IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බල්ලා එළවන්න ගිහින් බෙරේ පළුවකුත් පළාගෙන

අමුතුම ක්‍රමයකින් සුනඛයකු එළවීමට ගොස් ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
දකුණු පළාතේ උප නගරයක් ආසන්නව පිහිටි ග්‍රාමයක නියඟය  දුරුවීමටත් බව භෝග ආරක්ෂා කර ගැනීමත් උදෙසා ගොවි ජනතාව සහ ගම්වාසීන් එක්ව සංවිධානය කරන ලද ගම් පිරිතකි.
සියලු‍ දෙනාගේ කැපවීම මත කුඹුරු යායක් මැද ඉදිකරන ලද අලංකාර පිරිත් මණ්ඩපයක තුන් තිස් පැයේ පිරිත ආරම්භ කිරීමට තවත් තිබුණේ විනාඩි කිහිපයක් පමණි.  පිරිත් මණ්ඩපය අවට පිරිත් ඇසීම සඳහා රැස්ව සිටියේ විශාල පිරිසකි.
හේවිසි හඬ මධ්‍යයේ භික්ෂුන් වහන්සේලා මණ්ඩපයට වැඩම කර, පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවා  පිරිත් දෙසුම ආරම්භ කිරීමට සූදානම් වූ මොහොතයි. ගිගිරි වළලු‍ අතකර පැලැඳ අලංකාර ඇඳුමින් සැරසුනු බෙර වැයුම්කරු බෙරය ද රැගෙන පිරිත් මණ්ඩපය ඉදිරියේ පෙනී සිටියේ තේජාන්විත ස්වරූපයෙනි.
එම අවස්ථාවේ හදිසියේම එතැනට දිව ආවේ සුනඛයෙකි.  ඌ එළවා දැමීමට එතැන සිටි කිහිප දෙනෙකුම උත්සාහයේ යෙදුන ද ඉන් ඵලක් වූයේ නැත. එය දුටු බෙරවැයුම්කරු සුනඛයා අසලටම ගොස් කේන්තියෙන් “දුප් බල්ලා” යනුවෙන් පවසමින් බෙරයේ එක් පසකට වේගවත් පහරක් ගැසීය.


ඉන් නැගුනු ශබ්දයෙන් බියට පත් සුනඛයා එළියට දිව ගිය ද ඔහුට දැක ගත හැකි වූයේ බෙරයේ එක් පැත්තක් පැලී ඇති බවයි. මෙය දුටු පිරිත් ඇසීමට පැමිණි පිරිසට සිනහව පාලනය කර ගැනීමට නොහැකි වුවද ,බෙර වැයුම්කරුට දෙවියන් සිහි වූයේ බෙරයේ එක් පසක් නොමැතිව මංගල බෙර වාදනය කිරීමට නොහැකි වීම නිසාය.
කලබල වූ සියලු දෙනා  එම මොහොතේ බෙරයක් සෙවූව ද සොයා ගත නොහැකි විය. කළහැකි දෙයක් නොවූයෙන් වැයුම්කරු බෙරයේ නොපැළුණු පැත්ත උඩු අතට හරවා දෑතින්ම වෙර යොදා මිනිසුන්ගේ සිනහව මැද බෙරය වාදනය කරන්නට විය.
කෙසේ හෝ එළිවනතෙක් පිරිත් සඡ්ඡායනය අතරතුර අවශ්‍ය අවස්ථාවන් හිද ඒ අයුරින් තනි පැත්තෙන් බෙරය වාදනය කරමින් තමා භාරගත් කාර්ය අකුරටම ඉටු කිරීම පිළිබඳව අවසානයේ  ඔහු සැමගේ ප්‍රසංශාවට ලක් විය.

කඹුරුපිටිය විශේෂ කේ. අජිත්



අදහස් (0)

බල්ලා එළවන්න ගිහින් බෙරේ පළුවකුත් පළාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site