IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ඇදුම්වලින් මාටියා ගහලා කටඋත්තර නැතිවෙලා

කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


බටහිර තූර්ය වාදන කණ්ඩායම් භාර ගුරුවරියක් හොර බිල් දැමීමේ සොරකමක් අපූරු උපක්‍රමයකින් සොයා ගත් විදුහල්පතිවරයෙකු පිළිබඳ පුවතක් කරන්දෙණියේ පාසලකින් අසන්නට ලැබේ.
කෘතහස්ත විදුහල්පතිවරයෙකි. සිය විදුහලේ ඉන්නා ගුරුවරුන් පිළිබඳව මනා දැනුමක් ඇත්තෙකි. විදුහලේ බටහිර තූර්ය වාදක කණ්ඩායම භාර ආචාරිනිගේ සැකසහිත වැඩ මේ විදුහල්පතිවරයාට ඇල්ලු‍වේම නැත. ඇය හැම වෙලාවේම කල්පනා කළේ සිය වෘත්තියෙන් මාටියා පාරක් ගසා කීයක් හරි යටිමඩි ගසා ගන්නය. විදුහල්පතිවරයාද මේ බව දැන සිටියේය.
සිය විදුහලේ තූර්ය වාදක කණ්ඩායමේ සිටින ළමයින් සඳහා නිල ඇදුම් මැසීමේ කාර්ය භාරය ඇය කිසිදු පැකිලීමකින් තොරවම භාර ගත්තාය. මේ ගුරුවරිය ටිකක් දුර ප්‍රදේශයෙන් මේ ඇඳුම් මසන්නකු මේ සඳහා සොයා ගත්තාය. ඇඳුම් ටික මැසිණ. තූර්ය වාදක ළමයි සඳහා මැසූ ඇඳුම්වල ගාස්තුව ඇතුළත් බිල්පත විදුහල්පතිවරයාට ලැබුණේය. ඒ එම ගාස්තුව ගෙවීම සඳහාය. බිලෙහි සඳහන් ඇඳුම් තොගයේ ඇඳුම් පාසලට නොලැබුණු බව විදුහල්පති සිය නුවණට දා ගත්තේය. බිලෙහි වූ මුදල ගෙවීම ඔහු මදකට නතර කර ගත්තේය.


බිල්පතේ සඳහන් ඇඳුම් මසන්නා සොයා විදුහල්පතිවරයා හෙමිහිට කාටවත්ම නොකියා ගියේය. ඒ වෙන විදුහලක විදුහල්පතිවරයකු ලෙසය ආරූඪ කරගත් විදුහලේ විදුහල්පතිවරයා තමා බවත් සිය විදුහලේ තූර්ය වාදක කණ්ඩායම සඳහා ඇඳුම් මැසීමේ කොන්ත්‍රාත්තුවක් දීමට තමා පැමිණි බවත් ඔහු ඇඳුම් මසන්නාට කීවේය.
ඒ විතරක්ම නොව මේ ළඟදී සිය විදුහල ආසන්නයේ විදුහලකට තූර්ය වාදක කණ්ඩායමට ඇඳුම් විස්සක් මැසුවේ තමා බවද විදුහල්පතිවරයා ඔහුගෙන් අසා සිටියේය. ඒ ආරංචිය නිසා සිය විදුහලේ ඇඳුම් මැසීමට ඔහුට දීමට තමා ආ බවද විදුහල්පතිවරයා තවදුරටත් කීවේය. ඒ විදුහලට ඇඳුම් විස්සක් නම් මැහුවේ නැහැ. දාහතයි මැහුවේ යැයි ඇඳුම් මසන්නා කීවේය. හා එහෙමද ඒ විදුහලට දුන්නු ගාණටම අපිටත් ඇඳුම් මහලා දෙන්නකෝ යයි කී විදුහල්පතිවරයා එතනින් පිටවී පැමිණියේ දෙදෙනාගේ දෙබස් සිය ජංගම දුරකතනයේ පටිගත කරගෙනය.
බටහිර තූර්ය වාදක කණ්ඩායම භාර ගුරුවරියට විදුහල්පති කාමරයට කැඳවීමක් ලැබුණේ පහුවදා උදේමය. මිස් බටහිර තූර්ය වාදක කණ්ඩායමට අලු‍තින් ඇඳුම් කීයක් මැහුවා ද ප්‍රශ්නය විදුහල්පතිගෙන්ය. ආ සර් අලු‍තින් ඇඳුම් තිස් පහක් මැහැව්වා නේ, ඇයි බිලේ ඇතිනේ පිළිතුර ගුරුවරියගෙනි.
හැබැයි මිස් මේ ඇඳුම් මහපු කෙනානම් කිව්වේ ඇඳුම් දාහතයි මැහැව්වේ කියලා, බලන්න බොරුනම් මේ ඔහු කීදේ යයි කියා විදුහල්පතිවරයා තමාගේ ජංගම දුරකතනයේ එදා පටිගත කළ සංවාදය දැම්මේය. ගුරුවරියට කට උත්තර නැතිවිය. ඇය මේ සිදුවීමෙන් පසුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලකට මාරුවී ගියාලු‍.



අදහස් (5)

ඇදුම්වලින් මාටියා ගහලා කටඋත්තර නැතිවෙලා

himal Monday, 24 June 2024 11:51 AM

මේක නම් ගොතපු කතාවක්ද කොහේද? කණ්ඩායමේ කී දෙනක් ඉන්නවාද කියලා මුලින්ම ගණන් කරා නම් ඔච්චර දුර යන්න ඕන් නෑනේ. ඒ නිසා කොහොමත් වැඩිපුර ගාණක් මහන්න දෙන්නේ නෑ. ඒක ඕනෑම කෙනෙක් දන්නවා. අනික 17ක් මහලා 35කට බිල දැම්මාම, ඇඳුම් ගෙනාවාම මාට්‍ටු වෙනවා. මහපු කෙනා එක්ක හොරට බිලක් දැම්මා නම් ඒ මනුස්සයා 17යි නේ... මැහුවා කියන්නෙත් නෑ. වෙන බිලක් ගෙනාවා නම් එක කෝල් එකෙන් ඒකත් මාට්‍ටු....

:       1       20

fairoos Monday, 24 June 2024 12:48 PM

ප්‍රින්සිපල්ටත් කීයක් හරි දීලා තිබ්බා නම් වැඩේ හරිනේ මිස්... !

:       4       5

Nilantha Tuesday, 25 June 2024 01:53 PM

ගොතපු කතාවක්... මිල වැඩිපුර දානවා මිස ඇදුම් ප්‍රමාණය වැඩිය දාන්නෙ නෑනේ

:       0       7

Lahiru Tuesday, 25 June 2024 05:51 PM

මම‍ ⁣ඔය‍ ගමේ කෙනෙක්. හොරා කන විදුහල්පතිලා හොරකමට විරුද්ධ ගුරුවරු එක්ක තරහයි.ගානක් හොයල දෙන අය තමයි හොද ඔය කියන විදුහල්පති මේ දවස් වල‍ නිසි අනුමැතිය නොමැතිම පාසල තුල ලමයින්ගෙන් ⁣එක එක දේවල් වලට මුදල් එකතු කරනවා.. හොයල බලන්න බොරු නම්

:       1       3

Kumara Tuesday, 25 June 2024 07:58 PM

අධ්‍යාපන ආමාත්‍යාංශ බලධාරීනි මේ පාසලේ විදුහල්පති හෝ ගුරුවරුන් මුදල් අවභාවිත කරන්නේ දැයි නොපමාව සොයා බලන්න..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16949 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 670 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site