IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


මනාලියගේ පුටු මාරුවෙන් මාමණ්ඩියගේ කොන්ද කැඩිලා

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්.


අලු‍ත කැන්දන් ආ මනාලිය නිවැසියන්ගේ සිත දිනාගැනීමට ගොස් තිබුණු හොඳත් නැතිකර ගත් පුවතක් මාතර දිස්ත්‍රික්කයේ ගමකින් අසන්නට ලැබේ.
එක් පුතකු පමණක් සිටි එම යුවළ ජීවත්වූයේ ගැමි පරිසරයකයි. එම පුතුට විවාහයක් කර දුන් ඔවුන් ජීවත් වූයේ එකම වහලක් යටයි. අලු‍ත ගෙනා මනාලිය නිවසේ සියලු‍ කටයුතු නිරතුරුව සොයා බලා මැනවින් ඉටු කළ අතර සැමගේ ආදරයට පාත්‍ර විය. නිරන්තරයෙන් ගෘහ උපකරණ තිබෙන ස්ථාන වෙනස් කිරීම ඇයගේ පුරුද්දක් විය.
දිනක් සැමියා රැකියාවට ගොස් එන විට ඇය නිවසෙහි ඇඳ, පුටු හා මේස යනාදිය වෙනත් තැන්වල තැබීමට කටයුතු කළේ සැමියාගේද ප්‍රසංශාව හිමිවේයැයි යන සිතුවිල්ලෙනි.
තම වත්තේ වැඩ නිමකර සවස නිවසට පැමිණි මාමණ්ඩිය මල් පූජා කිරීමට පෙර දුම් ඇල්ලීම සඳහා ඇවි​ෙළන අඟු‍රු කබල ද රැගෙන දුම් අල්ලන අතරතුර, විදුලිය විසන්ධි විය. ඒ සමගම ඔහු වෙනදා පුරුද්දට එතන තිබූ පුටුවෙහි ඉඳගැනීමත් සමඟ ඔහු බිම ඇද වැටී දුම් කබලෙහි තිබූ ගිනි අඟු‍රු උඩින් ගොස් සී සී කඩ විසිරිනි. 


කවුද මෙතන තිබුණු පුටුව අයින් කළේ. “අම්මෝ මගේ කොන්ද ඉවරයි” යනුවෙන් විලාප දෙන්නට විය. මේ ශබ්දය ඇසී එතනට දිව ආ නිවැසියන්, දුටු දෙයින් විමතියටත් භීතියටත් පත්විය. “තාත්තේ මමයි මේ පුටුව අයින් කළේ. මෙහෙම දෙයක් වෙයි කියල සිතුවේ නැහැ” යි කියමින් ඔහු නැගිටුවා වෙද නිවසට රැගෙන යන ලදී.
කෙසේ වෙතත් ඔවුන් වෙදගෙදර ගොස් ප්‍රතිකාර රැගෙන නිවසට පැමිණෙන විට දුටුවේ දුම් නගිමින් තිබෙන අලු‍ත්ම සොෆා සෙටියයි. වහා ක්‍රියාත්මක වූ ඔවුන් ගින්න නිවන ගමන් පවසා සිටියේ, ‘තව ටික වෙලාවක් ප්‍රමාද වුණානම් ගේත් ගිනි ගන්නවා, ඔයින් ගියා මදැයි’ යි යනුවෙනි. 



අදහස් (0)

මනාලියගේ පුටු මාරුවෙන් මාමණ්ඩියගේ කොන්ද කැඩිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1039 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1075 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 415 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site