IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන්  හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන්  පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක් නාරම්මල  නගරයෙන් අසන්නට  ලැබුණි.
ඔවුන්  කුරුණෑගල  ප්‍රදේශයේ  වෘත්තීය පුහුණුවක්  හදාරන  විවිධ  පෙදෙස්වලින් පැමිණි  පිරිසකි. පුහුණුවේ පහසුව තකා මිතුරෝ කුලී පදනමට  බෝඩිමක නතර වී සිටිති. 
ලද විවේකයක දී සියලු  දෙනා එක්ව  පිටතට ගොස් විනෝද වෙන අවස්ථා  එමටය. එලෙස යන ගමනේදී එක් එක් දවසට වියදම් කිරීම ඔවුන්  කාල සටහනකට අනුව මෙන් බෙදාගෙන ඇත. මෙදින සවස් යාමයේ ආයතනයේ  පුහුණුව එදිනට අවසන්  කළ ගජ මිතුරෝ නාරම්මල  බලා පිටත් වූහ.


නගරයේ  ගැවසුණු  ඔවුනට රූමත් කාන්තාවන් සිටින හෝටලයක් නෙත ගැටුණි. ඒ  තුළට ගොස් ෂෝටිස් කාලා ටී එකක් බීලා එන්නට එකකු  ගෙනා යෝජනාවට සියලු දෙනා කැමැති වූහ.
 මෙදින වියදම්  කළ යුතුව ඇත්තේ එක්  අයකුටය. ඒ බෙදාගෙන ඇති කාලසටහනට  අනුවය. ඔහු එම මුදල ගෙවන බවට පොරොන්දු විය. ඔහු පොරොන්දු  වෙනවාත් සමඟම  අන් මිතුරෝ  ඔච්චමට  මෙන්  ඔහුට සිනාසෙන්නට වූහ.
ඒ ඇයිදැයි  ඔහු ඇසුවත්  කිසිවෙකුත් කීවේ නැත. ඔහුට ඇති වුණේ සැකයකි . එහෙත් ඔහු දෙගිඩියාවෙන්  යුතුව හෝටලයට ගොඩවැදුණි. කෑමට  අවැසි  දේ ගෙන්වා  ගත්තේය. මිතුරු  කැල වට වී ඒවා භුක්ති විඳිති. මුදල් ගෙවන මිතුරා කාන්තාවන් අතරින්  තේ හදන තැනට ගියේය. හොඳට, රසට අපිට ටී දාන්න. කණ්ඩායම  පෙන්වා ඔහු  පවසා ආපසු  එතැනට ආවේය. හෝටලයේ සිටින හැමෝම ඔහු දෙස බලා සිනාසෙති. ඒ අතරේ එහි සිටි රූමත් කාන්තාවක්  ඔහුගේ කමිසයේ පිටුපස අලවා ඇති කඩදාසි  කැබැල්ලක්  ගලවා ඔහු අතට දුන්නාය.
“මං ගොනා” යනුවෙන් එහි අලවා තිබුණි. කුරුණෑගල සිට බස් රථයක නාරම්මල  එන විටත්, නාරම්මල නගරයේ කරක් ගහලා හෝටලය වෙත එන තෙක්ම මෙය නෙත ගැටුණු  අය  සිටිති. 
මේ නිසා තම බෝඩිමේ  ගජ මිතුරන්  විනෝදය  පතා තමාට කර ඇත්තේ මහා කැළලකි. ඉන් කලකිරීමට  පත් මිතුරා  වැසිකිළිය දෙසට ගියේය. හෝටලයේ බිල ගෙවිය යුත්තේ ඔහුය. රැස්ව සිටි  අය ඔහු එන තෙක් එහි රැඳී සිටිති. ඔහු එන්නට පමාය. ඔවුහු ඒ  ගැන සොයා බැලුහ. ඔහු සියල්ලන්ටම හොරා බෝඩිමට ගොස්ය.
 බිල ගෙවන්නට එහි සිටිනා අය අතේ පිච්චියක් හෝ නැත. ඔවුන් වෙච්ච  අකරතැබ්බය  හෝටලයේ හිමිකරුට කීවේය. විශ්වාසය  තහවුරු  කොට යන්න. පසුව  මුදල් ගෙනැත්  දෙන්න. ඔහු  ඊට විසඳුමක්  දුන්නේය. සිම්පත ගලවා අතට ගත් එකකු වටිනා පෝන් එකක් මුදලාලි  අත තැබුවේය. මුදල ගෙවන විට එය බේරා ගන්නා බව පවසා කරපු ගොන්කම සිහිපත්  කරමින් රූමත් කාන්තාවන් අතරින්  ඔවුන්  ලැජ්ජාවෙන් යුතුව ඉක්මනින්ම ගියා ලු.

 



අදහස් (0)

මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site