වැසිකිළියේ පෙම් හමුවටත් බාධකයක් වැටිලා පෙම්වතියගේ ඇරියුම පරිදි ඇය හමුවීමට ගිය පෙම්වතකුට අනපේක්ෂිත අන්දමින් සිදුවූ විජ්ජුම්බරයක් පොතුපිටිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ දී අනාවරණය විය. එකම ගමේ විසූ 19 හැවිරිදි තරුණියක් සහ විසි හැවිරිදි තරුණයෙක් වසර තුනක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් සිටියහ. එය වැඩිහිටියන්ගෙන් වසන් කරගෙන සිටීමට ද ඔවුහු සමත් වූහ. ඔවුන් එකිනෙකා හමු වී පෙම් සුව විඳීමට තෝරාගෙන ඇත්තේ එක් එක් ස්ථානය. සිද්ධිය වූ දින ඔවුන් හමුවීමට සැලසුම් කර තිබුණේ පෙම්වතියගේ නිවෙ 03 October 2023
කට දැවිල්ල වැඩිවෙලා: පොකට්ටුවටත් තට්ටුවෙලා කලකින් මුණගැසුණු මිතුරන් දෙදෙනකු මුහුදු හුළං වැදෙමින් හිරි පොදත් සමග සැන්දෑවක අවන්හලකට ගොඩ වැදුණේ මේ දෙදෙනා ආ වාහනය ද කිසිවකුට නොපෙනෙන ලෙස ගාල්කරමිනි. 02 October 2023
අම්මාගේ හැදුනුම්පත අරන්’ දුව කොල්ලෙක් එක්ක රවුම් ගහලා මවගේ ජාතික හැඳුනුම්පත රැගෙන පෙම්වතා සමග ලැගුම්හලකට ගිය තරුණියක පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. තරුණිය දකුණු පළාතේ වන අතර ඇයගේ පෙම්වතා වෙනත් ප්‍රදේශයක අයෙකි. දෙදෙනාගේ පදිංචි ප්‍රදේශ එකිනෙකාට දුර ප්‍රදේශ හේතුවෙන් එකිනෙකා හමුවීමට නොහැකි වී තිබුණි. තරුණිය ප්‍රදේශයේ ඇති උපකාරක පන්තියකට යන අවස්ථාවේ දී හමුවීමට හැකි ක්‍රමයක් පිළිබඳව දෙදෙනා එකතුවී සැලසුම් කළ අතර ඒ සඳහා දිනයක් ද යොදා ගත්හ. එම ගමනට පෙම්වතියගේ යෙහෙළියෝ දෙදෙනෙක් ද හා ඔවුන් 28 September 2023
මවගේ මළගමේ බර ඇද්ද පවුලේ බාලයාට නෑයන්ගෙන් දඩ කොළයක් සිය මවගේ මළගමදා අවශ්‍ය සියලු කටයුතු වෙනුවෙන් අතදිගහැර විය පැහැදම් කළ පවුලේ බාලයාට පවුලේ සෙසු සාමාජිකයන් විසින් සකස්කරනු ලැබූ වියදම් ලැයිස්තුවක පංගුවක් ගෙවීමටද සිදුවීමේ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබේ. සහෝදර සහෝදරියන් පස් දෙනකුගෙන් යුත් පවුලේ බාලයා වන ඔහු බෙහෙවින් සමාජශීලි පුද්ගලයෙකි. රජයේ රැකියාවක නිරත හෙතෙම සුළු ව්‍යාපාරික කටයුත්තක්ද කරයි. එහෙත් මුදල් වියදම් කරන්නේ සල්ලි ගස්වලින් කඩා ගන්නා දෙයක් සේ සිතාය. බාලයාගේ නොමසුරු බවෙන් උ 27 September 2023
