IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පෙම්වතා හොරෙන් ​ගෙන්වාගෙන ආච්චිගෙන් පොලු‍ පහර කාලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


පෙම්වතියගේ නිවසට ගොස් කතා බහ කරමින් සිටින අවස්ථාවේ දී තරුණයකුට දොර පොල්ලකින් පහර දී ඇතැයි කියන අපූරු වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කරතා ඇති ගමක වයෝවෘද්ධ යුවළක් නිවසක පදිංචිව සිටිති. 
මෙම යුවළගේ දරුවන් සිවුදෙනා වෙන වෙනම නිවාස තනාගෙන පදිංචිව සිටින අතර බාල පිරිමි දරුවා ඒ ආසන්නයේ නව නිවසක් තනාගෙන පදිංචිව සිටියි.
මෙම වයෝවෘද්ධ යුවළගේ වැඩිමහල් දියණිය අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය. එම දියණියගේ වැඩිමහල් 21 හැවිරිදි දියණිය (මිනිපිරිය) වසරක පමණ කාලයක සිට තනි නොතනියට වයෝවෘද්ධ යුවළ සමග නිවසේ ජීවත් වෙමින් සිටියි. “මෙහේ අපිත් එක්ක හිටියාට කමක් නෑ තියෙන දෙයක් කලා බිලා ගමේ නොසන්ඩාල කොල්ලෝ ඉන්නවා උන් එක්ක එල්ලෙන්න එහෙම එපා අපට හොයන්න යන්න එන්න බෑ”‍ වයෝවෘද්ධ යුවළ තරුණිය නිවසට ආ මුල් දිනයේ පවසා ඇත. “නෑ මම කාත් එක්කවත් එල්ලෙන්න යන්නේ නෑ එල්ලෙන්න මම වැළක් නෙමේ මේ ආච්චිටයි සීයටයි පිස්සු ද මන්දා”‍ තරුණිය කේන්තියෙන් පැවැසුවාය.


මෙසේ මාස කිහිපයක් ගත වී යද්දී තරුණිය දිනක් පාන් ගෙඩියක් රැගෙන ඒමට හැන්දෑවට වෙළඳසලකට ගිහින් එද්දී කෑගල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයකු ඇයට බලහත්කාරයෙන් කතා කොට දුරකතන අංකය ඉල්ලා ඇත. තරුණිය ද දුරකතනය ඉල්ලා ඇති සැණින් තරුණයාට දී ඇත. කලක් ගත වෙද්දී දෙදෙනා අතර නොදැනීම ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගී තිබේ. තරුණිය වයෝවෘද්ධ සීයටයි ආච්චිටයි හොර රහසේ සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත.
“දුවේ උඹට ඉස්සරට වඩා දුරකතනයට කෝල් එනවා වැඩියි කාගෙන් ද ඒ”‍ දිනක් වයෝවෘද්ධ කාන්තාව තරුණියගෙන් විමසුවාය.  “ආච්චී මගේ පංතියේ හිටපු යාළුවෝ මට කතා කරනවා කෙහෙද ඉන්නේ මොකද කරන්නේ කියලා අහනවා මම කෑගල්ලේ ආච්චිගේ සියාගේ ගෙදර ඉන්නවා කියලා කිව්වා”‍ තරුණිය කිසිම දෙයක් නොදන්නා සේ පිළිතුරු දුන්නාය.
පසු ගිය දිනක තරුණිය දුන් දුරකතන ඇමතුමකට තරුණයා ඇගේ නිවසට රාත්‍රි පැමිණියේය. තරුණියගේ නිවසට රාත්‍රි කාලයේ පැමිණ ඇති තරුණයා හොර රහසේ තරුණියගේ කාමරයේ කතා බහ කරමින් සිටින අවස්ථාවේ දී මිත්තණියට ඒ ගැන යමක් දැනී දොර පොල්ලක් රැගෙන තරුණියගේ කාමරයට පැමිණ තරුණයාට පහර දෙන්නට සුදානම් වූ අවස්ථාවේ දී තරුණිය මැදට පැන ඇත. පසුව මිත්තණිය විසින් එල්ල කරන ලද දොර පොලු‍ පහරක් තරුණයාගේ කොන්දේ වැදී ඇත. තවත් පහරක් තරුණියගේ ද වැදී තිබේ. පසුව තරුණියගේ වයෝවෘද්ධ සීයාට ද ගැටුම ඇසී එතන පැමිණ “ගහන්න එපා කොල්ලෝ කෙල්ලෝ ඔහොම තමයි අපි දෙන්නත් ඒ කාලයේ කරපු දේවල් මතකයි නේද යනුවෙන් වයෝවෘද්ධ බිරිඳගෙන් විමසීය. ඒ අතරේ දොර පොලු‍ පහර කෑ තරුණයා හීන් සැරේ නිවසින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

පෙම්වතා හොරෙන් ​ගෙන්වාගෙන ආච්චිගෙන් පොලු‍ පහර කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site