IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පොල්කටු අස්සේ නයා දැක පරණ බඩු ලොරිය ඉගිල්ලිලා

රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි


ඉවතලන යකඩ බඩු, පොල් කටු හා පරණ පත්තර ආදිය එකතු කිරීමෙහි යෙදී සිටි පිරිසක් පොල් කටු ගෝනියක් තුළ සිටි නයකු දැක මහත්සේ බියට පත්ව, බඩු එකතු කිරීම ද පසෙක තබා, පැමිණි වාහනයෙන් වහා පිටව යාමේ පුවතක් අඟු‍රුවැල්ල නගරයට නුදුරින් පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි.
යකඩ ඇතුළු ඉවතලන පරණ බඩු එකතු කිරීම සඳහා තිදෙනකුගෙන් සමන්විත මෙම පිරිස සති දෙකකට පමණ වරක්‍ මෙම ගම්මානයට ද පැමිණීම පුරුද්දක් ලෙස කරගෙන ගොස් ඇත. ප්‍රධාන පාරෙන් අතුරු පාරක් දිගේ ගමන් කළ විට හමු වන මෙකී ගම්මානයේ ඔවුන් දැන හැඳිනගත් කිහිප දෙනෙක් ද සිටියහ.
එසේ තිබියදී පසුගිය දිනෙක වාහනයෙන් පැමිණ ගම්මානයට ඇතුළු වූ ඔවුහු ගෙයක් ගෙයක් පාසා ගොස් බඩු එකතු කිරීමෙහි නිරතව සිටියහ. එහිදී එක් නිවැසියකු පවසා ඇත්තේ, පොල් කටු ගෝනි තුනක් තමා සතුව ඇති බවත්, ඒවා විකුණා දැමීමට තීරණය කර ඇති බවත්ය.


ඒ බැව් ඇසූ බඩු එකතු කරන අයවලු‍න්, ගණන් කිරීම සඳහා පොල් කටු ගෝනි තුන ගෙනැවිත් මිදුලේ හලන ලෙස ඔහුට පවසා තිබේ. ඒ අනුව ගෙහිමියා ද නිවෙස පිටුපස තිබූ පොල් කටු ගෝනි තුන රැගෙනවිත් එකිනෙක මිදුලට හලා ඇත. එහිදී පළමු ගෝනියේ තිබූ පොල් කටු ගණන් කිරීමෙන් පසු ගෙහිමියා දෙවැනි ගෝනිය ද මිදුලට හලා ඇත. එවිට ඔවුන් සැම දෙනාම පුදුමයට පත් කරමින් සාමාන්‍ය තරමේ නයකු පිඹිමින් පෙණය පුප්පා පොල් කටු අතරින් හිස ඔසවා ඇත. එම දර්ශනය දුටු පිරිස දැඩි ලෙස බියට පත්වීමෙන් පසු පළමුව ගෙහිමියා ගෙතුළට දිව ගොස් තිබේ. එවිට බඩු එකතු කරන්නන් ද පණ බයේ වාහනයට දිවගොස් වහා ගමෙන් පිටව ගොස් තිබේ.
මෙම සිදුවීමෙන් පසු මේ වනතුරුත් බඩු එකතු කරන වාහනය ගමට නොපැමිණි බව මෙහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ ගම්වාසීහු පවසා සිටියහ.

 



අදහස් (0)

පොල්කටු අස්සේ නයා දැක පරණ බඩු ලොරිය ඉගිල්ලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1753 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site