IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අයියගේ දුවගේ මඟුලදා ‘කචල් මල්ලි’ වටේ යවලා

එක කුස උපන් සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මවුපිය දෙදෙනාම නැත. එහෙත් වැඩිමල් සහෝදරයා දුක්  මහන්සියෙන් බාල සහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමි විය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපීපෙනෙන පුද්ගලයෙකු බවට පත්විය.
දැන් අයිය මලෝ තරුණයන්ය. අයියා සහ මල්ලි අතර ඇතිවූ සුළු  අමනාප නිසා මල්ලි ගෙදරින් පිටව ගියේය. එසේ ගොස් හිතුවක්කාර ලෙස විවාහයක්ද කර ගත්තේය. එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචිවූයේද මහ ගෙදර  අසලමය. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වූයේ ‘කචල් මල්ලි’ කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලි  පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.
මේ අතර අයියාගේ දියණියට විවාහ යෝජනාවක් සිදුකෙරිණි. දියණිය බැලීමට මනමාලයෙකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල් වන අතර තමන්ගේ පවුල්වලද එවැනි අය සිටින බවය.
අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත්කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරකුට කතාකොට උපදෙසක් පැතීය.“හරි මම බලා ගන්නම්’’ කියූ මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගත්තේය.


මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුර කතනයට ඇමතුමක් ලැබුණේය.“ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරීමේ  සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම නිර්දේශ කර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.’’ යනුවෙන් පැවසූ කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු‍ විස්තර අසා ගත්තාය.
මෙවැනි මුදලක් තමාට ලැබේයයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙන තුරුම බිරිඳ සමග කතා කළේය. “දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුළුවන්’’ ඔහු සිතුවේය. දුරකතන ඇමතුමෙන් කියූ විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. එනිසා උදේ රැයින්ම අලු‍ත් සරමක් සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත් විය.
උදේ දහය වන විට කොළඹට පැමිණි ඔහු දුරකතනයෙන් කියූ මං සලකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකි වූ නිසා තමාට ඇමතුම දුන් දුර කතනයට කතා කළේය.


“මහත්මයා පාර වරද්දාගෙන දැන් ආපස්සට එන්න. ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනව විශාල ගොඩනැගිල්ලක් ඒකේ දෙවැනි තට්ටුවට  එන්න. “ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවතී එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියෙකු පැමිණ ඔහු එළවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුරකතනයට කොතෙක් කතා කළත් පිළිතුරු නැත. එය ක්‍රියා විරහිතය
දැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්නට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට දැනිණි. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම්පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ආවේය. ගමට එනවිට හොඳටම රෑ බෝවෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොළට ගිය ඔහු වෙනදා මෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතා ගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු‍ කටයුතු ඉතා හොඳින්  අවසන්ව තිබිණ.

උණවටුනේ ඩී.ජී. සුගතපාල



අදහස් (0)

අයියගේ දුවගේ මඟුලදා ‘කචල් මල්ලි’ වටේ යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site