IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුලිය හිලව් කළාට හොර පොල් කඩලා

හසලක සුනිල් ඒකනායක


ගෙවත්තක පොල් ඵලදාව සහ ගම්මිරිස් ඵලදාව කැඩුවාට නියමිත කුලී මුදල් නොගෙවූ නිසා එදින රාත‍්‍රියේ ගෙවතු හිමියාගේ ගෙවත්තෙන් දෛනික කුලියට සරිලන ලෙස පොල් සොරකම් කරගෙන ගිය අයෙකු පිළිබඳ සිද්ධියක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තාවෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. එදිනෙදා කුලී රැකියාවෙන් උපයා ගන්නා මුදලින් බිරිඳ ඇතුළු දරුවන් තිදෙනෙකු ජීවත් කරවන 34 හැවිරිදි වියේ පසුවෙන මත්වතුර හෝ මත්ද්‍රව්‍ය භාවිතයට නොගන්නා චාම් දිවි පෙවෙතක් ගත කරන ගමේ අයගේ සිත් දිනාගත් අයෙකි. ලැබෙන ඕනෑම කුලී වැඩක් කිරීමට දක්ෂතාවක් ඇති නිසා ප‍්‍රදේශයේ පමණක් නොව පිට ප‍්‍රදේශවලින් පවා ඔහුට කුලී රැකියාවන් ලැබීම සාමාන්‍ය තත්වයකි. පොල් කැඩීමට, පුවක් කැඩීමට හෝ වෙනත් අවශ්‍යතාවලට ගස් නැගීමටද ඔහු දක්ෂයෙකි.


මෙදින අසල ගමක පදිංචි සුළු තේ වෙළෙඳ සලක හිමිකාරියකගෙන් ලැබුණු ආරාධනයෙන් කියැවුණේ ඇයගේ ගෙවත්තේ ඇති ගම්මිරිස් ඵලදාව සහ පොල් ඵලදාව කඩා දෙන ලෙසයි. ඒ අනුව හිමිදිරියේම එම ගෙවත්තට ගොස් පළමුව ගම්මිරිස් කඩා ඉන් අනතුරුව පොල් ගස්වල ගෙඩි කඩනු ලැබිය. ගම්මිරිස්වලින් ඉහළ අස්වැන්නක් ලැබී තිබිණි. බිම හෙලූ පොල් ඵලදාවද එසේමය.
සියලු කටයුතු නිමාවීමෙන් පසු ඇය ඔහුට කුලී මුදල ගෙවන අවස්ථාවේදී තම කඩෙන් ණයට ගත් බඩුවලට හා විටින් විට ණයට තේ පානය කළ මුදල කපා දැමූ පසු ඔහුට ලැබීමට ඉතිරිවූයේ සොච්චම් මුදලකි. මේ මුදලෙන් සවස නිවසට යන විට බිරිඳ උදේ අතට දුන් බඩු තුණ්ඩුවට බඩු රැගෙන යාමටද ප‍්‍රමාණවත් නොවන බව දැණුන හෙයින් ඒ පිළිබඳව වෙළෙඳසැල් හිමිකාරියට පැවසුවත් ඇය දුන් මුදල හැර වෙනත් කිසිදු මුදලක් ඔහුට දුන්නේ නැත. මෙම වෙළෙඳසල් හිමිකාරිය තම කඩෙන් මාසික බිලට බඩු ගන්නා අයට මාසික එකතුවට ඉතා ඉහළ පොලී මුදලක් එකතු කරන කාන්තාවක් බවද ප‍්‍රකටය.
ඔහුට ඇය ගැන කලකිරීමක් මෙන්ම දැඩි කෝපයක්ද ඇති විය. “හා බලා ගනිමුකෝ.” යැයි තමාටම කියාගත් ඔහු සවස නිවසට ගොස් රාත‍්‍රිය උදාවූ පසු පෙරලා දවල් කාලයේ පොල් කැඩූ ගෙවත්තට පැමිණියේය. රැගෙන ආ මල්ලට පොල් ගෙඩි 10ක් 15ක් දමාගෙන නිවස බලා ගොස් පසු දින වෙනත් ගමක වෙළඳ සලකට එම ගෙඩි විකුණා මුදලක් ගත් බවත් එම පොල් සොරකම කළේ සොරකමකට නොව තමන්ට නිසි පරිදි දෛනික කුලී මුදල නොගෙවීම නිසා බවත් තම හිතවතුන්ට පැවසුවේ සිද්ධිය ගමට ආරංචි වී තමන්ට නරක නාමයක් ගමෙන් ලැබීමට පෙර බවද ඔහු මිතුරන්ට පවසා ඇත



අදහස් (0)

කුලිය හිලව් කළාට හොර පොල් කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site