IMG-LOGO

වැඩි තණ්හාවට ගිහින් අම්බානට ගුටිකාලා

හැම දෙයකටම තණ්හාව මුල්කරගත් ගෙවිලියකට සිදු වූ අපූරු සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය කෙටියෙන් මෙසේය. 
මෙම ගෙවිලිය වනාහි ගෙදර දොරේ වැඩපළ මෙන්ම හේනේ කුඹුරේ වැඩ පලද කඩිසරව මනාව සිදු කරන්නියකි. කෙසේ වුවද ඇය කරන සෑම වැඩක්ම ප්‍රමාණය ඉක්මවා අධික තෘෂ්ණාවෙන් සිදු කිරීම නිසා ඇයට මුහුණ දීමට සිදුවන කටුක කර්කශ සිදුවීම් ද නැත්තේ නොවේ. 
නුදුරු දිනයක ඇයගේ නිවසට තම සැමියාගේ මිතුරන් කිහිප දෙනකු පැමිණි නිසා සැමියා ඇයට තේ සාදා දෙන මෙන් දැන්වීය. 
කුස්සියට ගිය බිරිඳට සීනි බෝතලය හිස් බව පෙනී සැමියාට කතාකොට ”‍මම ඉක්මනටම කඩේට දුවලා සීනි අරගෙන එන්නම්. ඔහේ මේ කේතලයට වතුර එකක් ගහලා තියෙනවා”‍ යැයි පවසා හනික කඩේට යෑමට පිටත් විය. 


බිරිඳ කඩයෙන් සීනි කිලෝ එකක් ෂොපින් බෑගයකට දමාගෙන නිවසට එන කෙටිම මාර්ගයත් ඔස්සේ කැලෑ පාරක් දිගේ කඩිසරව  පියමනිමින් එන අතර වාරයේ පාර අද්දර දිරා ගිය ගසක් වැටී තිබෙනු දැක ”‍අපූරු දර කෝටු ටිකක් තියෙනවා, කෝටු කීපයක් බිඳගෙන ඉක්මනටම යන්න ඕනෑ”‍ යනුවෙන් සිතා හනික දර කෝටු කීපයක් බිඳ එය උකුළේ හොවාගෙන නිවසට පැමිණියාය. 
වතුර කේතලේ උතුරවා ගත් සැමියා තේ ගොට්ටයට තේ කොළ දමා, වීදුරු හතරක් සෝදා, බන්දේසියක් මත තබා බිරිඳ සීනි රැගෙන පැමිණෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ බිස්කට් කීපයක්ද පීරිසියකට දමාගෙන මිතුරන්ට සංග්‍රහ කිරීමටය. 
මිතුරෝද වරින් වර කුස්සිය දෙසට හිස දමා ”‍අද අපට තේ දෙන්න පුළුවන් වෙයි ද.”‍යනුවෙන් විහිළු කරන්නටද වූහ. 
බිරිඳ කඩිමුඩියේ පිළිකන්න පැත්තෙන් පැමිණ උකුළේ හොවාගෙන සිටි දරමිටිය දඩාස් යන හඬින් බිම දමා කුස්සියට ඇතුළු වූවාය.
සැමියා සීනි කිලෝ එක ඉල්ලීමට අත  බිරිඳ දෙසට දිගු කළා පමණි.
බිරිඳ දෑතින්ම තම ඔළුව බදාගෙන,”‍දෙයියෝ සාක්කි, සීනි උරේ දර කෝටුවක් ඇනිලා ඔක්කොම සීනි හැලිලා. අනේ හත් දෙයියනේ  දැන් මොකද කරන්නේ?”‍යනුවෙන් හැඬුම් ස්වරයෙන් කීවාය. 
සැමියාට මළ පැන්නේය. බිරිඳගේ කෙස් වැටියෙන් අල්ලා ගත් සැමියා, ඔහේ ගියේ සීනි ගේන්න, දර ගේන්න නෙවෙයි නේද, උඹලගේ තෘෂ්ණාව තියෙන තාක් කල් අපට හරියන් නෑ යෝදියේ”‍ කියමින් බිරිඳගේ පිට හරහා පහරවල් කීපයක් එල්ල කළේය. 
ඉස්තෝප්පුවේ සිටි මිතුරන්ට කාරණය වැටහුණි. ඔවුන් ද එතැනට පැමිණ සියල්ල සාවදානව විසඳා, බඩ පිරෙනතුරු ඇල් වතුර බී මිතුරු තුමෝ සතුටින් විසිර ගියහ.

 

 කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



අදහස් (0)

වැඩි තණ්හාවට ගිහින් අම්බානට ගුටිකාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site