ගෑනු කකුලක තෙල් ගාන්න ගිය වෙදාට පත්තු බදින්න සබ්බුවක් කාන්තාවකගේ කකුලක තිබූ ආබාධයකට බෙහෙත් තෙල් ගෑමට පැමිණි වෙදා අනවශ්‍ය තැන් අත ගෑමට ගොස් බඩ කට පිරෙන්න ගුටි බැට සංග්‍රහයක් ලැබීමේ පුවතක් ගාලු දිසාවේ ගමකින් වාර්තා වෙයි. මෙම කාන්තාවගේ කකුලේ අමාරුව කාලයක් තිස්සේ තිබුණු එකකි. නොයෙකුත් වෙද හෙදකම් කළත් කිසිදු සුවයක් නො ලැබිණි. එන්න එන්නම අසනීපය වැඩි වුණා මිස අඩුවීමක් නම් නොවීය. දිනක් බෙහෙත් තෙල් විකිණීමට යන වෙදෙක් අහම්බෙන් මෙන් මෙම කාන්තාවගේ නිවෙසට ද පැමිණියේය. තමා ගෙනා බෙහෙත් තෙල්වල වර්ණනාව මහ ඉහළින් ක 26 September 2023
කෙල්ලක් දිහා බලලා තිස් දාහකුත් පුදලා ලාබාළ තරුණියකගේ පහස විඳ ගැනීමට ගිය අම්බලන්ගොඩ ව්‍යාපාරියකුට වූ අලකලංචියක් අම්බලන්ගොඩ පොලීසියෙන් අසන්නට ලැබේ. ඔහු මාළු ව්‍යාපාරිකයෙකි. ගැටවරියන්ට ඔහු දැක්වූයේ දැඩි කැමැත්තකි. මේ තරුණිය ගැන දැන ගන්නට ලැබුණේ මිතුරකු මාර්ගයෙනි. ඇයගේ දුරකතන අංකයද ලැබිණ. තමා අසවලා යැයි හඳුන්වා දෙමින් ඔහු ඇය මුණ ගැසීමට වුවමනා බව දැනුම් දුන්නේය. තැන, වේලාව, දුරකතනයෙන්ම ඔවුහු කතා කර ගත්හ. ඒ අනුව සියල්ල සූදානම්ය. ව්‍යාපාරිකයා අදාළ ස්ථානයට එන විටත් තරුණිය කාමරයේ සිටියාය. ද 25 September 2023
පුතාගේ පෙළවහට සොයාගත් මනමාලියට මවගේ වයසත් පැනලා වසර කිහිපයක් තිස්සේ දැන හඳුනාගෙන සිටි මුහුණු පොතේ පෙම්වතිය සිය මවටත් වඩා වයසින් වැඩි තැනැත්තියක බව දැනගත් තරුණ පෙම්වතකු නෑ හිතවතුන් පිරිසක් මැද්දේ අසීරුතාවට පත් වූ බව කියන සිද්ධියක් පිළිබඳව පසුගිය දා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය. නව යොවුන් වියේ තරුණයෙකි. දුරකතනයටත් මූණු පොතටත් දැක්වූයේ පුදුම ඇල්මකි. දවසේ වැඩි හරියක් ගත කළේ මුහුණු පොතේ සැරි සරමිනි. මුහුණු පොතේ මිතුරියක හා ඔහු පෙමින් වෙලුණේ වසර කීපයකට පෙරය. දිවා රෑ දෙකේම පෙම් බස් දොඩමින් ඔහු ඇ 23 September 2023
පවුල් ආරවුලට තදවෙලා ළිඳට බැස්ස කත අඩියේ තනිවෙලා කාලයක සිට පැවැති පවුලේ ආරවුලක් හොඳින් හෝ නරකින් පිරිමසා ගැනීමට උපායක් ගැන නිරන්තරයෙන් කල්පනා කරමින් සිටි කාන්තාවකට අපූරු නුවණක් පහල විය. ප්‍රශ්නයක් ඇතිවුන විට ප්රශ්නයේ කෙළවර වන තැනත් ඉවසිය යුතු බවද ඇයට කල්පනා විය. අසන්නට ලැබුණ පරිදි ඒ කථාව මෙසේය. මෙම පුවත වාර්තා වූයේ බිංගිරිය ප්‍රදේශයෙනි. ඇය විවාහක කාන්තාවකි. නිතර දෙවේලේ සිදුවන පවුලේ ආරවුල් කෙළවරක් නොවන නිසා ඇය ජිවිතයෙන් සමුගැනීම සැනසීමක් බව සිතාගෙන කල් ගෙවමින් සිටියාය. කාගෙන් බේරුණත් අවසානයේ 23 September 2023
