IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොත්තු ගහන්න ඇවිත් ගාණක් කඩාගෙන මාරුවෙලා

බිත්තර රොටි පරාටා කොත්තු සෑදීමට පුළුවන් යැයි පවසා පැමිණ පිටි ගුලියක් අනා තබා පැයකට පසුව ආපනශාලා හිමිකරු අන්දවා රුපියල් 5000 ක මුදලකුත් රැගෙන ගොස් ඇතැයි කියන අපූරු පුද්ගලයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ආපන ශාලාවකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක කාලයක් තිස්සේ බිත්තර රොටි, පරාටා, කොත්තු සාදපු බාස් මෑතක දී හදිසියේ පපුවේ අමාරුවක් සෑදී මිය ගියේය.
ආපන ශාලා හිමිකරු ද කොත්තු බාස්ගේ මරණය හේතුවෙන් කම්පනයට පත් වී දින කිහිපයක් වෙළඳසල ද වසා දමා අවමංගල්‍ය කටයුතුවලට ශ්‍රමයෙන් මිල මුදලින් උපරිම දායකත්වයක් ලබා දී කටයුතු කළේය. අවුරුදු 12 ක් තමා ළඟ හොඳට වැඩ කළා කියන්න තරම් වරදක් නෑ ශත පහක් වංචා කළේ නෑ. ඒ බාස් වගේ කෙනෙක් තමන්ට කවදාවත් ආයේ හමු වෙන එකක් නෑ.
ආපනශාලා හිමිකරු මිය ගිය කොත්තු බාස් ගැන සේවකයන් හමුවේ පැවසුවේ යළි ආපන ශාලාව විවෘත කළ පළමු දිනයේ හිතේ වේදනාවෙන්ය.


කෑම සෑදීමට පුළුවන් ගති ගුණ හොඳ විශ්වාසවන්ත  හිටපු බාස් වගේ කෙනකු සොයා දෙන ලෙස හිතවතුන් කිහිප දෙනකුට ආපන ශාලා හිමිකරු දුරකතනයෙන් දැන් වීය. කොත්තු බාස් කෙනකු වහාම ඕනෑ කර ඇත. ඉහළ වැටුපක් ගෙවන බවට ආපන ශාලා හිමිකරු ආපන ශාලාව ඉදිරිපිට පෙරවරුවේ පෝස්ටරයක් ද ප්‍රදර්ශනය කෙරිණි.
පැයකට පමණ පසුව පුද්ගලයකු ආපන ශාලාව ඉදිරිපිට පෝස්ටරය දැක ආපන ශාලාවට පැමිණ හිමිකරුගෙන් ඒ පිළිබඳ විමසීමක් කර ඇත. ආපන ශාලා හිමිකරු පසුව පුද්ගලයා ගෙන් පෙර රැකියාව කළ ස්ථානයේ හා පවුලේ තොරතුරු විමසීමක් කළේය.
තොරතුරු අසා දැන ගත් ආපන ශාලා හිමිකරු පුද්ගලයා පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමෙන් පසුව කළ යුතු වැඩ කොටස නවක කොත්තු බාස්ට මේසය ආසන්නයට ගොස් කියා පෙන්වා දුන්නේය.
බිත්තර රොටි පරාටාවලට පිටි අනලා පැත්තක තියලා ඊට පස්සේ බිත්තර ගෙඩි 100 ක් නගරයට ගිහිල්ලා අරන් එන්න ඕනෑ. ආපන ශාලා හිමිකරු නවක තරුණ කොත්තු බාස්ට කීය. සිනා මුහුණු වරකින් කොත්තු බාස් ආපන ශාලා හිමිකරුගේ ඉල්ලීම පිළි ගත්තේය.
පිටි අනා මේසයේ පසෙක තබා නවක කොත්තු බාස් ආපන ශාලා හිමිකරු⁣   සිටි කැෂියර් එක ආසන්නයට ගියේය. මෙතන රු5000 ක් තියෙනවා. නගරයේ තියෙන අහවල් බිත්තර වෙළඳසලෙන් බිත්තර ගෙඩි 100 ක් අරගෙන විගස ආපසු එන ලෙස දන්වා නවක කොත්තු බාස් බිත්තර රැගෙන ඒමට ආපන ශාලා හිමිකරු පිටත් කර යැව්වේය.
බිත්තර රැගෙන මිනිත්තු 30 න් ආපසු පැමිණිය හැකි වුවත් නවක කොත්තු බාස් නොමැති බව සේවකයකුට පවසා නවක කොත්තු බාස් සෙවීමට ආපනශාලා හිමිකරු සේවකයකු පිටත් කර යැවීය. සේවකයා බිත්තර වෙළඳසලට ගොස් බිත්තර ගෙඩි 100 ක් මිලට ගැනීමට කවුරු හරි ආවා ද? යන්න විමසීය. කිසිවකු නොපැමිණි බව බිත්තර වෙළෙන්දා පැවසීය.
ආපසු ආපන ශාලාවට පැමිණි සේවකයා බිත්තර ගැනීමට කිසිවකු බිත්තර වෙළඳසලට නොගිය බව ආපන ශාලා හිමිකරු හමුවේ පැවැසීය. ආපන ශාලා හිමිකරු කල්පනා කරන්නට විය. රුපියල් 5000 ත් නෑ පිටි ටිකත් අහක ආපන ශාලා හිමිකරු මිනිත්තුවෙන් මිනිත්තුව නවක කොත්තු බාස් ගැන කල්පනා කළේය.
 පැය දෙකකට ආසන්න කාලයක් නවක කොත්තු බාස් පැමිණෙයි යැයි බැලු‍ ආපන ශාලා හිමිකරු නොපැමිණීම නිසා පිටි ගුලිය අසල් වැසි ආපන ශාලාවකට එදින දුන්නේය. මිනිස්සු විශ්වාස කර කටයුතු කිරීම නරක බව තේරුම් ගෙන පසු දා සිට බිරියට කැෂියර් එක භාර දී කිසිම දවසක බිත්තර රොටි පරාටා කොත්තු සාදා නොමැති ආපන ශාලා හිමිකරු එදින සිට සිය දෑතින් අපූරුවට පිටි මිශ්‍ර කර කෑම ජාති සාදා මේ වෙන කොට අලෙවි කරන බව වාර්තා වෙයි.

කෑගල්ල අධිකරණ  චමින්ද වැවතැන්න

 



අදහස් (0)

කොත්තු ගහන්න ඇවිත් ගාණක් කඩාගෙන මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site