IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බිරියට මල් කිනිත්තක් දෙන්න ගිහින් අම්බානට බැණුම් අහලා

කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත


යුගදිවිය ප්‍රී්‍රතියෙන් ප්‍රමෝදයෙන් ගත කිරීමට ඒ සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වූ දේශකයා කියූ පිළිවෙත අනුව භාර්යාවගේ උපන් දිනය දා දීමට ගෙන ආ මල් කිනිත්තෙන් අකරතැබ්බකට පැටලු‍ණු සැමියකු පිළිබඳ කතාවක් දකුණේ කොනේ ගමකින් අසන්නට ලැබේ.
හේ නිරන්තරයෙන්ම කැමැති වූයේ සිය ප්‍රියම්භිකාව සමග සතුටින් ගත කිරීමටය. එහෙත් ඇය කිසිසේත්ම එයට අනුගත නොවූවාය. සැමියා පිළිබඳව ඇය සෑම විටම සිටියේ තරහිනි. රණ්ඩු සරුවල් කරගනිමිනි. හොස්ස ළඟින් මැස්සා ගියත් ඇයට ඩෝං ගියාය.
වැඩිමනත් මේ අඬහැරය සැමියා සමගය. සමහර දිනවල ඔහුත් සමග ඇති කරගන්නා රණ්ඩු නිසා වහලයේ සෙවිලි තහඩු සෙලවුණු අවස්ථා නැත්තේ ද නොවේ. මෙය ඔහුට මානසික වදයක් වුවත් ඉවසා සිටියේ බැඳගත්ත බෙරේ නොගහා වෙන කරන්න දෙයක් නොවුණු නිසාවෙනි.
ඇත්තටම ඔහු ආශා කළේ තමන්ගේ යහළුවන් මෙන් හොඳ පවුල් දිවියක් ගත කිරීමටය. ඒ වෙනුවෙන් නොකළ දෙයක් නැත. භාර්යාවගේ කන්කරච්චලය හමුවේ එහෙමත් නැත්නම් බෙලිකටු මල්ල සෙලවීම හමුවේ ඒවා ගඟට කැපූ ඉනි මෙන් විය. ඇය කන්න කැමැති කෑම ගෙනත් දුන්නේත්, අඳින්න පලඳින්න එක එක ජාතියේ ඇඳුම් පැලඳුම් ගෙනත් දුන්නේත් භාර්යාව ෂේප් එකේ තියාගන්නටය. මේ ආකාරයට ඇයට කොයි තරම් බටර් ගෑවත් බටර් ටොන් පිටින් ගෑවත් ඇය නොවේ පොඩ්ඩක්වත් වෙනස් වුණේ.


ඔහු සේවය කළ ආයතනයේ සුභසාධක සංගමයෙන් අපූරු දේශනයක් සංවිධානය කොට තිබුණේ ඒ අස්සේය. එහි තේමාව වී තිබුණේ ‘ගැටුම්වලින් තොර පවුල් ජීවිතයක්’ යන්නය. ඔහුත් මේ වැඩසටහනට ගියේ කැමැත්තෙන්මය. මහත් වූ ඕනෑකමෙන්ය. එහිදී දේශකයා සැමියකුට භාර්යාව ෂේප් කරගන්නා ක්‍රම කිහිපයක්ම කීවේය. භාර්යාවකට සැමියා ෂේප් කරගන්නා හැටි ද කීවේය.
දේශකයාගේ එක් ක්‍රමයක්, ඔහු අනුගමනය කරන්නට සිතා ගත්තේය. එදා පස්වරුවේ නිවෙසට ගියේ ඊට අවශ්‍ය කරන දෑත් රැගෙන ගියේ හෙට අනිද්දා එන භාර්යාවගේ උපන් දිනය දා ක්‍රියාත්මක කිරීමටය. එය ඔහු අල්මාරියේ සඟවා තැබුවේ දිනය උදා වන තෙක්ය.
පසු දා ඔහු සේවය නිම වී පෙර මග බලා සිට ඔහුගේ භාර්යාව ගෙට පය තබනවාත්ම, “කවුද ඕයි මේ නාකි මනමාලයාට මල් කිනිත්තක් දුන්නේ” යයි කියමින් ඔහුට තඩි බාන්නට වූවාය. “දැන් ද තමුසෙට ගෑනු මල් දෙන්න පටන්ගත්තේ” යයි කියමින් ඇය දෙස්දෙවොල් තිබ්බේ ඔහුට වචනයක් කතා කරන්නවත් ඉඩක් නොතබමිනි.
“ළමයෝ ළමයෝ, මේ මල් කිනිත්ත ගෙනාවේ ඔයාගේ උපන්දිනයට දෙන්න. දීලා සුබ පතන්න” යයි ඔහු කීවේය.
“මේ මොන බොරුවක් ද? තමුසේ වෙනදාටත් මට මගේ උපන්දිනයට මල් කිනිති දෙනවා ද?” ඇය බෙලි කටු මල්ල සෙලවූවාය. ඔහුට සිදු වූ දේ නොවලහා කියන්නට වූයේ නැත්නම් නිවෙසේ සිටීමට බැරි නිසාලු‍.

 



අදහස් (2)

බිරියට මල් කිනිත්තක් දෙන්න ගිහින් අම්බානට බැණුම් අහලා

Pradeep Kumara Thursday, 10 October 2024 09:08 PM

මට එහෙම ඔහොම වුණා නම් අනිත් අතටම හොඳවයින් දෙක තුනක් දෙනවා... ඔය ගෑනු මනුස්සයාට ආයේ කවදාවත් ස්වාමියාට අතක් නොඋස්සන්නම...

:       4       11

Lalla Tuesday, 15 October 2024 07:34 AM

අතහැරයාම හැර වෙන විකල්ප නෑ. බුද්ධ වචනයත් සියල්ල අතහැරීම නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site