මඟුලේදී පොරොන්දුවූ ත්‍රිරෝද දෑවැද්ද නොගෙනාවට නැන්දයි ලේලියි ඇනගෙන මව්පියන් දෑවැද්දට දීමට පොරොන්දු වූ ත්‍රිරෝද රථය නොගෙනාවයි ලේලියත් සමග වචන හුවමාරුවකින් විරසක වී ඇතැයි කියන කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. කෑගල්ල ප්‍රදේශයේ කාන්තාවක රජයේ රැකියාවක් කරන 29 හැවිරිදි පිරිමි දරුවාට රජයේ රැකියාවක් කරන රුවැති මනාලියක සොයනවා යැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් මීට වසර දෙකකට පමණ ඉහතදී පළ කර තිබේ. මෙම මංගල දැන්වීමට දිවයිනේ නන් දෙසින් ලිපි 60 ට වැඩි සංඛ්‍යාවක් 23 September 2023
ඉඩමේ අයිතිය නිරවුල්කරගන්න කන්තෝරු ලොක්කාට පන්දම් මිටියක් දීලා දකුණු පළාතේ එක්තරා ගම්මානයක ජීවත් වූ මෝඩ පහේ ගැමියකු රජයේ නිලධාරියකුට දුන් පන්දමක් ගැන අපූරු කථාවකි මේ. ඔහු වයස අවුරුදු 45ක් පමණ විවාහක පුද්ගලයෙකි. දරුවන් තිදෙනකුගේ පියෙකි. වැඩිමල් පිරිමි දරුවා බැංකුවක සේවය කළ අතර අනෙක් ළමයින් නිවසේ පසු වූ අතර ඔවුහු රැකියා නොකළහ. පියාට රජයෙන් බලපත්‍ර මත ලබා දී තිබූ ඉඩමක මොවුන්, ජීවත් වූ අතර, නිවසද පැරණි අබලන් වූවකි. මව සහ පියා මිය යාමත් සමග නිවසේ අයිතියත් ඉඩමත් මෙම පුද්ගලයාගේ පරිහරණයට අයත් වූ අතර දරුවන් ස 23 September 2023
මඟුල්දා මනාලිය පැනගියාම කපුවාගේ දියණියට ඉල්ලමක් පෑදිලා ගමේ අහල පහළ නිවැසියන් වූ නිමල් හා සුමනා පාසල් වියේ සිටම එකට එක්වී සොයුරුදා මෙන් කාලය ගෙවුවත් වියපත් විමේ දී මේ දෙදෙනා ආදර වන්තයන් බවට පත් වූයේ නොදැනුවත්මය. මේ ගැන හාංකාවිසියක්වත් නොදත් සුමනාගේ මවුපියෝ ඇයට මඟුල් කපුවෙකුගේ යෝජනාවක් මගින් දුර බැහැර පළාතක තරුණයෙකුට ඇය විවාහ කරදීමට සියලු කටයුතු සුදානම් කළහ. නිමල් හා සුමනා අතර සම්බන්ධයක් ඇතැයි නිවැසියන් පවා සැක නොකරන ලද්දේ කුඩා කල පටන්ම ඔවුන් දෙදෙනා හිතවත්ව ඇසුරු කළ බැවිනි. 23 September 2023
අනියම් බිරියන් දෙදෙනෙක් නිවෙසට ඇවිදින් සැමියා ජරමරයක විවාහක බිරිය හා දරුවන් දෙදෙනා නිවසේ නොමැති අතරේ අනියම් සබඳතා පවත්වන කතක් වෙනුවට කතුන් දෙදෙනෙකු එකවර පැමිණීමෙන් ගෙහිමි සැමියා අසරණතාවට පත්ව මුදලට තට්ටු වූ පුවතක් ඇතුගල්පුරවරයට නුදුරින් පිහිටි රාජධානි බල කොටු පෙදෙසකින් අසන්නට ලැබුණි. සැමියා හා බිරිය දෙදෙනාම රාජ්‍ය සේවකයෝය. දරුවන් දෙදෙනා තවමත් පාසල් වියේ පසුවෙති. මේ නිසා සතියේ දිනවලදී බොහෝවිට නිවස වසා දමා තිබේ. සැමියා නිවසේ නැවතුණි. ඒ එදින නිවාඩුවක් දැමීම හේතුවෙනි. බිරිය සේවයට ගියාය. දුව හා පුතා පාස 23 September 2023
