IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සහෝදරකමට ඡන්ද පොලු තියලා

පසුගියදා පැවති ඡන්ද  විමසීමේ දී තම තැපැල් ඡන්ද පමණක් නොව කාර්යාලයේ  හිතවතුන්  කිහිප දෙනකුගේ තැපැල් ඡන්දද තම ඥාති සහෝදරයාට ලබා දුන් බව පවසමින් අපේක්ෂකයාගේ නිවසට පැමිණ ප්‍රයිඩ්රයිස් දෙකක්ද ගෙන්වාගෙන අනුභව කර ආපසු ගිය  තම ඥති සහෝදරයා හා බිරිය පවා තැපැල් ඡන්ද දී නැති බව  අපේක්ෂකයාට සැක හැර හෙළි වීමෙන් පසු ඥාතීත්වය පවා වළ පල්ලට ගිය අපූරු පුවතක්  දකුණේ ඡන්ද පොරයේදි වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


 ඔහු විකල්ප පක්ෂයකින් මෙවර පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකි. එමෙන්ම  ප්‍රදේශයේ  ධනවත් පවුලක් වුවද එතරම් උගත්කමක් නොමැති අයෙකි. ඔහු නාම යෝජනා  දුන් දිනයේ සිටම අත දිග හැර වියදම් කළ නිසා ගමේ කොලු‍ කුරුට්ටන් දිවා රෑ ඔහුගේ සෙවනැල්ල මෙන් සිටියේ ආහාරපානාදියෙන් සංග්‍රහ ලැබෙන  බැවින් හා ඇඟ රත් වෙන්නට අරක්කු නැතිනම් සුදුවා වඩියක් හෝ දිනපතා ලැබෙන බැවිනි.
තැපැල් ඡන්දය ලකුණු කළ දින රාත්‍රී රාජ්‍ය සේවයේ උසස් තනතුරුවල යෙදෙන  තම මවගේ සහෝදරියගේ පුතා හා බිරිඳ සිය  නිවසට පැමිණ මහත් උජාරුවෙන් පැවසුවේ ඔහුට තම තැපැල් ඡන්දය පමණක් නොව තම හිතවතුන් කිහිපදෙනකුද ඔවුන්ගේ ඉල්ලීම මත ඡන්ද පාවිච්චි කළ බවයි.
වෙනත් පක්ෂයකට කලක සිට වැඩකළ මේ දෙදෙනා සහෝදරකම නිසා සිදුවූ මේ  වෙනස ගැන මහත් සේ සතුටට පත්ව රාත්‍රී ආහාරය සඳහා නිවසේ කිසිවක් පිළියෙල කර නොතිබූ බැවින් ප්‍රයිඩ් රයිස් දෙකක්ද  ගෙන්වා දුන් මෙම අපේක්ෂකයා සුහද කතාබහක ද යෙදී නිවසින්  පිටව ගියේ මොන තරම් වෙනස් දේශපාලන අදහස් තිබුණත් සහෝදරකමට ඒ සියල්ල යට වන බව යටි සිතින් සිතමිනි.
කෙසේ වුවද ඡන්දය පැවැති දින තැපැල් ඡන්ද ගණින විට මෙම අපේක්ෂකයාට දෙවියන් සිහි විය.  ඔහුට එකදු තැපැල් ඡන්දයක්වත් සටහන් වී නොතිබිණ.
මහත් සේ කෝපයටත් කලකිරීමටත් පත්වූ ඔහු එම අවස්ථාවේදීම ඡන්ද පොළේ සිටම තම ඥාතියාට ඇමතුමක් දී උඹලා තවත් අපේ ගෙදර නාවට කමක් නෑ. මට ඡන්දය නොදුන්නාට කමකුත් නෑ. බොරු කියල මගෙන් රයිස්  දෙකකුත් ගිල දාලා ගියා. තොපිට ලැජ්ජාවක් නැද්ද? තොපි වගේ සහෝදරයන් මට වැඩක් නෑ. යි කියන විට ම ‘නෑ අයියේ අපි දුන්නා. යි  පැවසුවේ හදිසියේ පාත්වුණා මේ හෙණ ගෙඩිය ගැන කිසිවක් නොදැනය.’ බොරු කියන්න එපා  යකෝ, එක තැපැල් ඡන්දයක්වත් මට නෑයි’ කියා දුරකතනය විසන්ධි කළේ උඹලා සමග මගේ සහෝදරකම් ඉවරයි. යනුවෙන් ද පවසමිනි.
 මෙම සිදුවීම මේ වන විට රහසක් ලෙස  පැවතුණ ද  පවුලේ ඥාතීන්ට රහසක් නොවීලු‍. පවුලේ සමහරුන් මොවුන්ට ඇමතුම් දී ප්‍රයිඩ් රයිස් එකක් දෙන්නම් මෙවර ඡන්දය දෙනවාදැයි විමසන විට දුරකතනය විසන්ධි කරනවාලු‍.

 රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන



අදහස් (0)

සහෝදරකමට ඡන්ද පොලු තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site