මැයි රැලියට නාවාට බෑනා මාමණ්ඩිය ගෙදරින් එලවලා
බෑනාගේ පක්ෂයේ මැයි රැලියට යන්න එන්නේ නැතිව වෙනත් පක්ෂයක මැයි රැලියට ගියයි කියා බෑනා තම මාමණ්ඩිය ගෙදරින් එළවා දැමූ පුවතක් බස්නාහිර පළාතේ පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තාවේ.
එකම නිවසක වාසය කරන තම දියණිය සහ බෑනා එක පක්ෂයකය. මාමණ්ඩිය ඡන්ද අයිතිය ලැබුණු දා සිට ඔහු කැමති වෙනත් පක්ෂයකය. නමුත් මැයි දින රැලියට යන්නට දෙදෙනාම කල්තියාම සූදානම් වෙමින් වෙනදා නැති ආදරයක් දැක්වූ බෑනා මාමණ්ඩියට පවසා ඇත්තේ, ‘‘ඔය පක්ෂයට කවදාවත් දිනන්න බෑ, ඔයා එන්න අපේ පක්ෂයේ මැයි