රෑ ගෙදරට ආ බෑනා හොරෙක් කියා පොලිසියට අල්ලා දීලා නිවෙසින් බැහැරට ගොස් රාත්‍රී කාලයේ නැවත පැමිණි දියණියගේ සැමියා හොරකු යැයි කෑගසා පොලිසියට අල්ලා දුන් නැන්දණියක පිළිබද අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. රූමත් දියණියක සිටින මැදිවිය පසුකරමින් සිටි අඹුසැමි යුවළකි. බිරිඳ නිවෙසේ සියලු කටයුතු පාලනය කළාය. දියණිය පාසලට සහ උපකාරක පන්තිවලට යන එන සෑම අවස්ථාවකම මවද ඇය සමග ගියාය. මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට යැයි දියණියට නවීන ජංගම දුරකතනයක්ද මවුපියෝ ගෙනවිත් දුන්හ. විභාග 22 September 2023
සාස්තරයක් අහලා පවුලටම හුනියමක් වෙලා ඔහු වයස අවුරුදු 56ක් පමණ වූවෙක් විය. කල් ගත වී විවාහ වීම නිසා දරුවෝ වයස අවුරුදු 12 සහ අවුරුදු 8 අතර වූහ. ස්ථිර රැකියාවක් නොකළ මොහු අක්කර බාගයක වූ තේ ඉඩමේ ආදායමෙන් සහ එදිනෙදා කරගෙන යන කුමන හෝ කුලී වැඩකින් ලැබෙන මුදලින් බිරිඳත් දරු දෙදෙනාත් ජීවත් කරවීමට මහත් වෙහෙසක් දැරීය. ධනවත් කෙමන් සහ යහපත් සරුසාර ජීවිතයක් ළඟා කර ගැනීමට සිහින දකිමින් සිටි ඔහු, තම අනාගතය කෙසේ වේදැයි විපරම් කර බැලීමට අත බලා ශාස්ත්‍ර කියන ශාස්ත්‍රකරුවකු හමු වූයේ කේන්දර මන් 21 September 2023
හොරෙන් ගෙනා පෙම්වතිය මිතුරා ඩැහැගෙන ගිහින් මුහුණු පොතෙන් හාදවී හොර රහසේ කැන්දාගෙන ආ පෙම්වතිය තම මිතුරා ඩැහැගෙන ගිය බැවින් ඇය ලබාදෙන ලෙස ඉල්ලා තරුණයකු පොලිසියේ පිහිට පැතූ පුවතක් අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. පොලිසිය පැවසූ අයුරින් සිද්ධිය මෙසේය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් අගලවත්ත ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු මුහුණු පොත හරහා හඳුනාගෙන ටික කාලයක් මිතුදම් පැවැත්වූවාය. එහිදී මිතුරන් දෙදෙනකු වූ තරුණයන්ගෙන් එක් අයකු තරුණියගේ පෙම්වතා ලෙසත් අනෙක් තරුණයා සාමාන්‍ය මිතුරකු ලෙසත් ඇසුරු 20 September 2023
