IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මධුවිත මුට්ටියත් අරන් ඩබලම ලෝකප් එකේ

ගමේ නිපදවන මධුවිත සමග සම්බන්ධව පැරණි  මිත්‍රත්වය ගොඩ නගා ගත් මිතුරන් දෙදෙනකුට සිදු වූ අලකලංචියක් ගැන පුවක්ගහහේන ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. කතාව මෙසේය.
එකම ගමේ ජීවත් වූ මේ මිතුරන් දෙදෙනා පාසල් සමයේ සිටම මිතුරෝ වූහ. අධ්‍යාපනය අතර මග නතර කළ මොවුන් දෙදෙනා ඉරගල වැටෙන යාමයේ ඔවුන් තම  කැමැත්ත පරිදි නියම කරගත්  සාමාන්‍ය වන රොදක් සහිත  දොළ පහරක් ළඟ  දිනපතාම හමුවීමට  පියවර ගෙන තිබුණි.
එසේ ඔවුන් හමු වන්නේ දවසේ වෙහෙස සමසේ විඳගැනීමට  තම, තමන් විසින් නිපදවා ගනු ලබන මධුවිත ටිකකින් සප්පායම් වීම සඳහාය. එකිනෙකා මාරුවෙන් මාරුවට දිනක් හැර දිනක් මධුවිත නිපදවීමට අවශ්‍ය කිතුල් පැණි, සීනි ආදී දේ සැපයීමටද පියවර ගෙන තිබුණි.


හමුවීම සඳහා ජංගම දුරකථනයෙන් එකිකෙනා කතා කරගෙන හමුවෙන වෙලාව තීරණය කිරීම ද මොවුනගේ සිරිත විය.
 කිසියම්  අයෙකු විසින් පොලිසියට දුන් ඔත්තුවකට අනුව එක් මිතුරෙක් මධුවිත මුට්ටිය ද සමග පොලිසියට රැගෙන ගියේය. ඔහුගේ ජංගම දුරකතනය පොලිසියේ ස්ථානාධිපතිවරයා භාරයට ගෙන,  පොලිස් ඇප මත ඔහු මුදාහරින තෙක් පොලිසියේ සිර මැදිරියේ රැඳවීමට, පියවර ගෙන ඇත.
සිදු වූ මෙම අලකලංචිය නොදත් අනෙක් මිතුරා එදින සැන්දෑවේ මිතුරාගේ දුරකතනයට  ඇමැතුමක් දී “මචං බඩු මුට්ටිය කොහේද? මම වේලපහ එනවා” කියා   කීවේය. අනෙක් කොනෙන් පිළිතුරු දුන් අය ‘හරි එන්න මම එන්නම්’, කියා දුරකතනය විසන්ධි කළේය.
මිතුරා දුරකතන පණිවුඩයට අනුව කියන ලද වෙලාවට  පුරුදු පරිදි වෙනදා මෙන් හමුවන ස්ථානට ගියේය.
පුදුමයකි! එකපාරටම  කැලෑවේ සැඟව සිට, මතු වූ පොලිස් නිලධාරීහු තිදෙනෙක් මොහු අල්ලා පොලිස් භාරයට ගත්හ. පොලිසියට ගෙන ගොස් අනෙක් මිතුරා රඳවා සිටි සිර මැදිරියට  ඇතුළු කළහ. යාළුවා සිර මැදිරියේ සිටිනු දුටු ඔහුට තරමක අස්වැසිල්ලක් ලැබුණ ද තමා ලොකු අමාරුවක වැටුණ බව ඒ වන විට ඔහුට තේරුම් ගොස් තිබුණි.
කලින් සිර මැදිරියේ සිටි මිතුරා ඔහුට කීවේ “උදේ වරුවේ කාගෙදෝ ඔත්තුවකට බඩු මුට්ටිය සමග තමන් පොලිසියට ගෙනා බවත්, ඒ අවස්ථාවේ දුරකතනය ඕඅයිසී මහතා භාරයට ගත් අතර, ඔයාගේ දුරකතන ඇමැතුමට උත්තර දී ඇත්තේ ඕඅයිසී මහතා බවත්,   දුරකතන ඇමැතුම නිසා උඹ අමාරුවේ වැටුණ බවත්” කීය.
ලබන සතියේ දිනක  උසාවි පැමිණෙන ලෙස  දන්වා දෙදෙනාම  පොලිස් ඇප මත  මුදාහැරීමෙන් පසු සිදු  වූ වින්නැහිය ගැන පුදුමයටත්, හාස්‍යයටත් පත් වෙමින් කතාකරමින්  මිතුරෝ දෙදෙනා පොලිසියෙන්  පිටව ගියහ.

 

 මාවරල පී.එස්. මද්දුමගේ



අදහස් (0)

මධුවිත මුට්ටියත් අරන් ඩබලම ලෝකප් එකේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site