IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්


උණවටුන ඩී.ජී.සුගතපාල


ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ. වැනි වැනි පාරට පැමිණි දෙදෙනාට පරණ ආරවුලක් මතක් විය. දැන් දැන් මිතුරුකම ටිකෙන් ටික ඈත්වී සතුරුකමක් මතුවන්නට විය. අවසානයේ එකෙකු අසල තිබූ පොල්ලක් ගෙන මිතුරාගේ ඔළුවට වේගවත් පහරක් එල්ල කළේය.

ටික වේලාවකදී අසල්වැසියෝ රැස්වී ගිලන් රථයකින් තුවාලකරු කරාපිටිය රෝහලට යැවීමට කටයුතු කළහ. තුවාලකරුගේ තත්වය බරපතළ වූ නිසා ඔහු වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරනු ලැබිය. සිද්ධිය වාර්තාවීමත් සමග සැකකාර මිතුරා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රිමාන්ඩ් සිර ගෙදරට ගියේය.

මේ අතර එදිනට පසුදින රාත්‍රි පිරිසක් තුවාලකරුගේ නිවසට ආහ. එසේ පැමිණියේ හිස් අතින් නොව බූරුවා කුට්ටමක්ද රැගෙනය. තුවාලකරුගේ බිරිඳ සිතුවේ සැමියාගේ මිතුරන් පිරිසක් සැමියාගේ තත්වය විමසීමට පැමිණ ඇති බවය. ඇය ඔවුනට තේ සැදීමට මුළුතැන් ගෙට ගියාය. එහෙත් නිවසේ කිසිදු කලබල ගතියක් නොවිය. ඒ බව පැමිණි පිරිසට නොදැනුනේ ඔවුන්ද බීමත්ව සිටි නිසාය. පැමිණි පිරිස බිම පැදුරක් එළා වාඩිවී බූරුව කුට්ටම දිග හරින්නට වූහ.

තේ සාදාගෙන පැමිණි බිරිඳ මෙය දැක පුදුමයට පත්වුවාය. “ඇයි මේ මොකද” ඇය ඇසුවාය.’ නැහැ අපි මේ අයියගේ බොඩිය ගේනකම් නිදි මරන්න ඕන නිසා කාඩ් කූට්ටමක් අරගෙන ආවා” එක් අයෙක් කීය.

ඒ සමගම ඇයගේ කෝපය ඉහ වහා ගියේය. තේ කෝප්ප ටික විසි කළ ඇය “මගේ මහත්තය මැරුණේ නැහැ යකෝ” යනුවෙන් කෑ ගසමින් පැමිණි පිරිසට පහරදීමට සූදානම්වන විට ඔවුන් බූරුව කුට්ටමද දමා දුව යන්නට වූ අතර ඇයද වහාම රෝහල වෙත දුව ගියාය. ඒ වනවිට සැමියාගේ තත්වය සුව අතට හැරෙමින් තිබෙනු දුටු ඇය රෝහලෙන් පිටව නැවතත් නිවසට දුව ගියේ බූරුව ගැසීමට පැමිණි පිරිස හමුවීමේ බලාපොරොත්තුවෙන් වුවද ඒ වනවිට පිරිස බොහෝ දුර ගොස් තිබිණි.



අදහස් (0)

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site