හොර ගමනක් ගිහින් දවස් දෙකක් ඉස්තෝප්පුවේ ලගින්න වෙලා ගෙහිමියාට නිවෙස බාරදී බිරිඳත් දියණියත් නිවෙසින් බැහැරව සිටියදී නිවෙසේ යතුර නැතිකරගත් සැමියකු දින දෙකක්ම නිවෙසේ වැරැන්ඩාවට වී පරිප්පුවක් කෑමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. බිරිඳ සහ දියණිය දින තුනක සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබුණේ ප්‍රදේශයේ ජනප්‍රිය සුබ සාධක සමිතියක වාර්ෂික චාරිකාව නියෝජනය කරමිනි. නිවෙසින් පිටව යනවිට බිරිඳ තම සැමියාට කියා සිටියේ කෑමට බීමට අවශ්‍ය සියලුදෑ නිවෙසේ ඇති බවත්, උදේට රෑට 19 September 2023
නෝනා විකුණලා සැමියා පොලිසි ගිහින් ඇග විකිණීමට භාර්යාවට පුරුදු කොට වසර දෙකක් ගිය තැනේදී ඇය එයින් මුදවා ගැනීමේ අරමුණෙන් පැමිණිල්ලක් දැමීමට ආ අපූරු සැමියකු පිළිබද පුවතක් අම්බලන්ගොඩ පොලීසියෙන් ඇසේ. ඇය ඔහුත් සමග පැන ගියේ හද පානේය.වයස අවුරුදු දහ අටට ඔන්න මෙන්න තියා ඇය ඔහුගේ සහකාරියවූයේ එසේය. තමා ආදරයෙන් මත්වී සහේට ගත්තේ කුඩු කාරයකු බව ඇයට තේරෙන විට ඔහුට දාව කුසට දරු පැටියෙක් ද පැමිණ සිටියේය. ඒ නිසාම බැද ගත්ත බෙරය බිම නොතියාම ගහන්නට ඇයට සිදුවූවේ මව්පියන් ඇතුඵ සනුහරේම ඇය ඒ වනවිටත් පවුල 18 September 2023
‘ඩෝං’ සද්දෙන් මැඩම්ට ශිෂ්‍ය භටයන් තිත්ත වෙලා පුහුණුවීම්වලදී විදුහල්පති නිල නිවසේ විදුලි බුබුළ කුඩු වෙන්න වෙඩි වැදී ශිෂ්‍ය භටයන්ට වූ අලකලංචියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. දකුණේ ප්‍රසිද්ධ පාසලකි. මේ දිනවල පාසලේ ශිෂ්‍ය භටයන් පුහුණුවීම්වල යෙදෙනුයේ ළඟ ළඟ එන තරගාවලියක් සඳහාය. ඒ සඳහා ඔවුනට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේම නැත. දිවා කාලයේ මෙන්ම රෑ ද ඔවුහු පුහුණුවීම්වල නිරත වූහ. 16 September 2023
කෙස් ගස් දෙකකට විසිදාහක් වියදම් කරලා මීගහතැන්න ලිහිනියාව ප්‍රදේශයට ආසන්න දුෂ්කර ප්‍රදේශයක එක්තරා කාන්තාවක මුහුණ දුන් සිදුවීමකි. ඇය මැදිවියට ආසන්න වයසේ පසුවන්නියකි. මතුගම නගරයේ තරමක් ප්‍රසිද්ධ උත්සව ශාලාවක පවත්වන හිතවතකුගේ මංගල උත්සවයක් සඳහා ඇයට ද ආරාධනා ලැබී තිබිණි. දිගු කාලයකින් ලොකු මඟුල් උත්සවයකට සහභාගීවීමට ලැබුණු අවස්ථාව ගැන ඇය පසු වූයේ ඉමහත් ප්රීතියකිනි. කල් තියාම අවශ්‍ය ඇඳුම් ආයිත්තම් මිල දී ගත් ඇයට උත්සවය පැවැත්වෙන දිනය පැමිණෙන තුරු ඉවසුම් නැතිවිය. ඒ නිසාම නිතර නිතර සිය සම 15 September 2023
