිරුවතින් ගමන් කළ පුද්ගලයකු හට ගමේ තරුණ පිරිස එකතු වී අමතක නොවන පාඩමක් ඉගැන්වීමේ පුවතක් දකුණුලක ග්‍රාමයකින් වාර්තා වෙයි.
ඔහු ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති දෙදරු පියෙකි. ඔහු දිනපතා උදෑසන කුලී වැඩක් සොයාගෙන නිවෙසින් පිට වීම දෛනික කාර්යයක් විය. ඔහුගේ බිරිඳ ඉතා දුක සේ තම දරුවන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට වෙහෙස දැරූ අතර, ගෙදර දොර අවශ්‍යතා ද සපුරා ගනිමින් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවූයේ තම සැමියාගේ බේබදුකම හේතුවෙනි