IMG-LOGO

ඇදුමට සලකන්න ගිහින් කොන්දොස්තරගේ පටි රෝල්

පුද්ගලයන්ගේ ඇඳුම් පැලඳුම් දෙස බලා ඔහුගේ තරාතිරම තීරණය කිරීමට ගිය තරුණ බස් කොන්දොස්තර මහතෙකුට සිදුවූ අපූරු පුවතකි.
මාතර නගරයේ සිට ග්‍රාමීය පෙදෙසක් කරා ගමන් ගන්නා බස් රථයකි. කාර්යාල වේලාව පසුවීමත් සමගම ධාවනය වන බස් රථයක් වූ හෙයින් එය අතුරු සිදුරු නැතුව මගීන්ගෙන් පිරී තිබුණි. තව තවත් මගීන් බස් රථයට නංවා ගැනීමේ අරමුණින් කොන්දොස්තර තරුණයා බෙරිහන් දෙමින් බසයේ සිටි පුද්ගලයන් පසුපසට යවන්නට යුහුසුළු විය.
හොඳින් හැඳ පැලඳ ගත් අයට මහත්මයා මිස් යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සුහදශීලීව හැසිරුණු අතර සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු අයට හා වයසක පුද්ගලයන් හට උස් හඬින් අමතමින් පහත් අයුරින් කතා කරමින් කටයුතු කරන්නට විය.


මේ අතර බස් රථයට අතරමගදී ජාතික ඇඳුම ඇඳගත් මැදි වියේ පුද්ගලයෙක් ගොඩ විය. බොහොම අපහසුවෙන් පාපුවරුවේ රැඳී සිටි ඔහුට කොන්දොස්තර තරුණයා සුපුරුදු වාග්මාලාව යොදා ගනිමින් අන්කල් පස්සට යන්න නැත්නම් බහින්න කන් ඇහෙන්නේ නැද්ද යනුවෙන් පවසන විටම. ඔහු ඉතා අපහසුවෙන් බස් රථයේ ඇතුළට ගොඩ වන්නට විය. මේ සිද්ධිය දුටු පසුපස අසුනක වාඩිවී සිටි නිරන්තරයෙන් මේ බසයේ ගමන් ගන්නා රජයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයකු නැගී, ‘මේ අපේ සර්නේ.. එන්න සර් මෙතනින් වාඩිවෙන්න’  යනුවෙන් පවසනවාත් සමඟ බස් රථයේ සිටි සියලු‍ දෙනාගේ දෙනෙත් ඒ දෙසට යොමු වන්නට විය.
පසුව කොන්දොස්තර ළමයා ළඟට ගිය එම මහතා මල්ලි මේ දරුවන්ගේ දෙනෙත් පාදන ගුරුතුමෙක්. අපි අද මේ තනතුරුවල ඉන්නෙත් මේ ගුරුවරු නිසා. ඇඳුමෙන් පැලඳුමෙන් මිනිසුන්ගේ තරාතිරම තීරණය කර ඔවුන් අපහසුතාවයට පත් කරන්නට එපා.  යනුවෙන් පැවසීමත් සමඟ කොන්දොස්තර තරුණයා දැඩි ලෙස ලැජ්ජාවට පත්වී තමා කළ වරද අවබෝධ කරගෙන ගුරුතුමා අසලට ගොස් සමාව අයැද සිටියේය.

 



අදහස් (0)

ඇදුමට සලකන්න ගිහින් කොන්දොස්තරගේ පටි රෝල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site