උසස් පෙළ කප්පිත්තා විදුහල්පතිගේ නම ඇහුවම හොල්මන් වෙලා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉකුත් දා නිකුත් කර තිබුණු ප්‍රතිඵල අනුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණත් පාසලේ විදුහල්පතිවරයාගේ නම නොදැන සිටි අපූරු ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් ඉකුත් දා කෑගල්ලෙන් වාර්තා විය. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. ඉකුත්දා නිකුත් කර තිබුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සබරගමුව ප්‍රදේශයේ පාසලක සිසුවෙක් ඉගෙනුම ලැබූ විෂයයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය. මාධ්‍යවේදීන් කිහිප 14 September 2023
පන්දමට තැන දෙන්න ගිහින් බිරිය වැඩ වරද්දාගෙන තෑගි ගෙනෙන අයට විශේෂ සැලකිලි කිරීමට දුන් උපදෙසක් වැරැදී සමාජ සේවකයකුගේ බිරියක් ලුණු ඇඹුල් ඇතිව සැමියාගෙන් බැනුම් අසා ගැනීමේ සිද්ධියක් වාර්තා වෙයි. හෙතෙම ගමේ සාමාන්‍ය පුද්ගලයකු වුව ද, සමිති සමාගම්වල ක්‍රියාකාරී නිලධාරියෙක් විය. ඒ නිසාම ගම්වැසියන් ඔහුට ඉතාමත් ගෞරවණීය විදිහට කතා කරන අතර, කුමන හෝ නීතිමය ගැටලුවකදී උපදෙස් ලබා ගැනීමට ද මොහු සොයා දිනකට එක්කෙනකු දෙන්නකු පැමිණීම සිරිතක් විය. 13 September 2023
සුද්දිගේ හාද්දට බිරියගෙන් තෑග්ගක් වැල්ලේදී සුද්දියකගෙන් අපරදිග ක්‍රමයට ලැබුණු ආචාර සමාචාරවලට ගෙදරදී භාර්යාවගෙන් පෙරදිග ක්‍රමයට කොසු උත්තමාචාරයක් ලැබූ තැනැත්තකු පිළිබඳව දකුණු මුහුදු බඩ තීරයේ ගමකින් අසන්නට ලැබේ. ඇය එංගලන්තයේ සුදු කතකි. නිවාඩුවට ලංකාවට ආවේ ඊයේ පෙරේදාය. ඇය දකුණු වෙරළට ගියේ ඇවිදින්නටය. සුන්දර වෙරළ තීරය අසුන්දර වී තිබෙනු දුටු ඇයගේ පපුව පත්තුවිය. වැල්ල පිරිසුදු කිරීමට ශ්‍රමදානයක් සංවිධානය කළේ මේ වෙනුවෙන් තමන්ට කළ හැකි දේ කිරීමටය. සුදු අය මෙන්ම අපේ අයගේ සහභාගීත්වයෙන් වැ 12 September 2023
ලොකු පුටුවකට හොරෙන් පනින්න ගිහින් නොන්ඩිවෙලා රාජ්‍ය ආයතනයකට අනුබද්ධ කමිටුවක ප්‍රධාන තනතුරක් ගන්නට යෙදූ උප්පරවැට්ටියක් ගැස්සීයාමෙන් ඔහුට කමිටු සාමාජිකයන්ගේ උසුළු විසුළුවලට ලක්වීමට සිදුවූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. එය දකුණු පළාතේ එක්තරා ප්‍රසිද්ධ නගරයකි. එහි පිහිටි රාජ්‍ය ආයතනවල සංවර්ධන කටයුතු කිරීම සඳහා ඒ ඒ ආයතනවලට අනුබද්ධව විවිධ කමිටු පිහිටුවා ගනු ලැබීය. මේ නගරයේ වූ විශ්‍රාමික රාජ්‍ය සේවකයන් දෙදෙනකු මේ සෑම කමිටුවකම විවිධ නිලතල ලබාගත්තේ අනෙක් නගරවාසීන්ට තමන්ගේ ලොකුකම පෙන්වීමටය. පසුගියදා 11 September 2023
