කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.
තේ හා කුරුඳු ආශ්‍රිත ජීවන රටාවක් පවතින ග්‍රාමීය නිවසකි. පවුලේ එකම දියණියට හොඳ තැනකින් කටයුත්තක් කර දීමට සිතූ මවුපියන් ඒ සඳහා කපු මහතකුගේ සහාය ඇතිව ගිරුවාපත්තුවෙන් හොඳ තරුණයෙක් සොයාගනු ලැබීය.
මෙම කටයුත්ත සඳහා මවුපියන්ගේ ද ආශිර්වාදය හිමිවූයේ ඔහු හොඳ ගොවි මහතකු වීම නිසාවෙනි. දියණියගේ කැමැත්ත අනුව විවාහ කටයුතු සිදුකළ ඔවුන් එම තරුණයා තම නිවසෙහි නවතා ගැනීමට කටයුතු කළේය. මනාල මහතාට කුඹුරු වැඩ පිළිබඳව දැනුමක් තිබුණු නමුත් වෙනත් වගාවන් පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුණි.
මොවුන් සතුව තේ හා කුරුඳු වගාවක් තිබූ අතර, මාමා සහ බෑනා එකතුව ඉඩමේ වැඩ කටයුතු සිදු කරන ලදි. බෑනා පවුලට එකතුවීමෙන් පසු තම කටයුතු පහසු වූ බැවින් හේ සතුටට පත්විය.
දිනක් මාමණ්ඩිය තම බිරිඳ අමතා පවසා සිටියේ “දැන් තේ ගස් කපන්නත් වෙලා. අර උන්නැහේට එන්න කිව්වට ආවෙත් නැහැ. මටත් සනීප මදි වගේ.’’ යනුවෙනි. ඔහු තේ කැපීම ලෙස අදහස් කළේ කලක් යන විට දලු කැඩීම අපහසු බැවින් තේ ගස් කප්පාදු කළ යුතු බවයි.
මේ පුවත කනවැකුණු බෑනා පසුදා උදෑසනම පිහියක් ද රැගෙන තේ ඉඩම වෙත ගියේ මෙය තමාට මාමණ්ඩියගේ හිත දිනාගැනීමට උදා වූ හොඳ අවස්ථාවක් බව සිතමිනි. ඉඩම වෙත ගිය ඔහු සරම කෙටි කර ගෙන කොනක සිට තේ ගස් මුලින් කපා දැමීමට පටන් ගත්තේ ගිරුවාපත්තුවේ හේන් එළිකරන්නාක් මෙනි. ඉඩම දෙසින් ශබ්දයක් ඇසුණු බැවින් මාමණ්ඩිය ඒ දෙසට ගිය අතර, දුටු දෙයින් ඔහු මවිතයට පත් වී “අපොයි දෙවියනේ මොකක්ද මේ කරල තියෙන්නෙ. මගේ තේ ගස් ටික ඉවරයි.” කියමින් එතැනම බිම ඉඳගත්තේ දෑතම හිසට ගසා ගනිමිනි.
මින් අන්දමන්ද වූ බෑනා මාමණ්ඩියගෙන් කරුණු විමසා දැනගත් පසුව, සමාව අයැද සිටියේ මින් පසු කළ යුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු නොකරන බව තරයේ පවසමිනි. වැඩි හොඳත් නරකට තමයි සිතමින් ඔහු නිවස කරා ගියේ තමා අතින් සිදුවූ දෙය පිළිබඳව කනගාටුවෙමිනි.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා