සහෝදර ගුරුවරියට ඇඹරූ ගැටයේ පශ්චාත් භාගය තමන්ට කැරකැවී ඇවිත් අලි අමාරුවක වැටුණු ගුරුවරයකු පිළිබඳව දකුණේ පාසලකින් අසන්නට ලැබේ.
දෙන්නා එක ගෘහයේ සිටියාට නයා මුගටියා මෙනි. කොයිවෙලාවෙත් දෙන්නා අතර රණ්ඩු සරුවල්ය. දෙන්න ගහ මරා නොගත්තත් වාග් ප්‍රහාර නිතර නිතරය. උණුසුම් වුවත් අත්පා සෙලවීමක් නැත්තේ ඇය ගුරුවරියක නිසාමය. මේ දෙන්නාගේ අඩදබරය ඇය සේවය කරන පාසලට ද ගියේය. ඒ සම්බන්ධයෙන් පාසලේ නොදන්නා ගුරුවරයකු නැති තරම්ය.
එදා විදුහල්පති පාසල නිමවීමෙන් පසු හදිසි ගුරු රැස්වීමක් කැෙඳව්වේ හදිසි අවශ්‍යතාවක් නිසාය. ඔය අතරේ අර ගුරුවරියගේ ජංගම දුරකතනය නාද විය. ඇය ටක්කෙටම සිතුවේ තම සැමියා වෙන්න ඇතැයි කියාය.
උපැස් යුවළ නොදාපු නිසා ඇමතුම දුන්නු කෙනා නොපෙණුනු ඇය එයට සම්බන්ධ වූ සැණින් අනෙක් අන්තයෙන් ආවේ මොකද තමුසේ ඉස්කෝලේ ඇරිලා ඔහේ නිදිවදිනවාද? යයි යන්නය. එය සැමියාගේ කටහඬට සමානය. ‘ඕයි කෑ නොගහා ඉන්නවා. අද ස්ටාප් මීටින් එකක්. ඒක ඉවර වුණු ගමන්ම එනවා.’ ‘තෝ මෙහේ අද නාවාට කමක් නැහැ. ඔහේම හිටපිය’ යැයි ද ඇසුණේය. ඇයට තැන නොතැන අමතක වුණාය. ‘ඒයි බල්ලෝ මම කියපු එක තේරුණේ නැද්ද?’ මම ගොන් හරකෙක් බැඳගත්ත එකේ විපාකේ තේරෙන්නේ දැන් තමයි’ කියමින් දුරකතන ඇමතුම විසන්ධි කළාය.
ඇයගේ පිටු පස්සේ සිටි සහෝදර ගුරුවරුන් පිරිසගේ කැකිරි පලන හඬ ඇසුණේ මේ අතරය. ‘ඒයි බල්ලෝ මම කියපු එක ඇහුණේ නැද්ද? යි’ කියමින් ඔවුහු මේ ගුරුවරියට ඇසෙනසේ කීහ. ඇයට වැඩේ තේරුම් ගියාය. තමාට ආපු දුරකතන ඇමතුම බැලුවේ උපැස් යුවළ දමාගෙනය.
එය දුන් කෙනා හඳුනා ගත් මේ ගුරුවරිය එදාම හවස සිය සැමියා සමග දුරකතන ඇමතුම දුන් ගුරුවරයාගේ නිවසට ගියේ මේ බලු වැඩේ පිළිබඳව ඇයගේ භාර්යාව දැනුවත් කිරීමටය. ඒ හිමින් නම් නොවේ අහළ පහළ අයට ද ඇසෙන ලෙසය. මේ සමගම ගුරුවරයා හොල්මන්ව ගියේය. ඔහුගේ භාර්යාවගෙන් බැණුම් එමටයි. මේ වගේ වැඩ කර ආයෙනම් ගෙදරට එන්න එපා, යැයි භාර්යාව ඔහුට කීවේ තර්ජනාත්මකවලු.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ගුරුවරියට ඇඹරූ ගැටය තමන්ටම කරකැවිලා