ගම්පහ අධිකරණ - උපාලි රණවීර
කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන් සමථයට පත්ව තිබේ.
නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ නිවෙසකින් වාර්තා වන මෙම සිද්ධියට අනුව නිවෙසේ ගෑස් ළිප ළඟට මෙම මෝදක ගුලිය පැමිණියේ කෙසේ ද යන්න ප්‍රධානතම ගැටලුව බවට පත්ව තිබිණ.
කෙසේ වෙතත්, බිරිය සැමියාගෙන් ඒ ගැන විමසීම් කළ ද, එයට නිසි පිළිතුරක් නොලැබීම හේතු කරගෙන ඔවුන් දෙදෙනා අතර මෙම ආරාවුල හටගෙන තිබේ.
තව ද, මෙම ආරාවුල අතරතුරදී මීයකු ද නිවෙසේ වැටී දඟලමින් සිටීම ඔවුන්ගේ ගැටුමට විසඳුම බවට පත්ව ඇත.
එවිට සැමියා පවසා ඇත්තේ, මීයා කොහේ හරි තිබුණ මෝදක ගුලියක් තම නිවෙසට රැගෙනවිත්, එයින් කොටසක් ඌ කා දමා ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වූ තර්ක විතර්ක අවසන් වූයේ මීයා පිට වරද පැටවීමෙන් අනතුරුවය.
දෙදෙනාම ගත් තීරණය නිසා එම ආරාවුල සමථයකට පත්ව තිබිණ.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්