අනාගත බෑනාගේ බතුයි මසුයි කිරියි සංග්‍රහයෙන් විවාහය දෙදරලා විවාහ කර ගැනීමට අපේක්ෂිත යුවතියගේ මව පියා සහ සොහොයුරාට අමුතු බතක් දීමට ගොස් විවාහය කඩාකප්පල් කර ගත් ගොවි තරුණයෙකු පිළිබඳ කතාවක් කැබිතිගොල්ලෑව පළාතේ ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ඔහු තරමක් මෝඩ පහේ ගැමි තරුණයෙකි. එහෙත්, හේන් කුඹුරු වැඩ මනාව කළ නිසා අගහිඟකමක් නැත. මෙම තරුණයාට නුදුරු ගමකින් තරුණියක විවාහ කර ගැනීම සඳහා මංගල යෝජනාවකින් සැලසුම් කර තිබුණි. දිනක් තම ගම් ප්‍රදේශයේ සිට එම තරුණියගේ මව පියා සහ සහෝදරයා කිසියම් පෞද්ගලික කටයුත්තක් සඳහා ග 09 September 2023
සොරාගත් රන්බඩු ආපහු ජනේලෙ උඩට ඇවිදින් නිවසේ අල්මාරියක තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා රත්රන් භාණ්ඩ සොරකම්කර මාසයකට පසුව එම නිවසේම ජනේලයක් මතට ආපසු පැමිණීමේ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. වැඩිහිටියන් සහ දූ දරුවන් සියල්ල රජයේ සහ පෞද්ගලික අංශයේ උසස් රැකියාවල නිරතවන පිරිසකි. ඔවුහු නවීන පන්නයට ඉදිකළ නිවසක ජීවත් වූහ. යාන වාහන කීපයක් ද ඔවුන් සතු වූ අතර ප්‍රධාන මාර්ගයට සැතපුම් කිහිපයක් දුරින් නිවස පිහිටා ඇති අතර නිවැසියන් ගමන් බිමන් යාමේ දී සහ රැකියාවලට යන අවස්ථාවල දී වා 09 September 2023
බාලයාට උඩින් ගිය වැඩිමලා දානෙක හිරවෙලා තම මවගේ මරණයේ අවසන් කටයුතු හා හත් දවසේ දානය බාල සොහොයුරෙකු විසින් ඉතාමත් ඉහළින් සිදු කිරීම සම්බන්ධයෙන් උරණ වූ එම පවුලේ වැඩිමල් සහෝදරයා මවගේ තුන් මාසයේ දානය පවුලේ කිසිවෙකුටත් නොකියා තනිවම සිදු කිරීමට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳ කතාවක් වයඹ පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. වයඹ පළාතේ පිහිටි කලක් විශාල පොලිස් වසමක් ලෙස නම් දැරූ ප්රදේශයකි. සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා පොලිස් නිලධාරියෙකි. ඔවුන්ගේ මව ජීවත් වූයේ මෙම බාලයාගේ නිව 09 September 2023
