අම්බලන්තොට සනත් ගමගේ
සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියකට පැමිණිලි කිරිමේ සිද්ධියක් වාර්තාවේ.
සිද්ධිය වාර්තාවන අන්දමට මෙසේය,
හොඳම යහළුවන් දෙදෙනෙකු තමන්ගේ බිරින්ඳැවරුන් දෙදෙනා වෙනසකට වාගේ මාරුකරගෙන ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත. එහෙත් මෙම ඇසුර දිගින් දිගටම පවත්වාගෙන යෑම සිදු වූ හෙයින් පවුල් දෙක අතර පවුල් ආරවුල් තත්ත්වයක් ඇති විය. මුලින් දෙපාර්ශවයේම දැනුම මත සිදු වූ දෙය පසුව එකිනෙකාට හොර රහසේ ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එක් කාන්තාවක මෙය මහත් ගැටලුවක් සේ සිතා සිය සැමියාගෙන් ඈත් වීමට පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.
පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාශයේ නිලධාරින් ගැඹුරට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බැලිමේ දී දෙපාර්ශවයම කැමැත්තෙන් මුලින් ආරම්භ කර ඇති ඇසුර පසුව ගැටලුවක් බවට පත්වී ඇති බව හෙළි වී ඇත.
දෙපාර්ශවයට සිදු වී ඇති සිද්ධියේ බරපතළකම පොලිස් නිලධාරීන් විසින් වටහා දීමේ දී සියල්ල සිදු වී හමරා වී ඇත. එක් පාර්ශවයකට දික්කසාද වීම දක්වා සිද්ධිය දුරදිග ගොස් හමාරය.
මෙවැනි සිද්ධීන් යහපත් සමාජයක සිදු නොවිය යුතු සිද්ධීන් වන හෙයින් හැඟීම්වලට වහල් වී ඇති කරගන්නා දේ පවුල් ආරවුල් බවට පත් වී සතුටින් සිටි පවුල් කැඩී යෑමට හේතුවන හෙයින් පොලිසියේ දී සමතයකට පත්නොවන්නේනම් අධිකරණ ක්‍රීයාමාර්ගය දක්වා ගෙන යෑමට සිදුවන බව දෙපාර්ශවයට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිරින්දෑවරුන් මාරුකරගෙන මඟුලත් කැඩිලා