ගලහ ඩබ්ලිව්.ඒ. අසේල
නිවසේ මේසය මත තිබූ රුපියල් හැත්තෑපන්දහසක් වටිනා තම මුද්ද නොමැති බව දැක ඒ බව ගෙදර සිටි මෙහෙකරුගෙන් විමසීමේදී එක් වරම ඔහුට දේවාරූඪයක් ඇඟට විත් දේව දිෂ්ටියෙන් මෙම මුදුව නිවසට පැමිණ වෙනත් අයකු විසින් ගෙන ගොස් ඇති බවටත් දින අනූවක් ඇතුළත නැවත මුද්ද ලැබෙන බවත් පැවසූ පුවතක් ගලහ පුපුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.
පුපුරැස්ස ලැගුම්දෙණිය ප්‍රදේශයේ පදිංචි නිවෙස් හිමි මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා හා දරුවන් දෙදෙනා විදේශගතවී ඇති බැවින් තමා තනිවම නිවසේ වාසය කරන නිසා නිවසේ වැඩට කාන්තාවක නිවසේ නතර කරගෙන ඇත.
ඇය හදිසියේ අසනීප වී ප්‍රතිකාර ගැනීමට මාසයකට පමණ පෙර නිවසින් ගිය බැවින් තනිව නිවසේ වැඩ කර ගැනීමට අමාරු නිසා දන්නා හඳුනන පුද්ගලයකු මාර්ගයෙන් ගලහ ප්‍රදේශයේ පදිංචි පිරිමියකු නිවසේ වැඩ ගෙන්වාගෙන ඇත.
මැයට කොළඹ ප්‍රදේශයේ ද නිවසක් ඇති නිසා එම නිවසට ගොස් දින දෙකකින් පමණ නැවත පුපුරැස්ස නිවසට ආ අතර නිවසේ පහත මාලයේ ප්‍රධාන කාමරයේ මේසය මත තිබූ මුදුව නොමැති බව දැක ඇත. එම මුදුව ඇයගේ මව විසින් ඇයට ලබා දුන් එකක් බව ද ඇය පවසයි.
පසුව නිවසේ මෙහෙකරුගෙන් තමාගේ නැතිවූ මුද්ද පිළිබඳ විමසා ඇති අතර ටික වෙලාවකට පසු ඔහු එක් වරම දේවාරූඪයෙන් දිෂ්ටි වී මෙම මුද්ද නැතිවීමගැන තොරතුරු පවසා ඇත. එහිදී දේවාරූඪයෙන් පවසා ඇත්තේ නිවසට පැමිණි පුද්ගලයකු මුද්ද රැගෙන ගොස් ඇති බවත් දින අනූවක් තුළ නැවත මෙම මුද්ද ලැබෙන බවත්ය.
දිගින් දිගටම මෙහෙකරුගේ ක්‍රියා කලාපය පිළිබඳ සැක සිතුණු නිසා මුද්ද නැතිවීම පිළිබඳ පුපුරැස්ස පොලිසියට මැය විසින් පැමිණිලි කර ඇති අතර නිවසේ මෙහෙකරු පුපුරැස්ස පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට ඇත.
එහිදී මෙහෙකරු පවසා ඇත්තේ එම මුද්ද තමා සොරකම් කළ බවත් මහනුවර ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කළ බවත්ය. ඒ අනුව පුපුරැස්ස පොලිසියේ නිලධාරි කණ්ඩායමක් ගොස් උකස් මධ්‍යස්ථානයේ තිබූ මුද්ද ලබාගෙන ඇති අතර අදාළ සැකකරු සමග මුදුවද ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සොරකමෙන් බේරෙන්න බොරු ආරූඪයක් අරන්