IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තේ මේසයේදී ම්නාලිගේ මූණ මාරුවෙලා

හසලක සුනිල් ඒකනායක


ජංගම දුරකතනයේ වට්ස් ඇප් හරහා දුටු කාන්තාව මංගල තේ මේසයේදී වෙනත් කාන්තාවක බවට පත්වීම හේතුවෙන් සිය සහකාරිය කරගන්නට කාන්තාවක සොයා මංගල කටයුත්තකට සහභාගි වූ අයකු දැඩි අපහසුතාවට පත්වීමේ සිදුවීමක් හසලක ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.
මීට වසර හත අටකට ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී දරුවන්ගෙන් වෙන් වී ජීවත් වන ඔහු පෞද්ගලික සේවයෙන් විශ‍්‍රාම ලැබූ හැට එක් හැවිරිදි වියේ පසුවෙන අයෙකි. විශ‍්‍රාම ගත් පසු ඔහුට තනිකම හා පාළුව දැඩිව දැනෙන්නට පටන්ගත් හෙයින් මිතුරන් ඔහුට යෝජනා කළේ අවසන් කාලයේ වතුර බිඳක් හරි දෙන්න කෙනෙකු හොයා ගමුයි කියාය. එම යෝජනාව ගැන ගැඹුරින් කල්පනා කළ ඔහු ඒ සඳහා කැමැත්ත පළකර ඔවුන් මාර්ගයෙන්ම යෝජනා කීපයක් සම්බන්ධයෙන් සොයා බැලුවත් ඒවා ගැළපෙන මට්ටමේ නොවුණි. මේ අතර තවත් මිතුරකු ගෙනා යෝජනාවට ඔහු කැමැත්ත පළ කළේ ඇය මිතුරාගේ ජංගම දුරකතනයේ වට්ස් ඇප් එක හරහා ඉතා ළෙන්ගතු අයුරින් සුහදශීලීව කතා බහ කිරීමත් ඒ කතාව හා ඇයගේ රුව ඔහුගේ හිත දිනාගත් හෙයිනුත්ය. එම කතා බහේදී ඇය ඔහුට යෝජනා කළේ අසවල් දින තම නිවසට මිතුරා සමඟ පැමිණෙන ලෙසටය. 


අදාළ දිනයේ ඔහු මිතුරා සමඟ වලපනේ ප‍්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගියේ දහසක් අනාගත බලාපොරොත්තු කරපින්නාගෙනය. නිවසට ගොඩවන විට මවක සහ තවත් කාන්තාවක ඔවුන් ඉදිරියට පැමිණ සිංහල චාරිත‍්‍රානුකූලව පිළිගෙන නිවස තුළට කැඳවාගෙන ගොස් අසුන් ගන්වා ආගිය තොරතුරු කතා බහ කරමින් පිළියෙළ කර තිබූ තේ මේසයටද මව ඔවුන්ට ආරාධනා කළාය.
තේ මේසයට ගිය ඔහු කෝ අසවලා යැයි මිතුරාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තේ මේසය අසලට පැමිණ ඔවුන් සමඟ කතා කරමින් සිටින කාන්තාව ඇය බවය. මේ කාන්තාව තමන් වට්ස් ඇප් හරහා දුටු හා කතා කළ කාන්තාව මැය නොවන බවත් ඇයගේ කතාබහෙන් හා හැසිරීමෙන්, රූපයෙන් ඔහුට වැටහුණු අතර ඒ ගැන මිතුරාගෙන් විමසූවිට ඔහු පැවැසුවේ වට්ස් ඇප් හරහා කතා කළේ මැයම බවයි. මිතුරා තමන් මුළා කර ඇති බව ක්ෂණයකින් අවබෝධ වූ පසු වහා අසුනෙන් නැගිට “බලු වැඩ කරන්න එපා මිනිහෝ. තමුසේ වට්ස් ඇප් එකෙන් පෙන්නපු, කතා කරපු කෙනා නෙවෙයි මෙයා. එයා මෙයාට වඩා වයසිනුත් බාලයි. මෙයාට වඩා රූපයෙනුත් හැඩයි. කතා විලාශයත් වෙනස්.” යැයි කියමින් මිතුරාට බැණවැදී තේ බිඳක්වත් පානය නොකර වහා නිවසින් පිටතට විත් ඔහු පැමිණි යතුරුපැදියේ නැගී ගම බලා වේගයෙන් පියඹා අාවේ මිතුරාද එහි දමාය. ගමට පැමිණි ඔහු මේ පුවත තම මිතුරන්ට පැවසුවේ තවත් නම් තමන්ට සහකාරියක් සොයන්නට කිසිවකු මහන්සි නොවන ලෙසත් පසුගිය දිනවල මුහුණ දුන් සිදුවීම් කීපයක් නිසා තමන් ඒ පිළිබඳව දැඩි සේ පීඩාවටත් අපහසුතාවටත්  පත්ව සිටින බව කියමිනි.



අදහස් (0)

තේ මේසයේදී ම්නාලිගේ මූණ මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site