IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අඩි පුඩි ගහලා ගතමනාවත් නැතිව අතිනුත් තට්ටු වෙලා

කරන්දෙණිය - එම්. සුසිල් පියන්ත


කා බී, ජොලි කර, වැඩමුළුවකට සහභාගි වී රුපියල් තුන් දහසක් සාක්කුවේ දාගෙන එන්න ගිය අයකුට රුපියල් තුන්දහසත් නැතිව, රුපියල් දහතුන් දහසක් පාඩු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
හේ, අඩියට පුඩියට රුචිකත්වයක් දක්වන අයෙකි. පොඩි අඩියකින් ලොකුවට මත් වී සින්දු කවි කර කීමටත්, කවි සින්දු කර කීමටත් සමතෙකි. ඔය අල්ලපනල්ලේ වැඩමුළුවකට සහභාගි වන ලෙස ඔහුට ද ආරාධනාවක් ලැබිණ.
කෑම බීම සමග අඩි පුඩි ඇතුළුව රුපියල් තුන්දහසක් ද ලැබෙන බවට ඔහුට දැනගන්නට ලැබිණ. ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ යයි කියූ සේ, ඔහු ද මේ වැඩමුළුවට එක පයින් නොව දෙපයින්ම කැමැති විය.


එදා නිවාඩු දිනයක් වූ බැවින්, ඔහුගේ මේ ගමනට භාර්යාව විරුද්ධ වූවාය. ඒ, නිවෙසේ ඇති වැඩ කන්දරාව එදින දෙදෙනාත් එක්ක කරගැනීමට පුළුවන් නිසාවෙනි. “මොන පිස්සු ද, මේ ගමන ගියාම රුපියල් තුන්දහසක් හම්බ වෙනවා. ඒක මම ඔයාට දෙන්නම්.” කී විට, භාර්යාව ද ඊට එක පයින්ම කැමැති වූවාය.
වැඩමුළුවට ඔහු අනෙක් අයත් සමග ගියේය. ඒ සඳහා බස් රථයක් ද ඔවුනට සංවිධායකයන් සපයා තිබිණ. එම බස් රථයෙන් වැඩමුළුවට ගිය ඔහු වැඩමුළුව අවසන් වී එම බස් රථයෙන්ම ආපසු පැමිණෙමින් සිටියේය.
එසේ එන අතරතුර පොඩි ෂොට් එකක් දෙකක්, කඩල ඇටයක් දෙකක් කටේ දමාගෙන, දාගන්නට ඔහුට හැකි විය. මිනිහාගේ පදම පැන ගියේය. අපූරුම කෙනෙක් විය. සිංදු කිව්වේය. කවි කිව්වේය. භාර්යාවගේ ද පුරාව ගැසුවේය. ඒ විතරක්ම නොව, බැරි බැරි ගාතේ උඩ පැන පැන නැටුවේය.
ගමනාන්තය දක්වා එන විට රෑබෝ වී තිබිණ. මිනිහා බස් රථයෙන් බසින්නට සූදානම් විය. සාක්කුව අතගෑවේය. ඇස් දෙක අතගෑවේය. දෙයියනේ, කණ්ණාඩි දෙක නැත. ඒ අවස්ථාවේ හැටියට සෑම තැනකම සෙව්වේය. කණ්ණාඩි දෙක නැති තැන භාර්යාවගේ මුහුණ ද සිහියට මැවුණේය. දෙනවයි කියූ තුන් දහස ලැබුණේ ද නැත. රුපියල් දහතුන් දහසක් වියදම් කර හැදූ කණ්ණාඩි දෙක ද නැත. භාර්යාවට දැන් කියන්නේ මොනවා දැයි කියමින්, නිවෙසට නොගොස් ඔහු හූල්ල හූල්ලා සිටියේලු‍.



අදහස් (0)

අඩි පුඩි ගහලා ගතමනාවත් නැතිව අතිනුත් තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site