කලිසම උඩින් සරම මනාලයාට ඇබැද්දියක් හැමදාමත් අඳින සරම වෙනුවට මඟුල් කපුවාගේ ඉල්ලීමට මනාලිය බැලීමට යාමේ දී කලිසමක් අඳින්නට සිදුවීමෙන් තරුණයකුට මුහුණ පාන්නට සිදුවූ ඇබැද්දියක් පිළිබඳව දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. එතරම් උගත්කමක් නොතිබුණ ද මවුපියන්ගෙන් උරුම වූ ගොඩමඩ ඉඩම් කඩම් වගා දිගා කරගෙන ජීවත් වන හෙතෙම ධෛර්ය සම්පන්න තරුණයෙකි. කල වයස ද ඉක්මවමින් තිබෙන බැවින් මවුපියන්ගේ බලවත් ඇවිටිලි කිරීම මත විවාහයක් ගැන සිතීමට ඔහුට සිදුවිය. මඟුල් කපුවකු ගෙනා විවාහ යෝජනා කීපයක්ම අ 09 September 2023
පෙම්වතා මවගෙන් සොරාගෙන පෙම්වතියට දුන් රන් මාලය ඇයටම ආපසු දීලා පියාත් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරතා මැද හදා වඩාගත් තම එකම පුතු කරදඬු උස් මහත් වූ පසු පාසල් කාලයේ දීම තම මවගේ රන් මාලය සොරාගෙන පෙම්වතියට ලබාදීමෙන් පසු පෙම්වතිය එය නැවත පෙම්වතාගේ මවට ලබා දුන් සිදුවීමක් පසුගිය දිනක එක්තරා ප්‍රදේශයකින් වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. එක් මවක් තම තරුණ කාලයේ දීම තම සැමියා මිය යාමෙන් පසු තම පුංචි පුතු ද සමග ජීවත් වූයේ බොහෝ දුක් කම්කටොළු තම හිස මත දරා ගනිමිනි. තම දරුවා වෙනුවෙන්ම මුළු ජීවිතයම කැපකළ ඇය වෙනත් විවාහයක් 09 September 2023
වගා හානි වන්දි ඉල්ලන අයැදුම්පතට උප්පැන්න-විවාහ සහතිෙකත් අමුණලා නියඟය නිසා සිදුවූ වගා හානිවලට වන්දි ලබාගැනීමේ අයදුම්පත සමග විවාහ සහ උප්පැන්න සහතිකවල පිටපත් අමුණා භාරදුන් අපූරු ගොවි යුවළක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. කුඹුරු අක්කර පහකට ආසන්න ප්‍රමාණයක් යල මහ දෙකන්නයේ වගාකරන ගොවි යුවළක් සිටින අතර වගාවට වැය වන මුදල් කළමනාකරණය කිරීම සහ සහනාධාර පොහොර ලබා ගැනීම සහ ගොවි සංවිධාන රැස්වීම්වලට සහභාගී වීම බිරිය සිදු කළාය. සැමියා මුදල් ඉපයීම සඳහා දැඩි මහන්සියෙන් යුතුව කටයුතු කළ අතර බිරිය මුද 09 September 2023
ලක්ෂ 32 ක රන් බඩු කුණු ලොරියට දන්දීලා නිවසේ සියලු දෙනාට අයත්ව තිබූ රුපියල් ලක්ෂ තිස් දෙකක් පමණ වටිනා ස්වර්ණාභරණ වැඩි ආරක්ෂාව සඳහා පියා විසින් මුළුතැන් ගෙයි බඳුනක සඟවා තිබියදී දියණිය එම බඳුන රන් භාණ්ඩද සමඟ කසළ එකතු කරන ලොරි රථයට බාර දීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගරයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මෙම නිවෙසේ මව, පියා සහ දියණිය පමණක් සිටිති. පසුගිය දිනෙක පියාට සහ මවට හදිසි ගමනක් යාමට සිදුවී ඇති අතර එම අවස්ථාවේ නිවෙසේ දිය 08 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026