IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කෙල්ලගේ පියා දැක කේක් ගෙඩියත් දමා දුවලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


පෙම්වතියගේ උපන් දිනයට කුඹුරු යායක් මැදින් කේක් ගෙඩියක් රැගෙන යමින් සිටි තරුණයකුට පෙම්වතියගේ පියා පැමිණෙන අයුරු දැක ආපසු දිව යන අවස්ථාවේ දී තරුණයා කේක් ගෙඩිය සමග කුඹුරකට වැටී ඇති පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 24 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයා පදිංචිව සිටින ගම්මානයට කුඹුරු යායක් මැදින් යා යුතුය.  ඇඟලුම් ආයතනයක කලක සිට සේවය කරන තරුණයා අල්ලපු ගමේ පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවක් මෑතකදී පටන් ගෙන තිබේ. ඇය කෑගල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින සුරූපී පාසල් සිසුවියකි.
වැඩි කාලයක් යන්නට පෙර දෙදෙනාගේ සම්බන්ධතාවය පාසල් සිසුවියගේ මවුපියන්ට ආරංචි වී ඒ සම්බන්ධයෙන් පාසල් සිසුවියගෙන් මවුපියන් විමසීමක් ද කර ඇත. එහිදී මවුපියන් නැගු චෝදනාව පාසල් සිසුවිය තරයේ ප්‍රතික්ෂේප කර කළාය. 


අවස්ථා කිහිපයක දීම මගතොට දී තරුණයා මුණ ගැසී ඇති පාසල් සිසුවියගේ පියා එහිදී කියා ඇත්තේ වහාම සම්බන්ධතාවයක් තියෙනවා නම් නතර කරන ලෙසත්ය. එහිදී ද තරුණයා පාසල් සිසුවියගේ පියා නැගු චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. ඉකුත් දිනක පාසල් සිසුවියගේ උපන් දිනය යෙදී තිබිණි. පාසල් මිතුරියන් සමග කෑමට කේක් ගෙඩියක් දීමට තරුණයා තීරණය කළේය. උදේ පාසල් යන වේලාවේ ඇයට දීමට තරුණයා කේක් ගෙඩියක් පෙර දින රැකියාවට ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේ දී කෑගල්ල නගරයෙන් ගෙනාවේය.  පසු දා පාන්දර නැගිට ඇති තරුණයා ලක ලෑස්ති වී එළිය වැටී ගෙන එන අවස්ථාවේ දී පාසල් යන පෙම්වතියට දීමට කේක් ගෙඩියක් රැගෙන මගට ගියේය. පාසල් සිසුවිය සුදු ඇඳුමින් සැරසී කුඹුරු යාය මැදින් පාසල් එන අයුරු දැක ඇති තරුණයා ද ඉදිරියට ගොස් කේක් ගෙඩිය අත තබාගෙන සුබපතන අවස්ථාවේ දී පාසල් සිසුවියගේ පියා ඈතින් දුවගෙන පැමිණ තරුණයා දැක තිබේ. පසුව තරුණයා කේක් ගෙඩියත් රැගෙන ආපසු නියර දිගේ දිව යන අවස්ථාවේ දී කුඹුරට වැටී ඇත.  පසුව තරුණයා කේක් ගෙඩිය කුඹුරේ දමා දිව ගොස් ඇති අතර පාසල් සිසුවිය ද හැඬූ කඳුළින් පාසල් ගොස් ඇති බව වාර්තා වෙයි.



අදහස් (0)

කෙල්ලගේ පියා දැක කේක් ගෙඩියත් දමා දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site