IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.
කොල්ලන් පිරිසක් සංවිධානය කළ සංගීත සැඳෑවකි. පැවැතියේ ඇල්පිටිය නගර මධ්‍යයේය. ඒ ආරාධිත අමුත්තන්ට ද ආරාධනා කර තිබිණ. වැසි දෙවියා යාන්තමට කඩා පාත්වුණේ සංගීත සැඳෑව යන අතරතුරය. ආරාධිත අමුත්තෝ ඒ සමගම පිටව ගියහ. ඔවුහු වාඩිවී සිටි ප්ලාස්ටික් පුටු හිස්විය.


පොද වැස්සේ නොතෙමී ඉන්න ඇතැම් පිරිස් මේ ප්ලාස්ටික් පුටු සිය හිසට ඉහළා ගත්තෝය. වැස්ස තද කෙරිණ. සංවිධායක මණ්ඩලය ද හතර වටේය. ආරක්ෂාවට සිටි නිලධාරීහු ද නොතෙමී ඉන්න තැන් බලමින් ගියහ. සංගීත සැඳෑව එහෙම පිටින්ම අඩාළ විය. පසු දින සංවිධායකයෝ තමන් රැගෙන ආ ප්ලාස්ටික් පුටු කුලියට ගෙන ආ ආයතනයට භාර දීමට කටයුතු සූදානම් කරමින් සිටියහ. තමන්ට එම ආයතනයෙන් දුන් ප්ලාස්ටික් පුටු විශාල ප්‍රමාණයක අඩුවක් දක්නට ලැබිණ. එහිදී ප්ලාස්ටික් පුටු එකසීය පනහක පමණ අඩුවක් දක්නට ලැබිණ.
සිහින් පොදෙන් බේරෙන්න ප්ලාස්ටික් පුටු හිසට ඉහළින් තබාගෙන සිටි අය නිවසට ගෙන ගොස් ඇති බව ඔවුනට සිහියට එනවිට හොඳටම ප්‍රමාදය. ඒ පුටුවලට සංවිධායකයන්ට අතින් මුදල් ගෙවීමට සිදුවුණා ලු‍.

 කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site